අද 2017 ඔක්තෝම්බර් මාසයේ 11 බදාදා
රාහු කාලය: ප.ව 12.01 සිට 01.31
සුභ දිශාව: දකුණ
මරු සිටින දිශාව: නිරිත

කලාකාමී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. තරගකාරී කටයුතු වලින් ජයග්‍රහණ අත් වෙනවා. සහෝදර ඥාතීන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. ගෘහාශ්‍රිත පරිසර තුලදී අමිහිරි අත්දැකීම් ලැබිය හැකි වෙනවා. කෙටි ගමන් බිමන් රැසක් යෙදෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු වල පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති වෙනවා. කොන්ද තුනටිය මුත්‍රාශය වගේම කලකිරුණු ස්වභාව කේන්ති සහගත ස්වභාව දවසේ කටයුතු වලට අනිසි බලපෑම් ඇති කරනවා. ආහාර ගැනීමේ රටාවෙත් යම් ආකාරයක වෙනසක් ඇති වෙනවා.
ජය වර්ණය: ලා දම්පැහැය ජය අංකය: 06

වාග් ශක්තිය ඉතාමත්ම යහපත් දවසක්. කලාකාමී කටයුතු ඥානය මුල් කර ගත්ත කටයුතු ඉවෙන් වගේ සාර්ථක වෙනවා. වැඩිහිටි ඥාතීන් සමග ඉතාමත්ම යහපත් ආකාරයකට ගනුදෙනු කිරීමේ හැකියාව පවතිනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. ප්‍රේමනීය සබදතා වල යම් ආකාරයක බාධා පැවතුනානම් එවැනි බාධා දුරුකර ගත හැකි වෙනවා. ජවසම්පන්න කටයුතු වලට යෝග්‍යයි. මුදල් පසුම්බිය ආශ්‍රිතව වෙනදට වඩා වැඩි අවධානයක් යොමු කරන්න.
ජය වර්ණය: රෝස පැහැය ජය අංකය: 05

කලාකාමී කටයුතු වල නිරත වෙලා ඉන්න අය තරමක් කල්පනාකාරී වීම ඉතා වැදගත්. අද දවසේ විජයග්‍රහණ ලබා ගත හැකි වෙනවා. ඥාන ශක්තිය වර්ධනය වෙනවා. අධ්‍යාපන ශක්තිය ඉහල මට්ටමකට යනවා. යාලු හිතමිත්‍රාදීන්ගෙන් උදව් උපකාර හිමි වේවි. මානසික සෞඛ්‍ය සහ ශක්තිය ඉතාමත්ම යහපත් මට්ටමකට පත් වෙනවා. කොන්ද තුනටිය වගේම ආමාශගත රෝගී තත්ව වලින් ඔබට පිඩා ගෙන දෙනවා. වියදම් පාර්ශවය තරමක් ඉහල යනවා.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 08

තරමක කලකිරුණු දිනයක්. මානසික ව්‍යධිකාරී තත්ව ඇතිවීමේ ඉඩකඩ බහුලයි. කෙටි ගමන් බිමන් රැසක් සදහා ආරාධනා ලැබෙනවා. එවැනි ගමන් බිමන් වලින් තමන්ගේ දෛනික කටයුතු වෙනස් කරන්න සිදු වේවි. වාග් ශක්තිය වෙනසක් කිරීමට සිදු වෙනවා. තරමක කේන්ති සහගත ස්වභාවයක් වර්ධනය වෙනවා. ගෘහ ජීවිතය ආශ්‍රිතව පවා ගැටුම් ඇති වෙනවා. ඉහල නිලධාරීන් සමග ගණුදෙනු කිරීමේදී තරමක් කල්පනාකාරී වෙන්න. අධ්‍යාපනික කටයුතු වලටත් එතරම්ම සුභ නොවේ.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 03

තරමක කලබලකාරී ස්වභාවයක් ඔබ තුලින් මතු වෙනවා. කල්පනාකාරීව සැලසුම් කරන්න. එවිට අත්වැරදීම් වලක්වා ගත හැකියි. එහෙම නොවුනොත් චිත්ත පිඩා මානසික පීඩාකාරී ස්වභාව වගේම ගැටුම්කාරී ස්වභාව ඇතිවිය හැකියි. වැඩිහිටියන් සමග ගනුදෙනු කරද්දී ඉවසීම වඩාත් වැදගත් වෙනවා. ජීවිතය කලකිරුණු ස්වභාවයකට පත් වෙනවා. ප්‍රසිද්ධ සතුරන් ඇතිවිය හැකියි. ජලාශ්‍රිත කටයුතු වලදී අර්ධ රාජ්‍ය සේවා සන්නිවේදන කටයුතු වලදී යම් ආකාරයක ජයග්‍රහණයක් අත්කර ගත හැකි වෙනවා.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 03

තරමක කල්පනාකාරීව කටයුතු කල යුතුයි. අන් අයත් සමග මිත්‍ර ලීලාවෙන් ගනුදෙනු කිරීමේ හැකියාව පවතිනවා. ලඟම ඥාතියෙකුට සිදුවන ගැටළුවක් මුල් කරගෙන රෝහල්ගත වීමක් බෙහෙත් මිලදී ගැනීමත් ආදී කටයුත්තකට මැදිහත් වීමට ඔබට සිදු වේවි. සංචාරක කටයුතු දුර බැහැර ගමන් වලින් ආර්ථික ශක්තිය වර්ධනය වෙනවා. යාලු හිතමිත්‍රාදීන් ගෙන් උදව් උපකාර ලැබෙනවා. එවැනි කටයුතු නිසා බොහෝ ධන ලාභ වගේම මානසික සතුටකුත් අත්පත් කරගත හැකි වෙනවා. පරිනතභාවයෙන් කටයුතු කිරීමේ ඉඩකඩ අද දවස පුරා පවතිනවා.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය: 03

