News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

ශ්‍රීපාදස්ථානයේ නම වෙනස් කරයිද?

3856 Views


ශ්‍රීපාදස්ථානයේ නම වෙනස් කරයිද?

ශ්‍රී ලංකාවට බුදුන්වහන්සේ තුන්වරක් වැඩි බවට අපේ ඉතිහාසය සාක්ෂි දරනවා. මේ ස්ථාන අතරින් අපේ ලාංකීය ජනතාව පූජනීයත්වයෙන් සලකන එක් ස්ථානයක් තමයි ශ්‍රී පාදස්ථානය. මෙතනට බෞද්ධ , ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම් භේදයක් නැතුව ගොඩක් දෙනා කරුණා කරනවා. වෙනත් විනෝද චාරිකා යන විදිහට නෙමෙයි ගොඩක් දෙනා මෙතනට වන්දනාවේ යන්නේ. මොකද අපේ වැඩිහිටියන් කියන විදිහට මෙතනට යන්න කලින් කට වරද්දගන්නවත් හොඳ නෑ. හොඳට පේ වෙලා තමයි වන්දනාවට සහභාගි වෙන්න ඕන.

ඉතින් 2017 අවුරුද්දේ සිරිපා වාරය ආරම්භ වෙන්න නියමිත වෙලා තියෙන්නෙ මේ උඳුවප් පෝයට. ඉතින් අපට ආරංචියක් ආවා මෙච්චර කාලයක් පාවිච්චි කල ‘ශ්‍රීපාදස්ථානය’ කියන නම වෙනස් කරන්න යනවා කියලා. ඒ ‘ ශ්‍රී ගෞතම ශ්‍රීපාදස්ථානය ‘ කියලා. හැබැයි ඉතින් මේක ස්ථිර වශයෙන්ම සිද්ධ වෙනවද කියල තාම කිසිම පාර්ශවයකින් දැනුම් දීල නෑ .

 


News Articles
Latest Videos
Most Popular Post