News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

රසල් අාර්නෝල්ඩ් හෙට ඉඳන් මැච් එකේ විස්තර කියන්නෙ සිංහලෙන්.

27368 Views


රසල් අාර්නෝල්ඩ් හෙට ඉඳන් මැච් එකේ විස්තර කියන්නෙ සිංහලෙන්.

පහුගිය කාලයේ ලංකාවේ ක්‍රිකට් වැටිලා තිබුණේ. එ් නිසා පාකිස්තානය එක්ක තියෙන තරඟාවලියේ විකාශන අයිතිය ගන්න කිසිම මාධ්‍ය අායතනයක් ඉදිරිපත් වුනේ නෑ. හැබැයි ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සියත රූපවාහිනී නිල විකාශන අයිතිය ලබා ගත්තා. හැබැයි නිල ගුවන් විදුලි විකාශයන් කවුරුවත් ලබා ගත්තෙ නෑ. එ් නිසා ටෙස්ට් තරඟාවලිය ගුවන් විදුලියෙන් අහන්න ලංකාවේ ක්‍රිකට් ශ්‍රාවකයන්ට බැරි වුනා. එ් නිසා සියත අායෙත් ඔවුන් වෙනුවෙන් එ් වගකීම බාර ගත්තා.

හෙට ඉඳන් එක්දින තරඟ 5 සහ විස්සයි විස්ස තරඟ 3 ම ඔබට 98.2 න් සහ 98.4 න් සියත FM වලින් අහන්න පුළුවන්. අබුඩාබියේ ඉඳන් සජීවීව පන්දුවෙන් පන්දුව ගෙන එන්න ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයින් 4 දෙනෙක් සූදානමින් ඉන්නවා. විශේෂත්වය තමයි රසල් අාර්නෝල්ඩ් පළවෙනි වතාවට සිංහලින් ක්‍රිකට් විස්තර විචාරය ගෙන එන්න සූදානමින් ඉන්නවා. එ් වගේම ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රෝෂාන් අබේසිංහ සහ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක බන්දුල සමන් වතුරේගම සමඟින් හරිත පෙරේරා සූදානමින් ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post