News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

අද ලග්න 04 කට සෞඛ්‍ය පීඩා. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1951 Views


අද ලග්න 04 කට සෞඛ්‍ය පීඩා. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 13 සිකුරාදා

රාහු කාලය: පෙ.ව 10.26 සිට 11.56

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: ගිනිකොණ

 

මේෂ ලග්නය

කටයුතු සම්පාදනය කර ගනිද්දී වඩාත් කල්පනාකාරී විය යුතුයි. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව උස් ස්ථාන තෙත් සහිත ස්ථාන වලදී අනතුරු ඇතිවිය හැකියි. සෙම් සහිත රෝග තත්ව වලින් යම් ආකාරයක පිඩාවක් උදා වෙනවා. කෙටි ගමන් බිමන් රැසක් යෙදෙනවා. වෘත්තිමය කටයුතු වලදී කම්මැලි සහගත තත්ව උදා වෙනවා. ආමාශගත රෝගී තත්ව ඇතිවීමේ ඉඩකඩකුත් පවතිනවා. කලාකාමී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. සන්නිවේදන ආශ්‍රිත කටයුතු වලට යෝග්‍යයි. තරඟකාරි කටයුතු වල ජයග්‍රහණයක් අත්කර ගත හැකි වෙනවා. කේන්ති සහගත සිතුවිලි ඇති වෙනවා. තමන්ගේ සිත පාලනය කර ගන්න. හවුල් ව්‍යාපාර කටයුතු වලට ප්‍රේමනීය කටයුතු වලට යම් සාර්ථකත්වයක් අත්කර ගැනීමේ හැකියාව පවතිනවා. ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු වලදී ජයග්‍රහණ අත්කර ගත හැකියි.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 07

වෘෂභ ලග්නය

ප්‍රේමනීය සබදතා විවාහ ජීවිතය ආශ්‍රිත කටයුතු බොහොම පහසුවෙන් දියුණු කරගැනීමේ හැකියාව පවතිනවා. කල්පසු වුණු ඇතැම් කටයුතු සාර්ථකත්වයට මෙහෙය වීමේ ඉඩකඩ පවතිනවා. වික්‍රමාන්විත ලීලාවෙන් ගනුදෙනු කිරීමේ හැකියාව පවතිනවා. අසල්වාසීන් සමග කරන ගණුදෙනු කිරීම් යහපත් ආකාරයට පවත්වා ගෙන යාමේ හැකියාව පවතිනවා. යාන වාහන ආශ්‍රිත ගණුදෙනු කිරීම් වලට ඉතාමත්ම යෝග්‍යයි. තමන්ගේ වාසස්ථානය ආශ්‍රිතව තරමක් කල්පනාකාරී වෙනවා. ගින්දර තාක්ෂණය විදුලිය බාවිතා කරන මෙවලම් වලදී තරමක් කල්පනාකාරී වෙන්න. සෑම කටයුත්තක දීම බොහෝ ජයග්‍රහණ අත්කර ගන්න පුළුවන්. තරඟකාරි කටයුතු වලින් අධ්‍යාපනික කටයුතු වලින් ජයග්‍රහණ හිමි වෙනවා.

ජය වර්ණය: ලා නිල් පැහැය                      ජය අංකය: 06

 

මිථුන ලග්නය

කලාකාමී හැඟීම් වැඩි වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු මුල්‍ය පරිපාලන ආශ්‍රිත කටයුතු තාක්ෂණය මිශ්‍ර වන කටයුතු වලටත් ඉතාමත්ම යහපත්. තමන්ගේ ගෘහ ආශ්‍රිත කටයුතු දියුණු කර ගන්න ඔබ උත්සහ කරනවා. ගෙදර කටයුතු වෘත්තිමය කටයුතු සමබරව පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා. වචන භාවිතා කිරීමේදී ඉවසිලිවන්ත නොවුනොත් බාධා ඇති වෙනවා. සතුරු කරදර යටපත් කරගැනීමේ හැකියාව පවතින නිසා ජවසම්පන්න ස්වභාවයකින් කටයුතු කරනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                  ජය අංකය: 05

කටක ලග්නය

අන් අයව යටපත් කරගෙන වික්‍රමාන්විත ලීලාවෙන් කටයුතු කරන්න ඔබට හැකියාව ලැබෙනවා. ඥාන  ශක්තිය වර්ධනය වෙනවා. නමුත් විටෙක මේ ඥානය යටපත් වෙනවා. හැගීම් පාලනය කරගත යුතුයි. අසල්වාසීන්ගේ උදව් උපකාර හිමි වෙනවා. සහෝදර ඥාතීන්ගේ උදව් උපකාර හිමි වෙනවා. ජවසම්පන්න ලීලාවෙන් කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. අලුත් ආදායම් මාර්ග විවර කරන්න ඔබ උත්සහවන්ත වෙනවා. දුර බැහැර ගමන් යන්න ඔබට ආරාධනා ලැබෙනවා. එවැනි දේවලින් ආර්ථිකය දියුණු වෙනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 05

 

