News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

කලින් බැනපු චන්දිමාල්ට දැන් හොඳ කියන්නේ ඇයි? – සංගක්කාර පහදයි.

2866 Views


කලින් බැනපු චන්දිමාල්ට දැන් හොඳ කියන්නේ ඇයි? – සංගක්කාර පහදයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව විශිෂ්ඨ ජයක් ලබා ගත්තා. ඒ ජයත් එක්ක දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය අගය කරමින් ගොඩක් අය කතා කරා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටිය දක්ෂතම පිතිකරුවෙකු මෙන්ම ශ්‍රී ලංකාව බිහිකළ දක්ෂ නායකයෙකු වෙන කුමාර සංගක්කාර මේ ජයග්‍රහණයෙන් පස්සෙ ඉන්දීය වෙබ් අඩවියක් වන Cricbuzz සමඟ සාකච්ඡාවකට එකතු වුනා. එකේදී ඔහු චන්දිමාල්ගේ නායකත්වය වගේම ඔහුට හිමිවිය යුතු තැන ගැනත් කතා කරා. ඒ වගේම චන්දිමාල්ට පහුගිය කාලයේ අහිමිවුනු දේවල් ගැනත් අදහස් දැක්වුවා.

“ඇත්තටම ඒක විශිෂ්ට ජයග්‍රහණයක්, කණ්ඩායමේ හැම කෙනාම ජයග්‍රහණය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන විදිය අපි මේ තරඟාවලියේදී දැක්කා. චන්දිමාල් නායකයා විදියට ලොකු දෙයක් කණ්ඩායමට දුන්නා. ඒ වගේම ඔහු පීඩනය දරා ගෙන ඒකට මුහුණ දෙන විදිය හරිම අපුරුයි. ඒ වගේම ඔහුට ලැබෙන්න ඕන සහය රංගන, දිල්රුවන් උපරිමෙන්ම දුන්න.”

චන්දිමාල්ට පහුගිය දවස්වල ප්‍රේක්ෂකයොත් අනං මනං කිව්වා. චන්ඩි සෙල්ලම් කරනවා හෙමින් වැඩි කියලා තමයි ගොඩක් චෝදනා කරේ. සංගා එකටත් පිළිතුරු දුන්නා.

“චන්දිමාල්ට ගොඩක් දෙනෙකුගේ තිබුන චෝදනාවක් තමයි, ඔහු අනවශ්‍ය විදියට හෙමින් පහර දෙනවා කියන එක. මේ තරඟාවලියේ චන්දිමාල් පෙන්නුවා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට තමන් මොනතරම් පරිනතද කියන එක. ඔහුගේ නායකත්වය එක්ක ඔහු ඉදිරියෙන් ඉඳගෙන ලොකු ඉනිම් ක්‍රීඩා කරලා කණ්ඩායම පීඩනයෙන් මුදවා ගත්ත විදිය ඇත්තටම අනාගතය ගැන ගොඩක් බලාපොරොත්තු ඇති කළා.”

“මම චන්දිමාල් එක්ක ගොඩාක් ලොකු කාලයක් එකට සෙල්ලම් කරලා නෑ. ඔහු එක්ක ක්‍රීඩා කරන වෙලාවේදී මම කියපු දේ තමයි මොන වෙලාවෙද ලකුණු වේගය වැඩි කරන්න ඕන. ලකුණු වේගය අඩු කරලා ඉනිම ඇදගෙන යන්න ඕන මොන වගේ වෙලාවටද කියන එක. ඒ වගේම ලකුණු 40 ක් ගහලා නවත්තන්නේ නැතුව කොහොමද ඒක ලකුණු 100 කට අරගෙන යන්නේ කියන එකත් මගේ අත්දැකීම් එක්ක චන්දිමාල් එක්ක සාකච්චා කරලා තියනවා.”

චන්දිමාල්ව පහුගිය කාලයේ කණ්ඩායමෙන් ඉවත් කරලා තිබ්බ එක ගැනත් සංගා කණගාටුවෙන් කතා කරා.

“මට අනුව නම් චන්දිමාල් කියන්නේ සුපිරි හැකියාවක් තියන ක්‍රීඩකයෙක්, ඒ වගේ ක්‍රීඩකයෙකුගේ පොඩි අසාර්ථක වීමක් එක්ක ඔහු කණ්ඩායමෙන් ඉවත් කරලා තියනවා කියන්නේ ලොකු අපරාධයක්. පහුගිය අවුරුදු තුන වගේ ඔහුට විශ්වාසෙන් ක්‍රීඩා කරන්න නොලැබුන එක අපරාධයක්. චන්දි ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වගේම එංගලන්තයේදීත් හොඳට කරපු ක්‍රීඩකයෙක්. ඔහු ටෙස්ට් එක්දින T20 වෙනස දන්නවා වගේම ඒ රටාවල් තුනටම ගැලපෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්.

මම හිතන්නේ චන්දි අංක තුන හෝ හතර ක්‍රීඩකයා විදියට අපේ කණ්ඩායමේ මේ තරඟ රටාවන් තුනටම ඉන්න ඕන ක්‍රීඩකයෙක්. අනික දිගුකාලීන අරමුණු වලට යද්දී මේ වගේ හොඳ ක්‍රීඩකයෝ හලන්න හොඳ නෑ, මම හිතන්නේ ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 10000 ට යන්න පුළුවන් වෙයි චන්දිට.”

සංගක්කාර, චන්දිමාල්ට දීපු මේ සහතිකය චන්දිට වැඩ බෑ කියපු හැමෝටම හොඳ උත්තරයක් වේවි.


News Articles
Latest Videos
Most Popular Post