ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දිවා රාත්‍රී ටෙස්ට් තරඟයේ තුන්වන දවස පෙරළිකාර විදියට අවසන් වුනා. ලකුණු 482 ක ඉලක්කයක් හඹා යන්න පාකිස්ථානය පිටියට අාවේ කිසිවෙක් නොදැවී ලකුණු 51 ලබා ගෙන
එ් වුනත් පාකිස්තානයට එ් ඉලක්කය සපුර ගන්න ලංකාවේ පන්දු යවන්නන්ගෙන් ඉඩක් ලැබුණේ නෑ. පාකිස්තානය පළවෙනි ඉනිමට ලකුණු 262 කට සීමා කරන්න ඔවුන් සමත් වුනා. සමී අස්ලාම් ලකුණු 39 යි. පාකිස්ථාන පළවෙනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුන අසාර් අලී ලකුණු 59 යි. සොහයිල් ලකුණු 56 කට දැවී ගියා. යසීර් ෂා ලකුණු 24 යි. පාකිස්තානයේ අනෙක් කිසිම ක්‍රීඩකයෙක්ට ලකුණු 20 සීමාව පහු කරන්න බැරි වුනා. පන්දු යැවීමේදී හේරත් සහ දිල්රුවන් කඩුලු 3 බැගින් ලබා ගත්තා. ලක්මාල් සහ ගමගේ කඩුලු 2 බැගින් දවා ගත්තා.
ලංකාව දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන්න පිටියට අාවේ ලකුණු 220 ක් ඉස්සරහයින් ඉදන්. නමුත් ශ්‍රී ලංකාව අන්ද මන්ද කරන ප්‍රහාරයක් එල්ල කරන්න පාකිස්තාන පන්දු යවන බල අැණිය සමත් වුනා. පළවෙනි තරඟයේ මෙන්ම මේ තරඟයේදීත් ලංකාවේ මුල් කඩුලු ටික එක පෙළට දැවී ගියා. ලංකාවේ පළවෙනි ඉනිම ශක්තිමත් කරපු දිමුත් ලකුණු 7 කට දැවී ගියා. කෞෂාල් ලකුණු 3 යි. සදීරට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 13 ක් විතරයි. සැඳෑ අාරක්ෂකයා විදියට පිටියට අාපු ලක්මාල් එක ලකුණුකට දැවී යාම නිසා පිටියට එන්න වුන නායක චන්දිමාල් ලකුණු නොලබාම දැවී ගියා. ලංකාවේ දෙවෙනි ඉනිම සුනු විසුනු කල රිඅාස් කඩුලු 3 ක් ලබා ගත්තා. මොහොමඩ් අබ්බාස් සහ යසීර් ෂා එක කඩුල්ල බැගින් ලබා ගත්තා.
කොහොම වුනත් කඩුලු 5 ක් අතැතිව ලකුණු 254 ක් ඉදිරියෙන් ඉන්නෙ. ලංකාව තාමක් ජයග්‍රහණය පේන මානයේ ඉන්නෙ. එ්ත් ක්‍රිකට් කියන්නෙ අවනිශ්චිත ක්‍රීඩාවක්. අන්තිම පන්දුව අනතිම කඩුල්ල දැවී යනකන්ම තීරණයක් කියන්න ඉක්මන් වැඩී හැබැයි පළවෙනි තරඟයේ වුන නේ එක්ක මේ තරඟයක් දිනන එක අපහසු දෙයක් නෙවෙයි කියලයි හැමෝම කියන්නෙ.
Highlights (විනාඩි 4)
https://www.youtube.com/watch?v=zL41Wo7G3ME