කොටියා කියන සතා අයිති වෙන්නේ බිළාල එහෙමත් නැත්තන් බළල් පවුලට. දැනට ඉන්න කොටියන්, වර්ග වලින් ගත්තොත් ඉන්නේ ඉතා අඩු ප්‍රමාණයක්. මේකට හේතුව වෙන්නේ මෙයාලගේ පරිණාමයත් එක්ක ඇතිවුන සුවිශේෂ ලක්ෂණ නිසාම මෙයාල වඳවීමේ තර්ජනයට මුහුණදීලා තියෙනවා. මෙහෙම වඳ වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මිනිසා විසින් දඩයම් කිරීම. මෙයාල දඩයම් කරලා මුලිකවම ගන්නේ හම, නිය, දත් වගේ දේවල්. මේ නිසාම කොටියා , ව්‍යාග්‍රයා කියන සත්තු සංරක්ෂණය කරන්න ගොඩක් රටවල් කටයුතු කරනවා.
මේ විදිහට කොටියන් වෙනුවෙන්ම වෙන් කෙරුණු දූපතක් ඕස්ට්‍රේලියානු මහද්වීපයේ තියෙනවා. මේ දූපතේ නම Tasmanian. මේ දූපත ලංකාවට වඩා වර්ග කිලෝමීටර් 4 කටත් වඩා ලොකුයි. මේ දූපත වනෝද්‍යාන රැසක් තියෙන ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙන දූපතක්. ඒකට ප්‍රධානතම හේතුව තමයි මෙහෙ විශේෂිත වුන සතුන් බහුල වීම. පුල්ලි තියෙන කුරු සත්තු වන Tasmanian Devil, Kangaroo සහ Kola ගොඩක් ජනප්‍රියයි.
මෙයාලට අමතරව Tasmanian Tiger කියන සතා සුවිශේෂී සතෙක්. මොකද මෙයා කොටියෙක් කිව්වට ගෙවල් වල ඇති කරන විශාල සුනඛයෙකුගේ ප්‍රමාණයට සමානයි. වකුටු වුන ශරීරයක් තමයි මෙයාට තියෙන්නේ. හිස් කබල සහ හකු ප්‍රදේශය ගොඩක් ශක්තිමත්. දඩයම් කරන්නම පිහිටපු තියුණු දත් ඇන්දකුත් මෙයාට තියෙනවා. හැබැයි මෙයාට තියෙන එකම දුර්වලකම තමයි ඇඟේ තියෙන ශක්තිය අඩුකම. ඒකට හේතුව වෙන්නේ ඍජු ශරීරයක් මෙයාට නොමැති වීම. ඒ වගේම තවත් විශේෂත්වයක් මෙයාට තියෙනවා. ඒ තමයි ශරීරයේ පිටුපසට වෙන්න තියෙන ඉතාමත් ඝන සුදු සහ කළු පාට ඉරි රටා.

බළල් කුලයට තියෙන ලක්ෂණ වලට අමතරව ඉරි සහිත වීම මෙයාට ආවේ කොහොමද කියන එක නම් තාමත් ප්‍රශ්නයක්. සමහරු කියන්නේ ක්ෂීරපායි සතුන් කිහිපදෙනක් දෙමුහුන් වෙලා මෙහෙම වෙන්න ඇති කියලා. ඒ නිසාම බළල්, සුනඛ සහ වෘකයන්ගේ ලක්ෂණ Tasmanian Tiger ට ලැබිලා තියෙනවා.
මිනිසාගේ තර්ජන නිසාම මේ වෙනකොට Tasmanian Tiger වඳවෙලා ගිහින්. Tasmanian Tiger අවසන් වතාවට ඉඳලා තියෙන්නේ 1936 දී Hobart සත්තුවත්තේ. මේ අවුරුද්දෙන් පස්සේ සත්වවේදීන් කොච්චර උත්සහ කලත් මේ වර්ගේ එක සතෙක්වත් Tasmanian දූපතෙන් හොයාගන්න බැරි වෙලා තියෙනවා.
එත් හරියටම අවුරුදු 81 කට පස්සේ මේ අවුරුදේදී ඕස්ට්‍රේලියාවේ North Queensland ප්‍රදේශයෙන් Tasmanian Tiger සතෙක් වාර්තා වුනා කියල Video එකක් ඇවිත් තියෙනවා. ඒ වගේම ඊට මාසෙකට විතර පස්සේ තවත් Video එකක් දකුණු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ ගෙදරකට ආපු Tasmanian Tiger කෙනෙක්ගේ හැසිරීම් එක්කම. මේ නිසාම දැන් එක Tasmanian Tiger එක්කෙනෙක් හරි අල්ලගන්න කියලා අධි සංවේදී කැමරා 100 ක් සැකකටයුතු තැන්වල ස්ථානගත කරලා.

කොහොම වුනත් Tasmanian Tiger කියන්නේ අතීතයේ ජිවත් වුන, දැනට හොයාගන්නවත් නැති අපූරු සතෙක්. මිනිසුන් වන අපේ වැරැද්දෙන් නැති වුන මේ සත්තු හොයාගන්න කරන උත්සාහය වගේම ඉන්න සත්තු ටික සහ ගහකොළත් පරිස්සම් කරන්න ඕන.
https://www.youtube.com/watch?v=p2kNVKidNRo