දැන් තියෙන වාහන තදබදය එක්ක ගිලන්රථයකටවත් හදිසියකට යන්න බැරි තරමටම වැඩියි. එ් නිසා ගිලන්රථය ඇතුලෙම රෝගීන් මිය ගියපු අවස්ථා ඕන තරම් අහන්න ලැබෙනවා.
එ්කට පිළිතුරක් විදියට අහසින් යන ගිලන් රථය ගෙන්වන්න සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරලා තියෙනවා. හදිසි අවස්ථා වලදී භාවිතා කරන සියලුම පහසුම් වලින් සමන්විත හෙලිකොප්ටර් 24 ක් ලබන අවුරුද්දේදී ගෙන්වන්න සැලසුම් කරලා තියෙනවා කියලයි සෞඛ්‍ය අැමතිතුමා කියන්නෙ.