මනසට ගැටළුකාරී ස්වභාව ඇති වෙනවා. වචන වල අත්වැරදීම් හේතු කරගෙන අන් අය ඔබගේ වචන වලින් වාසි අත්කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. අන් අයට උදව් උපකාර කරන්න දවසේ වැඩි කාලයක් වැය කරනවා. කලාකාමී කටයුතු අන් අයට උදව් කිරීමේ කටයුතු තුලින් යම් සහනයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. පෙර පින ඉස්මතු කර ගන්නනම් ලගම පිහිටි බෝධීන් වහන්සේට අබ තෙල් පහනක් පුජා කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 05

අධික කාර්යබහුල දිනයක්. වෙනදට වඩා ජව සම්පන්න ලීලාවෙන් වෘත්තිමය කටයුතු වල නිරත වීමේ ඉඩකඩ පවතිනවා. මුල්‍ය පරිපාලන කටයුතු තාක්ෂණය හා මිශ්‍ර වුණු කටයුතු වලට ඉතාමත්ම යහපත්. යාන වාහන අලෙවි කිරීම් යන්ත්‍ර සුත්‍ර කටයුතු වලින් පවා ධන ශක්තිය වර්ධනය කරගත හැකියි. භූගත සම්පත් වලින් පවා වාසනාව උදා කරගන්න හැකි වෙනවා. මනස සම්බන්ධ කටයුතු වලින් චිත්ත පිඩාකාරී තත්ව වලින් යම් පිඩාවක් ඇති වෙනවා. අන් අය සමග ගණුදෙනු කිරීමේදී තරමක් කල්පනාකාරී වෙන්න. සුළු වශයෙන් වියදම් පාර්ශවය ඉහල යනවා. අධික කාර්යබහුලතාවයක් ඇති වෙනවා.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 08

කලාකාමී කටයුතු වල නිරත වෙලා ඉන්න අය තරමක් කල්පනාකාරී විය යුතුයි. ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු කිරීම් වලින් මුල්‍ය පරිපාලන ගණුදෙනු කිරීම් වලින් යහපත් මට්ටමක් පෙන්නනවා. රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා වැනි කටයුතු වලින් යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. ඔබගේ පරිපාලනමය හැකියාව ඉතාමත්ම යහපත්. නිවසින් පරිබාහිරව ගමන් යාමේ ඉඩකඩ ඉහලයි. විදේශගත කටයුතු වලට ඉතාමත්ම යහපත්. ප්‍රේමනීය සබදතා වලදී ගැටුම් ඇති වෙනවා. චිත්ත පිඩා ඇතිවිය හැකියි.
ජය වර්ණය: මිශ්‍ර පැහැය ජය අංකය: 03

තරමක කලබලකාරී ගති ලක්ෂණ ඉස්මතු වෙනවා. කරන කියන කටයුතු වලින් අලාභ පාඩු ඇති වෙනවා. ඔබගේ තාක්ෂණික මෙවලම් වලට උදෑසන කාලය එතරම් යහපත් නොවේ. හවුල් ව්‍යාපාර කටයුතු වලට ඉතාමත්ම සුභ වෙනවා. ආහාර ගැනීමේ රටාවේ යම් ගැටලුකාරී තත්වයක් ඇති වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත කටයුතු වලට යෝග්‍ය දිනයක්. යාලු හිත මිත්‍රාදීන්ගෙන් බොහෝ උදව් උපකාර ලබා ගත හැකියි.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 09

අධ්‍යාපනික කටයුතු වලට නම් ඉතාමත්ම යහපත්. දු දරුවන් සම්බන්ධයෙන් යම් දියුණුවක් ලබා ගත හැකි වෙනවා. අන් අයත් සමග මිශ්‍ර වෙලා කරන කටයුතු වලින් යම් දීප්තිමත් ස්වභාවයක් ඔබගේ පෞරුෂයට එකතු වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලට ඉතාමත්ම යහපත්. තාක්ෂණික කටයුතු ඉදිකිරීම් හා සම්බන්ධ කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. සන්නිවේදනය ආශ්‍රිත පොත්පත් ආශ්‍රිත කටයුතු වලින් තරමක් කල්පනාකාරී විය යුතුයි. තමන්ගේ මව් දෙමාපියන්ට යම් ආකාරයක රෝගී තත්වයක් පැවතුනානම් එවැනි රෝගී තත්ව වලින් ඔවුන් නිදහස් වෙනවා.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 02

තිබුන කරදර යටපත් කරගත හැකි වෙනවා. කලාකාමී කටයුතු වල නිරත වෙලා ඉන්න අයට යම් ආකාරයක සහනයක් ලැබෙනවා. මුල්‍ය පරිපාලන කටයුතු වලින් ඉතාමත්ම යහපත්. ඔබ ණය මුදලක් අපේක්ෂා කලා නම් ඒවා ලබා ගන්න පුළුවන් වෙනවා. සතුරු බාධක යටපත් කර ගැනීමේ හැකියාව භාෂා ශක්තිය ඉහල නංවා ගැනීමේ හැකියාව ඔබගේ අරමුණු සාර්ථක වෙනවා. මහා මාර්ග ආශ්‍රිත කටයුතු වල නිරත වෙලා ඉන්න කෙනෙක් නම් එවැනි කටයුතු වලින් යම් සහනයක් ලැබෙනවා. පීරිස් පරිපාලනය කිරීමේ කටයුතු වලට යහපත්.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 08
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක
දුරකථන අංකය: 077 67 19 151