News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

නොවැම්බර් 15 හිරු වැහෙන කතාවේ ඇත්ත නැත්ත මෙන්න.

3003 Views


නොවැම්බර් 15 හිරු වැහෙන කතාවේ ඇත්ත නැත්ත මෙන්න.

ලෝකය අදුරු වුවොත් මොනවා වෙයිද? කිසිම එළියක් නැතුව, කට්ට කරුවලේ, දවාලක් රැයක් නැතුව. එ් වචන ටික අැහෙද්දිත් භය හිතෙනවා නේද. එ්ත් ඔබ දන්නවද මේ දවස්වල ලෝකයේ වැඩියෙන්ම කතා වෙන මාතෘකාව එ්ක කියලා. විද්‍යාඥයෝ කියන විදියට නොවැම්බර් 15 ඉදලා 29 වෙනකන් දවස් 15 ක් මුළු ලෝකයම අඳුරු වෙනවලු. දැන් ඉතිං බය වෙලා ලෝකෙ පෙරලන් දුවන්න එපා. මේ කතාව සම්පූර්ණයෙන්ම කියවලා ඉන්න.

ගොඩක් අය කියන්නෙ ඩයිනෝසිරස්ලා වඳ වුනෙත් උල්කාවක් වැටිලා අහසට නැගුන දූවිලි වළාවෙන් අහස අදුරු වෙලා ඉර එළිය නැතුව කියලා. මොකද ඉර එළිය නැති වුනාම ගස් කොළන් මැරිලා යනවා. එතකොට ශාක අාහාරයට ගන්න සත්තු මැරෙනවා. ශාක භක්ෂක සත්තු මැරුණම මාංශ භක්ෂක සත්තුන්ට අාහාර නැතුව උනුත් මැරෙනවා. ඉස්සරහට ලෝකයේ අඳුරු වෙනවයි කියන සිද්දිය නිසා ඔය විදියට නොවෙයි කියන එක නම් කාටවත් ස්ථිරව කියන්න බෑ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන විදියට නාසා අායතනය ධවල මන්දිරයට දීපු රහස් වාර්තාවක තමයි මේ ගැන සඳහන් වෙලා තියෙන්නෙ. හැබැයි මේ වාර්තාව මාධ්‍යට පිටවෙලා තියෙනවා. වාරතාවේ තියෙන විදියට සිකුරු ග්‍රහයා බ්‍රහස්පති ග්‍රහයාගෙන් නිරිත දිශාවට ගමන් කරනවා. එ්කේ ප්‍රතිඵලයක් විදියට සිකුරු, බ්‍රහස්පතිට වඩා 10 ගුණයක් දීප්තිමත් වෙනවා. සිකුරුගේ අධි අාලෝකයට ප්‍රතිඵලයක් විදියට බ්‍රහස්පති ග්‍රහයා අභ්‍යාවකාශයට හයිඩ්‍රජන් වායුව නිකුත් කරනවා. මේ හයිඩ්‍රජන් වායුව සූර්යාට ලංවෙනවාත් එක්කම සූර්යා මතුපිට විශාල පිපිරීමක් වෙනවා. මොකද හයිඩ්‍රජන් කියන්නෙ ඉක්මනින්ම ගිනි අැවිලෙන වායුවක්. මේ පිපිරීම කොච්චර ප්‍රභලද කියනවා නම් එයින් අැතිවෙන උෂ්ණත්වය නිසා ඉර නිල්පාට වෙනවා. එ් නිසා පෘථිවියට ඉර එළිය වැටෙන එක අඩු වෙනවා කියලයි විද්‍යාඥයෝ මේ වාර්තාවේ කියලා තියෙන්නෙ.

මේ වාර්තාව පහුගිය දවස් කිහිපය පුරාම ලෝකයේ මහා අාන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් වුණා. හැබැයි එ් වාර්තාවේ අැත්ත නැත්ත මේ වෙද්දී හෙළි වෙලා තියෙනවා. News Watch 33 කියන වෙබ් අඩවිය තමයි මේ වාර්තාව සූක්ෂම විදියට හදලා තියෙන්නෙ. කොච්චර සූක්ෂම විදියට හදලද කියනවා නම් නිවැරදි විද්‍යාත්මක නියමයන්, අති නවීන තාරකා විද්‍යාත්මක මුලධර්ම භාවිතා කරලා තමයි හදලා තියෙන්නෙ. එ් සදහා නාසා අායතනය වාර්තා සකස් කරන රටාවම යොදාගෙන තියෙනවා. මේ රැවටීමට කොච්චර අය අහු වුනාද කියනවා නම් ලෝක ප්‍රසිද්ධ ෆෝබ් සඟරාවත් විශේෂ ලිපියක් මේ ගැන පල කරා. ඉතිං සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද.

මේ කතාව කන වැකුණ ගොඩක් අය නාසා අායතනයෙන් මේ ගැන අැහුවා. එ්ත් ඔවුන් ඒ ගැන කිසි දෙයක් කිව්වේ නෑ. හැබැයි මේ ගැන මධ්‍ය වලිනුත් ලොකු ප්‍රචාරයක් ගිය නිසා නාසා අායතනය විශේෂ ප්‍රකාශයක් කරා. එ් දවස් පහළවක් ලෝකය අඳුරු වෙන කතාව බොරුවක්. පෘථිවියට එහෙම කිසිම බලපෑමක් නෑ කියල. අන්තීමේදී වෙබ් අඩවියක් කරපු බොරුවක් නිසා මුළු ලෝකයම එකා වගේ ඇදපු එක විතරයි වුනේ.


News Articles
Latest Videos
Most Popular Post