රේඩියෝ සංඛ්‍යාත හරහා ඕනෑම මෝටර් රථයක් තියෙන ස්‌ථානය, ගමන් කරන දිශාව , ගමන් කරන වේගය වගේ සියලු තොරතුරු ලබාගන්න පුළුවන් ක්‍රමවේදයක් ලබන අවුරුද්දේ ඉඳලා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාවට නැංවීමට තීරණය කරලා තියෙනවා. මෝටර් රථ අංක තහඩුවේ සහ ස්‌ටිකරයේ පාවිච්චි කරන විශේෂ ඉලෙක්‌ට්‍රොනික උපකරණයක් හරහා මේ තොරතුරු ගන්න පුළුවන්. අලුතින් ලියාපදිංචි කරන රථවාහන වලටත් ඊට පස්සේ මෙතෙක් ලියාපදිංචි කරපු වාහන සඳහාත් අළුත් ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න නියමිතයි.
මෙම අලුත්ම තාක්ෂණය නිසා පොලීසියට, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කීපයකට, ඕනෑම වාහනයක් ඕනෑම මොහොතක තියෙන තැන හා ගමන් කරන දිශාව වගේ හැම තොරතුරක්ම ලබාගන්න පුළුවන්. මේ වැඩේට අවශ්‍ය විශේෂිත උපකරණ රට පුරා විවිධ ස්‌ථානවල සවි කිරීමට ද නියමිතයි.
කොහොම වුනත් මේ අළුත් ක්‍රමවේදයෙන් ජනතාවගේ පෞද්ගලිකත්වයට හානි පැමිණෙනවා වගේම පුද්ගලික ආරක්‍ෂාවටත් හානියක් වෙන්න පුළුවන්.
මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා කියන්නේ මේ වගේ කතාවක්.
“මෙය 1948 එක්‌සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශයට මුළුමනින්ම විරුද්ධයි. ඒ වගේම 1966 සිවිල් අයිතිවාසිකම් හා දේශපාලන ප්‍රඥප්තියට මුළුමනින් විරුද්ධයි. මේ ප්‍රඥප්ති දෙකටම අපි අත්සන් තබා තියෙනවා. ශ්‍රී ලංකාවේ සිවිල් නීතියේ දිලික්‌ක නීතිය යටතේ මීට විරුද්ධව අධිකරණයට යන්න පුළුවන්. යම් පුද්ගලයකු අපරාධකරුවකු හෝ සැකකරුවකු නම් අධිකරණ නියෝගයක් ලබාගෙන මෙසේ ඔහු යන එන ගමන් පරීක්‍ෂා කරන්න පුළුවන්. එහෙම නැතුවමේ වගේ දේවල් කරන්න බෑ. මේ වගේ නව නීති ගෙන එන අය රටේ ව්‍යවස්‌ථාව හෝ නීතිය දන්නේ නැහැ. මේක තනිකරම රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක්”.