අපිට දකින්න ලැබෙන සමහර දේවල් පිටිපස්සේ ගොඩක් සංවේදී කතා සැඟවිලා තියෙනවා. ඒ විදිහේ Photo එකක් ගැන Facebook එකෙන් අපි දැක්කා. මේ Photo එකේ තියෙන්නේ උපාධිය සම්පුර්ණ කල ගැහැණු ළමයෙක් තමන්ගේ තාත්තා එක්ක මෙලොව හැරගිය මවගේ Photo එකක් අනිත් අතෙන් අල්ලගෙන උපාධි Photo එකට පෙනී ඉන්න විදිහ.
උපාධියක් ලබාගත්ත වෙලාවේ ඒ සතුට බෙදාගන්න අම්ම නැති වුනත්, තමන් ආ මඟට ශක්තියක් වුන ඒ අහිමි මව් සෙනෙහස ගැන කියන මේ සංවේදී ඡායාරූපය වගේම මේ වෙනුවෙන් සමාජ ජාල වල හුවමාරු වන හිතට වැදෙන කවියත් ඔබට මේ සටහනෙන් ඔබේ හිතටත් දැනේවි.
කට්ට කාගෙන ඉගෙන ගත්තෙමි
කකුල් දෙක වතුරේ ඔබං
කන්න හරිහැටි නැතිවුනත් බඩ
සමච්චල්කල හැටියත් දරං
අම්මා අප්පා නොවිඳිනා දුක්
වින්ඳ හැටි මහමෙර තරං
ගමට ආවෙමි හෙටක් උදෙසා
උපාධිය තුරුලට අරං
හිනා විතරක් මගේ මුවගේ
අනේ රැඳිලා තිබුනානං
කවරදාවත් කඳුලු එන්නෑ
අම්මේ අද නුබ උන්නානං
බඩට වේලක් නොකා මගෙ මග
මේතරම් දුර හැදුවානං
කොච්චරක් සතුටුයිද අම්මේ
අනේ නුබ අද හිටියානං