එක එක ප්‍රශ්න නිසා කියලා, ජිවිතේ නැති කරගත්ත අය ගැන අපට පහුගිය දවස් ටිකේ වැඩිපුර වාර්තා වුනා. ඒ වගේම මේ අය එයාලගේ ජිවිතේ නැති කරගන්න අනුගමනය කරපු ක්‍රමත්, තැනුත් එකිනෙකට වෙනස්. මේ කියන්න යන කතාවත් වෙනස්ම විදිහට සියදිවි හානි කරගත්ත ලෝකෙම දැනගෙන හිටපු කෙනෙක් ගැන. කසිනි කිව්වම ඔබගේ මතකයට එකපාරටම එන්නේ නැති වුනත්, නාසා ආයතනයෙන් සෙනසුරු ග්‍රහයාට යවපු කසිනි කිව්වොත් නම් ඔබට මතක් වෙනවා නේද? ඔව් අපි මේ Video සහිතව ඔබට ගේන්නේ එයාගේ සියදිවි නසා ගැනිම.
අවුරුදු 20ක් පුරාවට සිදු කල අභ්‍යවකාශ මෙහෙයුමක් ඉවර කරලා කසිනී 2017 සැප්තැම්බර් 15 වනදා සියදිවි නසාගෙන තියෙනවා. ඒ සෙනසුරුගේ වායුගෝලයට ඇතුල්වීමෙන්. මේක අපට දැකගන්න බැරි නිසා නාසා ආයතනයෙන් පහුගිය දවසක මේ සිද්ධිය සජීවිකරණ වැඩසටහනක් විදිහට එළිදැක්වුවා. කසිනි සෙනසුරුගේ වායුගෝලයට කඩා වැටිලා තිබුනේ පැයට සැතපුම් 77,000 ක් තරම් වේගයකින් . මේ සිද්ධියෙන් පස්සේ කසීනි යානාවේ සියලූ සංඥා සම්පුර්ණයෙන් විසන්ධි වුනා. ඒ වගේම නාසා ආයතනයේ තවත් එක අභ්‍යාවකාශ මෙහෙයුමක් සාර්ථකව ඉවර වුනා.
කසිනිව හදන්න ඩොලර් බිලියන 4 ක් වැය කරලා තිබුණා. කසීනි විසින් සෙනසුරු ග‍්‍රහයා ගැන අපට ලබාදුන් දැනුම විශ්මිතයි. සෙනසුරුගේ දැවැන්ත කුණාටු තත්වයන් ඊට දර්ශණය වුනා වගේම වළලු පද්ධතිය ඉතාමත් සමීපව පටිගත කරගෙන තිබුණා. සෙනසුරුගේ චන්ද්‍රයන් ජීවයට හිතකර තත්වය තියෙනවා කියලත් හෙලිකලා . කසීනි අභ්‍යවකාශගත කිරිමට කලින් ඉඳලම නාසා ආයතනය කසිනිගේ අවසානය තීරණය කරලා තිබුණා.
තවත් ටික දවසකින් කසිනිගේ ඉන්ධන ඉවරවෙන්න තිබුන නිසා නාසා ආයතනය කසිනිව සෙනසුරුගේ වායුගෝලයට ඇතුල් කිරීමට කටයුතු කලා. ඒ නිසා ක්ෂණිකව වාශ්ප වෙලා යන්න ඇති කියල තමයි නාසා ආයතනය කියන්නේ.
පහලින් තියෙන්නේ ඒ සංවේදී Video එකේ Link එක. මේ Video එක බලපු ගොඩක් අය අඬලා තිබුණා.