News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

පොලිසියේ සිටින මිනිස් දෙවිවරුන්ගේ පිහිටෙන් යාපනයේ දමිල මවක් පොලිස් නිල රථය තුල දරුවෙක් ප්‍රසූත කරයි. අද මුලු යාපනයම සිංහලයන්ට ස්තූති කරන හේතුව මෙන්න. – Exclusive

2415 Views


පොලිසියේ සිටින මිනිස් දෙවිවරුන්ගේ පිහිටෙන් යාපනයේ දමිල මවක් පොලිස් නිල රථය තුල දරුවෙක් ප්‍රසූත කරයි. අද මුලු යාපනයම සිංහලයන්ට ස්තූති කරන හේතුව මෙන්න. – Exclusive

අම්ම කෙනෙකුට දරුවෙක් ලැබෙද්දි දැනෙන වේදනාව ගොඩක් වැඩියි. ඒ වගේම දරුවෙක් ඉපදෙන අවස්ථාව කියන්නෙ ඒ අම්මගෙ වගේම ඉපදෙන දරුවගෙත් ජිවිතය ගැන තීරණය වන අවස්ථාවක්. ඉස්සර ගෙවල් වලදි අම්මලට දරුවො ලැබුනත් දැන් දැන් දරුවො ලැබෙන්න අම්මව රෝහලටම එක්කගෙන එන්නෙ ඒ අවධානම අඩු කරගන්නයි. හැබැයි පහුගිය කාලෙ අපිට අහන්න දකින්න ලැබුනා රෝහලට යන අතරමඟ, බස් එකේ, දුම්රියේ, කුලී රථයේ දරු ප්‍රසූතීන් සිද්ධ වුන අවස්ථා.

මේ වගේම ඊයේ උදෙත් රෝහලට යන අතරමඟ මවක් තමන්ගෙ දරුවව ප්‍රසූත කලා. හැබැයි කලින් වුණ මේ වගේ සිද්ධි වලට වඩා මේ සිදුවීම ගැන වැඩි දෙනෙක්ගෙ අවධානය යොමු වෙලා. ඒකට හේතුව තමයි මේ මව යාපනයේ ජිවත් වන දමිළ කාන්තාවක් වීම සහ ඇයගේ දරු ප්‍රසූතියට උදව් කලේ සිංහල පොලිස් නිළධාරීන් වීම. එ වගේම මෙ දරු ප්‍රසූතිය සිද්ධ වුනේ පොලිස් නිළ වාහනයකයි.

මේ සිද්ධිය වාර්තා වෙන්නේ යාපනයේ, වඩුක්කෝට්ටේ ප්‍රදේශයෙන්. ජෙගධිශ්වරන් එක්ක ඔහුගේ බිරිඳගේ පළමු දරුවා ලැබෙන්න තමයි නියමිත වෙලා තිබුනේ. මෙයාලගේ ගෙවල් තිබුනේ යාපනය තුලිකුර්ම් ප්‍රදේශයේ. දරුවා ලැබෙන්න ප්‍රසුත වේදනාව ජයරූබිට ආව වෙලාවේ ජෙගධිශ්වරන් කලේ ලඟම තිබුන ත්‍රිරෝද රථයක් ගෙදරට ගෙන්වගන්න එක. ඒ ගෙදර ඉඳන් කිලෝමීටර් 11 ක් දුරින් තියෙන යාපනය රෝහලට ඔහුගේ බිරිඳව අරගෙන යන්න. බිරිඳව ත්‍රිරෝද රථයට දාගත්ත ජගදිශ්වරන්ට ගෙදර ඉඳන් රෝහලට යන්න ආපු ගමන අතරමගදී නතර කරන්න සිද්ධ වුණා. ඒ එයාලා ගමන්කරපු ත්‍රිරෝද රථයට හදිසියේම ආව දෝෂයක් නිසා. මේ දෙන්නගේ වාසනාවට ත්‍රිරෝද රථය හරියටම නැවතුනේ යාපනය, වඩුක්කොට්ටේ පොලිසිය ළඟ. පොලිසියට ගිය ජගදිශ්වරන්, පොලිස් ස්ථානාධිපති සමන් ගුණතිලක මහත්මයාට තමන්ට සිද්ධ වුණ අකරතැබ්බය ගැන කිව්වා. එසැනින් ක්‍රියාත්මක වුණ ස්ථානාධිපතිතුමා තමන්ගේ පොලිස් ස්ථානයට අනුයුක්තව තියෙන රථයක් S.I වීරසේන සහ රියදුරු P.C අමිල එක්ක යාපනය ඉස්පිරිතාලෙට යන්න ලබා දුන්නා. මේ විදිහට යාපනය ඉස්පිරිතාලෙට යන්න තවත් කිලෝමීටර් 8 ක් විතර යද්දී ජයරූබිට තමන්ගේ බබාව පොලිස් නිල රථය ඇතුලෙම බිහි කරන්න සිද්ධ වුනා. එත් හැකි ඉක්මනට පොලිස් නිලධාරීන් යාපනය පොලිසිය වෙතට ඇයව අරගෙන ගියා . මේ වෙද්දී අම්මයි, බබයි දෙන්නම හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා කියල තමයි පොලිස් ස්ථානාධිපති සමන් ගුණතිලක මහතා සියත 24 අපිට කිව්වේ.

මේ ආරංචියට එහා ගිය තවත් කතාවක් ඔබට කියන්න තියෙනවා. රට වටේම ඉන්න දෙමළ ජනතාව මේ සිදුවීමත් එක්ක තමන්ගෙ Facebook ගිණුම් වලට ඡේද ගණන් Status දැම්මා. දෙමළ භෂාවෙන් තිබුන ඒ හැම එකකම කියලා තිබුනේ දරුවව සහ අම්මව බේරගත්ත සිංහල පොලිස් නිළධාරීන්ට බොහොමයක් ස්තුතියි කියලා. ඉතින් සිංහල, දෙමළ සංහිඳියාව ගැන හැමෝම කතා කරන මේ වගේ වෙලාවක වඩුක්කොට්ටේ පොලිස්ථානයේ නිළධාරින් කරපු දේ සහ ඒකට දෙමළ ජනතාව දක්වපු ප්‍රතිචාරය ගැන නම් හදවතින්ම සතුටු වෙන්න පුළුවන්.

 

මේ තියෙන්නේ අපි ඊයේ දවසේ ඔබට ගෙන ආ මේ වගේම තවත් කතාවක්…

කුලී රථයේ ඉපදුන බබාට ලැබුන අපූරු තෑග්ග.


News Articles
Latest Videos
Most Popular Post