අද 2017 ඔක්තෝම්බර් මාසයේ 09 සඳුදා
රාහු කාලය: පෙ.ව 07.28 සිට 08.58
සුභ දිශාව: නැගෙනහිර
මරු සිටින දිශාව: වයඹ

වචන ශක්තිය ඉතාමත්ම යහපත් මට්ටමක පවතිනවා. දකින දකින දේ මිලදී ගන්න උත්සහ දරනවා. ආර්ථික තත්වය යම් ප්‍රමාණයකට පහත වැටේවි. මානසික පීඩාකාරී ස්වභාවය දුරු කර ගැනීමේ ඉඩකඩ වෙන් වෙලා තියෙනවා. ආර්ථික කටයුතු බොහොම සෞම්‍ය මට්ටමක පවතිනවා. මනසට යම් ආකාරයක පිඩාවක් ඇති විය හැකියි. හවුලේ කරන කටයුතු ප්‍රේමනීය සබදතා වලට බාධා ඇතිවිය හැකියි. සෙම් සහිත රෝග වලින් ප්‍රවේසම් වෙන්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය: 05

තමන්ගේ අධ්‍යාපනික කටයුතු දුවා දරුවන්ගේ කටයුතු ඉතාමත්ම යහපත් මට්ටමකට දියුණු වෙනවා. ගෘහාශ්‍රිත කටයුතු වලත් පුංචි පුංචි දියුණු වීම් ඇති වෙනවා. ප්‍රේමනීය සබදතා වලට බාධා කම්කටොලු ඇති වුනත් ඒවා දරාගෙන ඉදිරියට යාමේ හැකියාව පවතිනවා. උසස් වීමේ බලාපොරොත්තුවෙන් යුක්තව බොහෝ කටයුතු ආරම්භ කිරීමට පෙළඹෙනවා. එවැනි කටයුතු වලින් ජයග්‍රහණ අත් වෙනවා. සිතේ සතුට වර්ධනය වෙනවා. තමන්ගේ ආහාර රටාවේ යම් ආකාරයක වෙනසක් සිදු වෙනවා. අන් අයගේ සතුට වෙනුවෙන් ඔබ පෙනී සිටිනවා.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 05

පවුලේ උදවියගේ කටයුතු වලට ඔබට වැඩි වශයෙන් මහන්සි වෙන්න කැප වෙන්න සිදු වෙනවා. ගෙදරදොර අලංකරණය සදහාත් යම් යම් දේවල් මිලදී ගන්න උත්සහ කරනවා. සෙම් සහිත රෝග වලින් ජලාශ්‍රිත පරිසර වලින් සෞඛ්‍යට සහ ඔබගේ ආරක්ෂාවට යම් පීඩාකාරී තත්ව ඇති වීමේ අවධානමක් පවතිනවා. තමන්ගේ උදවියගෙන්ම පුංචි පුංචි පීඩාකාරී තත්ව ඇති වෙලා මානසික අසහනකාරී තත්ව ඇති විය හැකියි. වියදම් පාර්ශවයද ඉහල යා හැකියි. අධ්‍යාපනික කටයුතු වලින් නම් යම් ආකාරයක සහනශීලි තත්වයක් ලගා කරගත හැකියි.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 09

කලාකාමී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍ය දිනයක්. මුල්‍ය පරිපාලන කටයුතු රාජ්‍ය සේවා අර්ධ රාජ්‍ය සේවා වැනි කටයුතු වලට වුනත් ඉතාමත්ම යහපත්. ධීවර කර්මාන්තය වගේම ජලාශ්‍රිත පරිසර ආශ්‍රිත කටයුතු වලින් බොහෝ ධන ශක්තිය ඉහල නංවා ගත හැකියි. ගේදොර ඉදිකිරිම වැනි කටයුතු වලට යම් ආකාරයක උනන්දුවක් කැපවීමක් දක්වනවා. එවැනි කටයුතු වලට කාන්තා පාර්ශවයේ උදව් උපකාර බොහොම පහසුවෙන් ලබා ගත හැකියි. අන් අයව විශ්වාස කරලා කරන බොහෝ කටයුතු තුලින් පුංචි පුංචි බාධා එල්ල වෙනවා. ආර්ථිකය ශක්තිමත් වෙනවා.
ජය වර්ණය: ලා රෝස පැහැය ජය අංකය: 08

දැනුම මුල්කර ගන්න කටයුතු වලට ඉතාමත්ම යහපත්. මුල්‍ය පරිපාලන කටයුතු වලට යෝග්‍යයි. රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා වැනි කටයුතු වලින් පවා යහපත් වෙනවා. තරමක මුරණ්ඩු සිතුවිලි වර්ධනය වෙනවා. හිතුවක්කාර ගති ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ නිසා අන් අය අතර අපහසුතාවයකට පත් වීමට ඉඩ තිබෙනවා. කල්පනාකාරීව කටයුතු කර සමාජ ගෞරවය ලබාගත හැකි වෙනවා. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලින් යහපතක් උදා වෙනවා.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 08

