ආන්දෝලනාත්මක රූප රචනා වලින් සින්දු Hit කරගන්න එක තමයි මේ දවස් වල අලුත්ම Trend එක. ඒත් මේ Trend එකට හදන සමහර Music Videos නම් පවුලේ අයට එකට ඉඳන් බලන්න බැරි තත්වයේ ඒවා. ඒ වගේ Music Video එකක් ‘රතු තොල් ‘ නමින් ලඟදී චමූ ශ්‍රී කලා. ඒ සින්දුවට ගොඩක් අය දොස් කිවුවා. ඒ අපේ සංස්කෘතියට නොගැලපෙන දර්ශණ සහ සිදුවීම් ඒ Video එකේ තිබුනා කියලා.
දැන් අපි කියන්න යන අළුත්ම Music Video එකත් කරලා තියෙන්නෙ චමූ. මේ Music Video එක නම් කරලා තියෙන්නේ ‘ මතු සසරේ ‘ නමින්. ඉතිං මේ Video එක ගැන කතාකරන්න ඕන දෙයක් තියෙනවා කියලා අපට පෙනුනා. ඒ නිසාම ඔබ වෙනුවෙන් මේ Video එක ගේන්න සියත 24 අපි සූදානම්.
මේ Music Video එකෙන් චමූට කියන්න ඕන වෙලා තියෙන්නෙ ඔබේ සැබෑ ආදරයට රූපය වැදගත් වෙන්නෙ නෑ කියල තමයි. ඔබම තීරණය කරලා බලන්න චමූගේ ඒ උත්සය සාර්ථකද කියල. පහත Link එකෙන් ගිහින් ඔබට Video එක නරඹන්න පුළුවන්.