ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවස අද. ලංකාව පළවෙනි ඉනිමට රැස් කල ලකුණු 481 ක ඉලක්කය හඹා යන පාකිස්තාන කණ්ඩායම ඊයේ තරඟය නතර කරද්දී ලකුණු 51 ක් ලබාගෙන හිටියා.
අද දවසේ පළවෙනි කඩුල්ල විදියට මසෝඩ් ලකුණු 16 කට දැවී ගියා. සමී ලකුණු 39 යි. සොහයිල් ලකුණු 38 කට දැවී ගියා. ලංකාවේ පිතිකරුවන් සියලු දෙනාම ලංකාවේ ඉනිම ගොඩනැගුවා වගේම පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ දස්කම් දැක්වීම විශේෂත්වයක්. රාත්‍රී අාහාරය සදහා තරඟය නතර කරද්දී පාකිස්තාය කඩුලු 4 ක් දැවී ලකුණු 153 ක් ලබාගෙන හිටියා. ලක්මාල්, හේරත්, ගමගේ සහ දිල්රුවන් එක් කඩුල්ල බැගින් දවා ගත්තා. තරඟය මේ වෙද්දිත් ලංකාවට වැඩි ගෞරව ලබාගෙන තියෙන්නෙ. හැබැයි ක්‍රිකට් කියන්නෙ අවිනිශ්චිත ක්‍රීඩාවක්. අන්තිම පන්දුව වෙනකන් ජය පරාජය තීරණය කරන්න බෑ. කොහොම වුනත් ලංකාවේ හැමෝගෙම පැතුම සිංහයන්ගේ ජයග්‍රහණය.