අද 2017 ඔක්තෝම්බර් මාසයේ 07 සෙනසුරාදා
රාහු කාලය: පෙ.ව 08.58 සිට 10.29
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: නැගෙනහිර

කාර්යබහුලත්වය වැඩි උත්සව අවස්ථාවකට සහභාගී වීමේ හැකියාවක් තිබෙන මංගල්‍යමය ගමන් බිමන් වැඩි රසවත් ආහාර පාන ලැබෙන දිනයක්. අන්‍යන්ට සරණ වීම් අනුන්ගේ දුක සැප සෙවීමට ගොස් තරමක් සුළු සුළු ප්‍රශ්න ගැටළු මතු වීමටත් ඉඩ තිබෙනවා. ඒවගේම ගෙදර දොරට අමුත්තන් පැමිණෙන අතර උනන්දුව උත්සාහය වැඩියෙන් ඇතිවන දිනයක්. ඔබගේ කටයුතු කීපයක් සාර්ථක කර ගන්නට හැකියාවක් ලැබෙනවා.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 03

උනන්දුව උත්සාහය ක්‍රියාශීලි බවක් ඇතිව දවස ගෙවෙන අතර අලංකාරය සම්බන්ධයෙන් යම් යම් දේ මිලදී ගන්න ගෙදර දොරට බඩුමුට්ටු මිලදී ගන්න වියදමක් දැරීමට සිදු වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය තුලින් ඔබට සාර්ථකත්වය ලැබීමක් හෝ නව අධ්‍යාපන ක්‍රමයක් අනුගමනය කිරීමටද හැකියාව ලැබෙනවා. අලුත් අදහස් මතුවෙන අතර උසස් අය ගෙදරට පැමිණෙන උසස් අයගෙන් ගෞරවය ලැබෙන දිනයක්.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 05

ලැබීම අතින් යහපත් වෙනවා. හදිසි ධන ලාභ ලැබෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවතාවයක් හෝ අලුත් අදහස් ඇතිව පටන් ගැනීමක් විදේශගත වීමට අරමුණු ඇත්නම් එයද සාර්ථක කර ගැනීමට ඔබට හැකියාවක් තියෙනවා. ගෙදරීන් බැහැරව යම් යම් කටයුතු කිරීමටද හැකියාව තිබෙන නිසා කාර්යබහුලත්වය වැඩියි.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 05

කාර්යබහුලත්වය වැඩියි වගේම එක තැනකට වී සිටීමට නොහැකි තාවයක් ඇති වෙනවා. අලුත් අදහස් අලුත් වැඩ කටයුතු කීපයක් කර ගැනීමට හැකියාව තිබෙන අතර ඥාතීන්ගේ කටයුතු සාර්ථකව කර ගැනීමට ඔවුන්ගේ ඕනා එපාකම් වලට වියදම් කිරිමකටද සිදු වෙනවා. අතමිට මුදල් ඉක්මනින් වියදම් වෙනවා. නමුත් ඔබ ව්‍යාපාරයක් කරන්නෙක් නම් අද දිනය තුලදී එයින් ජයග්‍රහණයක් ලැබිය හැකි වෙනවා. තත්වය බලය ආරක්ෂා කර ගැනීමට හැකියාවක් තියෙනවා.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 02

උත්සාහය උනන්දුව ක්‍රියාශීලි බවක් ඇතත් කරගෙන යන්නාවූ වැඩ කටයුතු යම් පමණින් බාධා වීමටද ඉඩ තිබෙන දිනයක්. අලංකාරය උදෙසා යම් යම් දේ කිරීමට මිලදී ගැනීමට හැකියාවක් පවතින අතර කාර්යබහුලත්වය වැඩියි. දුර බැහැර ගමන් බිමන් පුන්‍යකාමි සිතුවිලි ඇතිවන නිසාම ඒවායින් වන්දනා ගමන් ආදිය ඇති වීමට ඉඩ තිබෙනවා. බොහෝ විට එක තැනකට වී සිටීම අසීරුවන අතර ගෙදරින් බැහැරව කටයුතු කීපයක් සිදු වෙනවා.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 05

අද දිනය තුලදී ඔබට යහපත් කටයුතු කීපයක් කර ගැනීමටද දුර දිග සිතාබලා කටයුතු කිරීමද තුලින් ඔබගේ දියුණුව ඇති වන දිනයක්. අලුත් අදහස් මතු වේවි. අලුතෙන් යමක් එකතු කර ගන්න ජීවිතය ගැට ගහ ගන්න හැකියාවක් පවතිනවා. ව්‍යාපාරික තත්වය සුභවාදී වන අතර දරුවන්ට ඥාතීන්ට උසස් ලෙස සංග්‍රහ කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ඒවගේම සිතට සහනයක් සැනසීමක් ලැබෙන ආගමික පසුබිමකට යොමු වීමටද ඉඩ තිබෙන දිනයක්.
ජය වර්ණය: තද කොළ පැහැය ජය අංකය: 05

ජයග්‍රහණ කීපයක් සමගින් ලැබීම ඇතිවන දිනයක්. අතමිට මුදල් ගැවසේවී. හදිසි ධන ලාභ සහිතයි. ඒවගේම යමක් කිරීමට පෙර දුරදිග සිතා බැලීම තුලින් ඔබට අද වාසනාවක් පාදා ගැනීමේ හැකියාවක් තියෙනවා. බොහෝ විට අනවශ්‍ය අය ඇසුරින් ප්‍රවේසම් විය යුතුයි. අනවශ්‍ය පැටලිලි නින්දා අපහාස මතුවීම නිසා සවස් යාමයේ තරමක් කලබලකාරී ගති ඇතිවේවි. ආගමනුකුලව ප්‍රතිපත්ති රැකීම තුලින් ඔබට අද දිනය තුලදී යහපතක් හිමි වෙනවා. සවස් යාමයේ වැඩ කටයුතු රාශියක් ඇති වේවි.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 03

