News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

අඟහරු මත ලාවා වලින් හැදූ නළ පද්ධතියක්, එයාලා අපිටත් වඩා දියිණුයිද?

2100 Views


අඟහරු මත ලාවා වලින් හැදූ නළ පද්ධතියක්, එයාලා අපිටත් වඩා දියිණුයිද?

අඟහරු ලෝකයෙන් කවදාවත් බලාපොරොත්තු වුනේ නැති විදිහේ දෙයක් හොයා ගන්න විද්‍යාඥයින් පිරිසකට හැකිවෙලා තියෙනවා. ඒ ජෝන් හෝකින්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක්. ඔවුන් නාසා ආයතනයේ පරණ ඡායාරුප නැවත පරික්ෂා කලා. මිට අවුරුදු 15 කට පමණ පෙර ලබාගත් අඟහරුගේ ඡායාරුප වලට අවධානය යොමු කරද්දී ඔවුන් විශ්මිත දෙයක් දැක්කා. ඒ ඡායාරුප වලින් ඔවුන් දැක්කේ අඟහරුගේ සමකයට ආසන්නයේ තිබුන විශාල අයිස් තැන්පතුවක්. ඔවුන් කියන්නේ ඒ අයිස් තට්ටුව මිටර් 3000 ක් විතර ඝණකමක් තියෙනව කියලා. ඉදිරියේදී සිදු කිරීමට නියමිත අඟහරු මෙහෙයුම් වලට එය ඉතා වැදගත් සාධකයක්. මොකද මේ නිසා  පෘථිවියේ සිට අඟහරු වෙතට වතුර අරගෙන යන්න අවශ්‍ය වෙන එකක් නෑ. ඒ වගේම අඟහරුගේ සමකය ආසන්නයේ වූ අයිස්වලින් ලබා ගන්නා වතුර වලින් පැලෑටි වවන්න පුළුවන්, උපකරණ සිසිල් කර ගැනීම හා බොන්න වගේ වැදගත් දේවල් රැසක් කරගන්න පුළුවන් වේවි. මීට කලිනුත් අඟහරුගෙන් ජලය හමුවෙලා තියෙනවා. එත් සමකයට ආසන්නව මේ තරම විශාල අයිස් තැන්පතුවක් හොයාගන්න පුළුවන් වුන පළවෙනිම අවස්ථාව තමයි මේක.

ඒ වගේම ඔවුන් තවත් සොයාගැනීමක් කරලා තියෙනවා. ඒ විශ්ව විද්‍යාලයකින් කරපු අලුත්ම සමීක්ෂණයකින්. අනාගතයේදි අඟහරු මත ඉදි කරන මිනිස් ජනාවාසවලට ලාවා නල හරහා අඟහරු මත සංචාරය කරන්න පුළුවන්. ලාවා නල කියන්නේ අඟහරු මත, ලාවා ගලා යාම නිසා අඟහරු පුරාවට ඇතිවෙලා තියෙන ස්වභාවික භූගත උමං ජාල පද්ධතියක්. ඒවා වලට විකිරණ වලින් ගගණගාමින් ආරක්ෂා කරගැනීමට සුවිශේෂි හැකියාවක් තියෙනවා. ඒ නිසා අනාගත අඟහරු මෙහෙයුම් වලදී එම ලාවා නළ ඉතාම ප්‍රයෝජනවත් වේවි. සමහර ලාවා නළ කොච්චර විශාලද කියනවනම් සම්පූර්ණ ගෙයක් වුනත් ඒ නලය ඇතුලේ ඉදිකරන්න පුළුවන්. අඟහරු මත තියෙන එම ලාවා නළ මිටර් 250 ක් තරම් පළලකින් යුතු වෙනවා. එම නිසා අනාගතයේදී අඟහරු මත ඉදිවන මිනිස් ජනාවාසයන් කුහුඹු ජනපදයක පෙනුම ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post