News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

හඳුනා නොගත් පිටසක්වල ජීවින් මුහුදු පතුලේ ? – ලොවම කැළඹු Video එක මෙන්න.

1834 Views


හඳුනා නොගත් පිටසක්වල ජීවින් මුහුදු පතුලේ ? – ලොවම කැළඹු Video එක මෙන්න.

අපේ ලෝකෙයේ තුනෙන් දෙකක තියෙන්නේ ජලය. එයිනුත් වැඩිපුරම තියෙන්නේ මුහුද. මෙච්චර කාලෙකට අපිට හොයාගන්න බැරිවුන රහස්, අපේ ලෝකේ වටේ වගේම තවමත් මේ මුහුද ඇතුලේ හැංගිලා තියෙනවා. ඒ අතරේ සමහර රහස් හොයාගෙන ඒවා ඔබට කියන්න බොහොමයක් පර්යේෂකයන් වෙහෙසෙනවා. මේ වගේ අලුත්ම හොයාගැනීම් ඔබට මුලින්ම අහන්න දකින්න ලැබෙන්නේ මාධ්‍ය හරහා. මේ විදිහට පරිසරය ගැනම විතරක් වැඩසටහන් ගේන නාලිකා ලෝකයේ බොහෝ රටවල් වල තියෙනවා. ඒවායින් ප්‍රමුඛතම නාලිකාවක් තමයි BBC Earth කියන්නේ.
ඉතින් මේ BBC Earth රූපවාහිනී නාලිකාවේ විකාශය වීමට නියමිත අලුත්ම සාගර වැඩසටහනක් ගැන පුර්ව ප්‍රචාරක පටයක් මේ දවස්වල BBC නාලිකාවේ යනවා. ප්‍රේක්ෂකයන්ගේ ඇස් දෙක,  TV එක ඉස්සරහා බැඳලා තියාගන්න මේ පුර්ව ප්‍රචාරක පටය සමත් වෙලා තියෙනවා. මේ Video එකෙන් පෙන්වන විදිහට ඔබ මිට කලින් නොදැකපු සහ වෙනත් නාලිකාවක් මෙතෙක් ආවරණය නොකළ සාගර කලාපයක් ඔබට දකින්න පුළුවන්. ඒ වගේම මෙතෙක් සාගරය ගැඹුරෙන් අනාවරණය කරගන්න පුළුවන් වුන අතිශය දුර්ලභ සහ ලස්සනම සත්වයන් සහ සාගර කලාප මෙයින් ඔබට දැකගන්නට පුලුවන් වෙනවා.

Blue World  යන නමෙන් හඳුන්වන මේ වැඩසටන BBC Earth නාලිකාව මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ 2001 අවුරුද්දේ. එම වැඩසටහනේ DVD  විවිධ රටවල් වලට විකාශන අයිතිය වෙනුවෙන් විකිණීමෙන් BBC Earth ආයතනය පවුම් මිලියන 20 කට ආසන්න මුදලක් උපයාගෙන තියෙනවා. ඉතින් අවුරදු 16 කට පස්සේ තමයි Blue World 2 යන නමෙන් මේ අලුත්ම වැඩසටහන ඔවුන් නිෂ්පාදනය කරලා තියෙන්නේ. 2001 අවුරුද්දේ නිෂ්පාදනය කරපු වැඩසටහන සමඟ සසඳන කොට ඒ දවස්වල පාවිච්චි කල තාක්ෂණයට වඩා වැඩි තාක්ෂණික ක්‍රම හා කැමරා යොදාගෙන ලොකු පිරිවැයක් දරලා තමයි මේ Blue World 2 වැඩසටහන මෙවර ඔවුන් හදල තියෙන්නේ.
BBC ආයතනයෙන් කියන විදිහට මේ ඇමරිකානු විකාශනය පටන්ගන්නේ 2018 අවුරුද්දේ. අපි අනුමාන කරන විදිහට ඔබටත් මේ වැඩසටහන සැටලයිට් හෝ කේබල් රුපවාහිනි වලින් 2018 දී දකින්න පුළුවන් වේවි. එතකන් ඔබට BBC Earth ආයතනයෙන් එළිදක්වපු  Blue World 2 වැඩසටහන ගැන බලන්න වටින Photos කිහිපයකුත් පහතින් බලන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post