News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

“ මම ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි, මම කවදාවත් ඡන්දේ දාලත් නෑ ” , චිත්‍රාල් සෝමපාල මුල් වරට මාධ්‍යට කියයි. – EXCLUSIVE

2991 Views


“ මම ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි, මම කවදාවත් ඡන්දේ දාලත් නෑ ” , චිත්‍රාල් සෝමපාල මුල් වරට මාධ්‍යට කියයි. – EXCLUSIVE

කාට හරි කෙනෙක්ට අසාධාරණයක් වුනොත්, නැත්තන් ලංකාවේ නමට හානි වෙන දෙයක් කොහේදී හරි තැනක සිද්ධ වුනොත්, ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කරන්න ලංකාවේ කලාකරුවෝ ඉදිරිපත් වෙන්නේ බොහොම අඩුවෙන්. හැබැයි ඒ ඉරිදිපත්වෙන අය අතරෙනුත් ඉස්සරහින්ම ඉන්න කෙනක් ඉන්නවා. ඔහුට ලංකාවම ආදරෙයි. මුළු ලෝකෙම ආදරෙයි. ඒ තමයි චිත්‍රාල් සෝමපාල. ඔහුව තවත් විදිහකට හඳුන්වනවා. ඒ තමයි චිති. ඉතින් චිති කියන්නේ සංගීත ආභාෂයක් තියෙන පවුලකින් එන ගායකයෙක්. ඒ වගේම ඔහු සම්ප්‍රධායෙන් වෙනස් විදිහට සංගීතය පාවිච්චි කරන කෙනක්. රස වචන වලට, ගැඹුරු අර්ථයක් ඔහුගේ හඬ නිසා ගීතයට ලැබෙනවා.

මේ දවස්වල චිත්‍රාල් ඉන්නේ ලංකාවේ. ප්‍රසංග කිහිපයකටම සහභාගී වෙන්න ඔහු මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නවා. එහෙම ආපු වෙලාවේ ඔහුගේ කාර්යබහුල කාලසටහනෙන් පොඩි වෙලාවක් සියත 24 වෙනුවෙන් ඔහු ලබා දුන්නා. මේ තියෙන්නේ ඔබ වෙනුවෙන්, සියත 24 අපි ඔහුත් එක්ක කරපු සාකච්ඡාව. චිත්‍රාල්ගේ අලුත්ම තොරතුරු මේ සාකච්ඡාවෙන් ඔබට දැනගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post