News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

ලේඩි ගාගා හංගගෙන හිටපු ලෙඩේ ගැන Video එකක් අන්තර්ජාලයට…

1672 Views


ලේඩි ගාගා හංගගෙන හිටපු ලෙඩේ ගැන Video එකක් අන්තර්ජාලයට…

ලේඩි ගාගා ව ගොඩක් දෙනෙක් දන්නේ ජනප්‍රිය Hollywood ගායිකාවක් විදිහට සහ මෝස්‌තර නිරුපණයට ගොඩක් කැමති කෙනෙක් විදිහට. ජනප්‍රිය ගායිකාවක් වුණත් ලේඩි ගාගා ලඟදී Internet වාර්තා චිත්‍රපටයකින් තම රසිකයන්ට තවත් සමීප වුණා. මේ චිත්‍රපටය නම්කරලා තියෙන්නේ “ගාගා ෆයිව් ෆුට් ටූ” (Gaga Five Foot Two ) කියලා.

ෆිබ්රෝමියැල්ජියා නම් වූ රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙත පණිවිඩයක් ලබාදීමේ අරමුණෙන් තමයි, ඇය මේ වාර්තා චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. මේකට හේතුව වෙලා තියෙන්නේ මේ රෝගයෙන් ඇය ද පීඩා විඳිමින් සිටින ‍නිසා.

ෆිබ්රෝමියැල්ජියා රෝගය කියන්නේ මිනිස් සිරුරෙහි මාංශ පේශීන්වලට වේදනා ගෙන දෙමින් මානසික ආතතිය සහ හිසරදය ඇති කරන රෝගී තත්ත්වයක් කියලා තමයි වෛද්‍යවරු කියන්නේ.

ලේඩි ගාගා කියන්නේ මේ රෝගය තමන් තුළ ද පවතිනවා කියලා. මේ වාර්තා චිත්‍රපටයෙහි ලේඩි ගාගා තමන්ගේ ලෙඩේ සුවකර ගැනීමට වෛද්‍යවරු හමුවන අවස්ථාවන් ද ඇතුළත් වී තිබෙනවා.

මේ රෝගී තත්ත්වය සමඟ තමන් පොර බැදූ ආකාරය වාර්තා චිත්‍රපටයෙහි ඇතුළත් වන බව ඇය ටොරොන්ටෝ සිනමා උලෙළේදී ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.

මේ තියෙන්නේ ඒ වාර්තා චිත්‍රපටියේ  Trailer එක.


News Articles
Latest Videos
Most Popular Post