News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

පාකිස්තානය නැවත පණ ලබයි, ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ප්‍රමාද වෙයි.

2099 Views


පාකිස්තානය නැවත පණ ලබයි, ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ප්‍රමාද වෙයි.

ක්‍රිකට් කියන්නෙ හරිම අවිනිශ්චිත ක්‍රීඩාවක්. කොයි මොහොතේ තරඟයේ ස්වභාවය වෙනස් වෙයිද කියන්න බැහැ. එ් බව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙනව ටෙස්ට් තරඟයේ 4 වෙනි දවසේදී ඔප්පු වුනා.

දවස අාරම්භයේදී දෙවෙනි ඉනිමට කඩුලු 5 ක් දැවී ලකුණු 34 ක් ලබාගෙන හිටිය ලංකාව පිටියට අාවා. වහබ් රියාස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම සහ සොහයිල්ගේ සුපිරි ඕවරය නිසා ලංකාව ලකුණු 96 කට සීමා වුනා. දික්වැල්ල ලකුණු 21 යි. ලංකාව වෙනුවෙන් දෙවෙනි ඉනිමේ වැඩිම ලකුණු රැස් කල කුසල් මෙන්ඩිස් ලකුණු 29 යි. හේරත් ලකුණු 17 යි. ලංකාවේ පන්දු යවන්නන් අසරණ කරපු වහබ් රියාස් කඩුලු 4 යි. සුපිරි පන්දු ඕවරයක් යවපු සොහයිල් තමන් යවපු එකම පන්දු වාරයෙදී කඩුලු 3 ක් ලබා ගත්තා. එ් එක් ලකුණක් විතරක් ලබා දීලා. ඔහුගේ මේ පන්දු යැවීම වාර්තා වුුනේ එක පන්දු වාරයක් විතරක් යවලා කඩුලු 3 ක් දවා ගත්ත ලෝකයේ පළවෙනි පන්දු යවන්නා විදියට.

කොහොම වුනත් පළවෙනි ඉනිමේ ලබා ගත්ත ලකුණු 220 වාසියත් එක්ක පාකිස්තානයට ලකුණු 319 ක ඉලක්කයක් ලබා දෙන්න ලංකාවට පුළුවන් වුනා.හැබැයි පාකිස්තානයේ මුල් පෙළ පිතිකරුවන්ව අන්ද මන්ද කරමින් පළවෙනි කඩුලු 5 ලකුණු 52 ක් තුලදී ලබා ගන්න ලංකාවේ පන්දු යවන්නන් සමත් වුනා. දිල්රුවන් කඩුලු 3 ක් දවා ගත්තා. ගමගේ සහ ප්‍රදීප් එක් කඩුල්ල බැගින් ලබා ගත්තා. මසූඩ් ලකුණු 21 යි. අසාර් අලී ලකුණු 17 යි. බාබර් අසාම් ලකුණු නොලබාම දැවී ගියා.

එ් වුනත් ඊට පස්සේ පිටියට එක් වුන ශාෆික් සහ නායක සෆ්රාස් අහමඩ් පාකිස්තානය නැවතත් ජයග්‍රහණය පෙනෙන මානයට ගේන්න සමත් වුනා. ඊයේ දවසට තරඟය නතර කරද්දී ඔවුන් දෙදෙනා නොබිඳුනු ලකුණු 146 ක සබඳතාවක් ගොඩනැගුවා. ශාෆික් හතරේ පහර 8 සමඟින් ලකුණු 86 යි. නායක සෆ්රාස් ලකුණු 57 යි. ඊයේ දවසට තරඟය නතර කරද්දී පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 198 ක් ලබා ගෙන හිටියා. හැබැයි ඔවුන්ට ජයග්‍රහණය සදහා අවශ්‍ය තවත් ලකුණු 119 ක් විතරයි. එ් සදහා ඔවුන්ට කඩුලු 5 ක්ම ඉතිරි වෙලා තියෙනවා. කොහොම වුනත් මුලින්ම කිව්වා වගේ ක්‍රිකට් කියන්නෙ හරිම අවිනිශ්චිත ක්‍රීඩාවක්. අද දවසේදී තරඟය මොන පැත්තට හැරේවිද කියන එන කාටවත් කියන්න බෑ.

(Highlights විනාඩි 03)

https://www.youtube.com/watch?v=xMXJtjr4ncA


News Articles
Latest Videos
Most Popular Post