ශ්‍රී ලංකාව පළවෙනි දිවා රාත්‍රී ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය පෙනි පෙනී සිටියදී නැවතත් එ්ක පාකිස්තානය දිශාවට හරවා ගන්න සර්ෆරාස් සහ අසාඩ් ශාෆික් සමත් වුනා. දැන් තරඟය දෙපිළටම විවෘත වෙලා තියෙන්නෙ. හැබැයි වැඩි වාසියක් පාකිස්තානය පැත්තට හැරිලා තියෙන්නෙ. දැන් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නය තමයි අද දවසේ මොකක් වේවිද කියන එක. මේ තරඟය පැවැත්වෙන ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පසුගිය තරග වාර්තා විශ්ලේෂණය කරලා බැලුවොත් එ් ගැන දළ අදහසක් ලබා ගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ඩුබායි ක්‍රීඩාංගනය කියන්නෙ පාකිස්තානයේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාංගනයක් වගේ. මොකද පාකිස්තානයේ තියෙන ත්‍රස්ත වාතාවරණය නිසා ඩුබායි ක්‍රීඩාංගනයේ වැඩි තරග ගණනක් සෙල්ලම් කරේ පකිස්ථානය. ඒ වගේම පාකිස්තානය මේ දක්වා ඩුබායි වල සෙල්ලම් කරපු කිසිම ටෙස්ට් තරඟාවලියක් පැරදිලා නෑ.
ඩුබායි ක්‍රීඩාංගනයේ පළවෙනි ඉනිමේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍ය (Average) වෙන්නෙ 298 ක්. ලංකාව පළවෙනි ඉනිමට ලකුණු 482 ක් රැස් කරා. ඩුබායි ක්‍රීඩාංගනයේ දෙවෙනි ඉනිමේ ලකුණු සාමාන්‍ය 333 ක්. එ් කියන්නෙ පළවෙනි ඉනිමට වඩා දෙවෙනි ඉනිමේ ලකුණු රැස් කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ තරඟයේදී පාකිස්තානයට ලකුණු 262 ක් විතරයි ලබා ගන්න පුළුවන් වුනේ. තුන්වෙනි ඉනිමේ ලකුණු සාමාන්‍ය විදියට ඩුබායි ක්‍රීඩාංගනයේ දැක් වෙන්නේ ලකුණු 279 ක්. එ් වුනාට ලංකාව තුන්වෙනි ඉනිමට ලකුණු 96 කට දවා ගන්න පාකිස්තාන පන්දු යවන්නන්ට පුළුවන් වුනා. කොහොම වුනත් පළවෙනි ඉනිමේ ලකුණු 220 ක වාසියත් එක්ක පාකිස්තානයට ලකුණු 319 ක ඉලක්කයක් දෙන්න ලංකාවට පුළුවන් වුනා.
හැබැයි ඩුබායි ක්‍රීඩාංගනයේ 4 වෙනි ඉනිමේ ලකුණු සාමාන්‍ය වෙන්නෙ 206 ක්. මේ වෙද්දි කඩුලු 5 ක් දැවී පාකිස්තානය ලකුණු 198 ක් ලබා ගෙන තියෙනවා. ඔවුන්ට තව ලකුණු 119 ක් විතරයි අවශ්‍ය. එ් වුනත් තරඟයේ 5 වන සහ අවසන් දවස වන අද, පන්දු යවන්නන්ට තවත් වාසිදායක වෙන ස්වභාවයක් තියෙන්නෙ. එ් නිසා ලංකාවට එ් වාසිය හොදින්ම ලබා ගන්න පුළුවන්.
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව මීට කලින් දෙවතාවක් ඩුබායි ක්‍රීඩාංගනයේදී තරඟ වැදිලා තියෙනවා. කණ්ඩායම් දෙකම එක තරඟය බැගින් ජයග්‍රහණය කරලා තියෙනවා. විශේෂත්වය තමයි කණ්ඩායම් දෙකම තරඟ ජයග්‍රහණය කරලා තියෙන්නෙ කඩුලු 9 කින්. එ් කියන්නෙ 4 වෙනි ඉනිම ක්‍රීඩා කරපු කණ්ඩායම තමයි තරඟය ජයග්‍රහණය කරලා තියෙන්නෙ.
කොහොම වුනත් මේ කරුණු සේරම විශ්ලේෂණය කරලා බැලුවම පේන්නෙ දෙපිලටම වාසි දායක තත්වයක් තියෙනවා කියලයි. අද දවසේ තමන්ගේ උපරිම දස්කම් පෙන්වන කණ්ඩායමට ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වේවි. කොහොම වුනත් අද තරඟය ඉතාම තියුණු තරඟයක් වේවි කියන එක නම් ගලේ කෙටුවා වගේ පැහැදිලියි.