අද දවසේ ඔබ අත ගහන බොහෝ කටයුතු පහසුවෙන් සාර්ථක කරගත හැකි වෙනවා. පෙරපින ඉස්මතු වෙනවා. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලට ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලට ඉතාමත්ම යෝග්‍ය දවසක්. වැඩිහිටි ඥාතීන්ගේ උදව් උපකාර ඉතාමත්ම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. කල්‍යාණ මිත්‍රයන්ගේ අවශ්‍යතාව තදින් දැනෙන දවසක්. අලුත් ව්‍යාපෘති ආරම්භ කරන්න ඉතාමත්ම යහපත්. කල්පනාකාරීව කටයුතු කරන්න. ව්‍යාපාරික කටයුතු පවා ජයග්‍රහණය ලගා කරගත හැකියි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 08

පියපස ඥාතීන්ට පුංචි පුංචි බාධා ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් තරමක කල්පනාකාරී වෙනවා. ණය මුදල් ලබා ගැනීමේදී කල්පනාකාරී වෙන්න. වංචා වලට උවදුරු වලට ලක් විය හැකියි. උස් ස්ථාන තෙත් සහිත ස්ථාන වල ගණුදෙනු කිරීමේදී ගමන් බිමන් යාමේදී ශරීර සෞඛ්‍යට පිඩා ඇතිවිය හැකියි. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලට භුමිය හා සම්බන්ධ කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. දුර බැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. එවැනි ගමන් බිමන් වලින් දණහිස ආශ්‍රිත රෝගී තත්ව ඇතිවිය හැකියි.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 08

දුර බැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. ගමන් බිමන් වලින් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. අන්‍යාගමික අන් දේශිත පුද්ගලයන් සමග ගණුදෙනු කිරීම් ඉහල මට්ටමක පවතිනවා. පිය පාර්ශවයේ ඥාතීන්ගෙන් පවා උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. සියුම් සතුරු කරදර ඇති වෙන්න පුළුවන් රහසිගත කුමන්ත්‍රණ වලට ලක් වෙනවා. අතිශය කාර්යබහුල දිනයක්.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 02

කායික ශක්තිය වර්ධනය වෙනවා. සමාජයේ ගෞරවයට පාත්‍ර වෙනවා. ඔබගේ දැනුම මුල්කරගෙන බොහෝ ජයග්‍රහණ අත් කර ගත හැකියි. ගණිත මිණිත කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. මනසින් කරන්නා වූ සෑම කටයුත්තකින්ම බොහොම හොදින් ප්‍රථිපල නෙලා ගත හැකි වෙනවා. ප්‍රේමනීය සබදතා වලට පවා ඉතාමත්ම යෝග්‍යයි. රහස් සතුරු කරදර ඇති වුනත් ඒවාට එරෙහිව නැගී සිටීමේ ශක්තියත් පවතිනවා. ඔබගේ මානසික ශක්තිය ඉතාමත්ම නිරවුල් වෙනවා.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 03

අධ්‍යාපනික ආදී කටයුතු වලට ඉතාමත්ම යහපත්. පොත්පත් මිලදී ගන්න අලුත් පොත්පත් පිලිබදව අධ්‍යනය කිරීම සදහා යොමු වෙන්න තමන්ගේ හිත මනස යොමු වෙනවා. හවුල් ව්‍යාපාර ආදී කටයුතු පිලිබදව එකම මනසකින් කටයුතු කිරීමට නොහැකි වීම නිසා තරමක ව්‍යාකුල තත්වයකට ඔබව ලක් විය හැකියි. වෙළදාම් කටයුතු දියුණු වෙනවා. අලුත් ආදායම් මාර්ග විවර වෙනවා. ගණන් මිනුම් ආදී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. ලිපිලේඛන ආශ්‍රිත ගනුදෙනු පවා වර්ධනය වෙනවා. ණය මුදලක් අපේක්ෂාවෙන් හිටියනම් ඉතාමත්ම පහසුවෙන් එය ලබා ගත හැකි වෙනවා.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 03

පියපස ඥාතීන් සමග කරන ගනුදෙනු කිරීම් වලදී රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා වැනි කටයුතු වලදී තරමක් කල්පනාකාරී විය යුතුයි. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලටත් තරමක බාධා ඇති වෙනවා. සන්නිවේදන ආශ්‍රිත කටයුතු පොත්පත් ආශ්‍රිත කටයුතු වලට පුංචි පුංචි බාධා පැනනගිනවා. ගෘහාශ්‍රිත කටයුතු වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා. සෙම් සහිත රෝග වලට ලක්වීමේ අවධානමක් පවතිනවා. කාන්තාවන් කුඩා දරුවන් ආශ්‍රිත කටයුතු දියුණු කරගත හැකි වෙනවා. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලින් ජයග්‍රහණ ලැබෙනවා.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 05

ප්‍රේමනීය සබදතා විවාහ සම්බන්ධකම් කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ලැබෙනවා. තමන්ගේ වැඩිහිටියන් ඥාතීන් සමග ඒ කටයුතු පිලිබදව කතා බහ කරන්න සිදුවන දිනයක්. සෙම් සහිත රෝග වලින් පිඩාවට පත් වෙනවා. පාද ආශ්‍රිත රෝග තත්ව ඇති වෙනවා. අධ්‍යාපනික කටයුතු වලට බාධා ඇති වෙනවා. තරමක් කල්පනාකාරීව කටයුතු කල යුතුයි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 05
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක
දුරකථන අංකය: 076 67 65 353