News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

කෝලිව බින්දුවට Out කල වරදට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ගල් ප්‍රහාරයක්. – Photos

2162 Views


කෝලිව බින්දුවට Out කල වරදට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ගල් ප්‍රහාරයක්. – Photos

ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ජයග්‍රහණය අපි සමරද්දී, ඉන්දියානු ක්‍රිකට් රසිකයන් තමන්ගේ සුපුරුදු ප්‍රකෝපකාරී ගතිය පෙන්වපු අවස්ථාවක් ඕස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරු ඇරන් ෆින්ච්ගේ Twitter ගේ ගිණුමෙන් වාර්තා වෙනවා. මේ බව ඔහු දක්වා තිබුනේ ඔහුගේ Twitter ගිණුමට එක කල ඡායාරූපයක් සමඟින්. ඉන්දීය ක්‍රීඩා ලෝලීන් පිරිසක් විසින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ගමන්ගත් බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව තමයි ඔහු මේ සටහනෙන් කියලා තිබුනේ. ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙබ් අඩවියට අනුව, මේ කැඩුණු ජනෙල් වීදුරුව අසල කිසිම ක්‍රීඩකයෙක් ඉඳලා නැහැ.

මේකට හේතුව වෙලා තියෙන්නේ, සංචාරක ඕස්ට්‍රේලියා පිල සමඟ තිබුන 2 වන විස්සයි විස්ස තරඟය කඩුලු 8 කින් ඉන්දියාව පරාජය වීම. මෙහිදී නායක විරාත් කෝලිට ලකුණු 0 කට දැවී යාම විශේෂ සිදුවීමක්.

පහතින් තියෙන්නේ ඇරන් ෆින්ච් විසින් ඔහුගේ Twitter ගිණුමට එක් කල ඡායාරූපයි….

මේ තියෙන්නේ එම අවස්ථාවේ ගත්ත Photos..

 

 


News Articles
Latest Videos
Most Popular Post