උත්සාහය උනන්දුව ක්‍රියාශීලිබවක් ඇතිවන අතර අලුත් අදහස් මතු වෙනවා. කරගෙන යන්නා වූ වැඩ කටයුතු ආයෝජන කටයුතු යහපත් ආකාරයට කර ගැනීමත් විදේශගත ව්‍යාපාරික අත්දැකීම් ලැබීමටත් ඒවගේම නව ව්‍යාපාරයක් ඇරඹීමත් ඔබට සිදු වීම තුලින් අද දිනය තුලදී යහපත් බවක් උසුලන අතර දරුවන්ගේ කටයුතුද සාර්ථකව නිමා කර ගන්නවා. සතුරන් මිතුරු බවට පත් වේවි. ඔවුන් ලඟට එන ගතියක් ඇති වේවි. අද ඔබගේ තත්වය බලය ආරක්ෂා කර ගන්නවා.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 06

ධෛර්ය ශක්තිය බලය පෙන්වා ඉදිරියට යාමේ හැකියාවක් තියෙනවා. වෙනදට වඩා උද්‍යෝගය උනන්දුව අසරණයන්ට සරණ වීම තුලින් ඔබගේ තත්වය උසස් බවට පත්කර ගැනීමට හැකියාවක් තියෙනවා. අලංකාරය සම්බන්ධයෙන් යම් යම් දේ මිලට ගැනීමට හෝ ගමන් බිමන් යාමට අද දිනය තුලදී ඔබ යොමුකර ගන්නවා. එක තැනකට වී සිටීමට අපහසුතාවයක් නිසා ඔබ වැඩ කටයුතු රාශියක් ඉටු කර ගන්න වෙහෙසන බවක් පෙන්නුම් කරන අතර ඥාති හිතවතුන්ගේ සංග්‍රහයක් යොමු වෙනවා.
ජය වර්ණය: කහ පැහැය ජය අංකය: 09

වෙනදට වඩා තරමක් උද්යෝගිමත් වුවත් ඔබට මිල මුදල් සම්බන්ධයෙන් තරමක් වෙහෙසීමට සිදු වෙනවා. ඒ වගේම අන්‍යන්ගේ ප්‍රශ්න ගැටළු මතු වීමත් අස්ථාන ගත චෝදනා වලින් චිත්ත පිඩා මතු වීමට ඉඩ තිබෙනවා. අලුත් යමක් කිරීමට හෝ ව්‍යාපාරික අත්දැකීමක් හෝ නීති ප්‍රශ්නයකට පිළිතුරු සෙවිමකට ඔබ අද යුහුසුළු වෙනවා. බාහිර අයගේ මතභේද නිසා ඔබට චිත්ත පිඩා මතු වේවි. ගමන් බිමන් යාමේදී ප්‍රවේසම් විය යුතුයි. පාද ආශ්‍රිත රෝග හෝ හදිසි අනතුරක් හෝ සුළු බාධාවක් ඇති නිසා ගමන් බිමන් යාමේදී කල්පනාකාරී වන්න. රථ වාහන ගමන් කරද්දී ඔබ තරමක් බුද්ධිමත් වන්න.
ජය වර්ණය: කහ පැහැය ජය අංකය: 09

උත්සාහය උනන්දුව ක්‍රියාශීලිබවක් ඇතිව දවස ආරම්භ වේවි. අලුත් අදහස් මතුවන නිසා ඔබට නවතාවයකින් යුතුව දවස ආරම්භ කරමින් ඔබගේ වැඩ කටයුතු කීපයක් සාර්ථකව කර ගැනීමට හැකිවෙනවා. පිනට දහමට සිතුවිලි උපදින අතර අන්‍යන්ගේ හිත හොඳකම ලබා ගැනීමට ඔබ උත්සහ කරනවා. හිතවතුන් මැද සතුටින් කාලය ගෙවන්නටත් පුළුවන්. පිනට දහමට සිතුවිලි යොමු වෙනවා. ඔබට ඔබගේ තත්වය මතම කටයුතු කිරීමට හැකි වෙනවා. වියදම් වැඩි වේවි. පුජක පක්ෂයේ අයගෙන් ඔබට යහපත් ප්‍රතිචාර ලැබෙනවා.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය: 09

උත්සාහය උනන්දුව ක්‍රියාශීලිබවක් ඇතිව දවස ආරම්භ කරන අතර ඔබගේ තත්වය බලය ආරක්ෂා කර ගන්නවා. ඒ වගේම බාහිර අයගේ චිත්ත පිඩා තුලින් ඔබට කලකිරීම බාධාව ඇතිවන නිසා ඔවුන්ගෙන් ඈත් වීම හෝ ඥාතීන්ගෙන් හිතවතුන්ගෙන් තරමක් එන්නාවූ ප්‍රශ්න ගැටළු වලට විසදුම් සෙවීමට යාමෙන් වැළකිය යුතුයි. නීති ප්‍රශ්නයක් හෝ නඩුහබ පැටලිලි ඇති අය අද දිනය තුලදී එවැනි දේවල් වලින් ප්‍රවේසම් වන්න. අලුත් අදහස් මතු වේවි.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 02
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී: චින්තා වික්‍රමසිංහ
දුරකථන අංකය: 011 2 50 93 86