සිංහ ලග්නය

ගෘහාශ්‍රිත කටයුතු පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් විය යුතුයි. ඔබ කෘෂි කර්මාන්තයට සම්බන්ධ කෙනෙක් නම් ඔබගේ කෘෂි කාර්මික කටයුතු වලට බාධා ඇති වෙනවා. දුර බැහැර වෘත්තියක නිරත වෙලා ඉන්න කෙනෙක් නම් යම් සාර්ථකත්වයක් අත්කර ගත හැකි වෙනවා. කලාකාමී කටයුතු වලට තරමක් බාධා ඇති වෙනවා. මුරණ්ඩු සිතුවිලි වර්ධනය වෙනවා. පපුව ආශ්‍රිත රෝග තත්ව වර්ධනය වෙනවා. වියදම් පාර්ශවය ඉහල යනවා. කල්පනාකාරීව කටයුතු කරොත් ඔබගේ පරිනතභාවය මුල් කරගෙන ජයග්‍රහණ අත්පත් කරගත හැකියි. බොහෝ සැලසුම් සකස් කරන්න පුළුවන්. සියුම් සතුරු කරදර පිලිබදව අවබෝධයකින් පසු වුනොත් ඒ කරදර යටපත් වෙනවා. අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලට වඩා තමන්ගේ ඥාන ශක්තිය මුල් කරගෙන කරන කටයුතු වලට තමයි වඩා වැදගත් වෙන්නෙ. තාක්ෂණය මිශ්‍ර වුණු කටයුතු වලින් පවා සහනශීලි තත්ව උදා වෙනවා. ස්නායු රෝග තත්වයකට පත්වෙලා ඉන්න කෙනෙක් නම් තරමක සැලකිලිමත් වෙන්න.

ජය වර්ණය: රන්වන් පැහැය                        ජය අංකය: 02

 

 

කන්‍යා ලග්නය

බාධා කම්කටොලු ඇති වුනත් ජවසම්පන්නව ඒවාට මුහුණ දීමේ චිත්ත ශක්තිය පවතින දවසක්. ස්නායු ගත රෝග පාද හන්දිගත රෝග ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා. දුදරුවන්ගේ කටයුතු උදෙසා කැප වීමට සිදු වෙනවා. ජලාශ්‍රිත පරිසර වලින් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. දියරමය දේවල් අලෙවි කිරීම් ආදී කටයුතු වලිනුත් යම් සහනයක් උදා වෙනවා. ඉදිකිරීම් තාක්ෂණික මෙවලම් අන් අයට උදව් කිරීම් සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී වෙන්න. අලෙවි කිරීම් භාෂාව බාවිතා කරන කටයුතු වලින් යම් ජයග්‍රහණයක් අත් වෙනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 07

තුලා ලග්නය

ඔබගේ ආරක්ෂාව පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. වම් අත ආශ්‍රිත රෝගී තත්ව ඇති විය හැකියි. කාර්යබහුල ස්වභාවය මුලික කරගෙන අවලාද අපහාස උපහාස ඇති වෙන්න පුළුවන්. රැකිරක්ෂා වෙළදාම් කටයුතු වලත් යම් ආකාරයක පසුගාමී ස්වභාවයක් ඇති වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු අත්සන් තැබීම වැනි කටයුතු කලාකාමී කටයුතු වලටත් බාධා ඇති වෙනවා. ඔබගේ පරිපාලනමය හැකියාව වර්ධනය වීම ගෘහාශ්‍රිත කටයුතු වලදී අන් අයගේ උදව් උපකාර හිමි වීම තාක්ෂණය පිලිබදව ඔබට තියෙන දැනීම මුලික කරගෙන ඇති වෙන්න පුළුවන් බාධා යටපත් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා.

ජය වර්ණය: ලා දම් පැහැය                        ජය අංකය: 06

 

වෘශ්චික ලග්නය

 

කල්පනාකාරීව කටයුතු කිරීම අධික කාරයබහුලතාවයකට ඔරොත්තු දෙන ආකාරයට කටයුතු සැලසුම් කිරීම වඩාත් වැදගත්. තාක්ෂණික මෙවලම් වැඩි වශයෙන් භාවිතා කරන්න සිදු වෙනවා. මුල්‍ය පරිපාලන කටයුතු වලටත් යම් ආකාරයකින් ඔබට සම්බන්ධ වෙන්න සිදු වෙනවා. ආර්ථික කළමනාකරණ ආදී කටයුතු වලින් ඉතාමත්ම යහපත්. ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු මානව සම්පත් කටයුතු භුමිය සම්බන්ධ කටයුතු වලින් යම් ආකාරයක සාර්ථකත්වය ලැබෙනවා. සුළු චිත්ත පිඩා මානසික අසහනකාරී තත්වයක් ඇති වෙනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 03

 

ධනු ලග්නය

වැඩිවශයෙන් කල්පනාකාරී විය යුතුයි. ඔබගේ සෞඛ්‍ය පිරිහීම් වලට ලක් වෙනවා. රිය ධාවනය වැනි කටයුතු වලදී බාධා ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. අත්‍යවශ්‍ය කටයුතු හැරෙන්න අලුත් කටයුතු ආරම්භ කරන්න යහපත් දවසක්. ලගම ඥාතියෙක් සමබන්ධ කටයුත්තකින් ඔබට චිත්ත පීඩා ඇති වෙනවා. වම අත වම පාදය ආශ්‍රිත රෝග ඇති වෙනවා. ආහාර පාර්සලයක් ආබාධ සහිත පුද්ගලයෙක්ට දෙන්න. පරිපාලනමය හැකියාවක් පවතිනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු දියුණු කරගන්න පුළුවන්. වැඩිහිටි ඥාතීන්ගේ උදව් උපකාර හිමි වෙනවා. අලුත් අලුත් දේවල් මිලදී ගන්න සිත යොමු වෙනවා.

ජය වර්ණය: කහ පැහැය                ජය අංකය: 09

 

මකර ලග්නය

හවුල් ව්‍යාපාර ප්‍රේමනීය සබදතා ශක්තිමත් වෙනවා. ඒ වගේම එවැනි කටයුතු වලින් යම් ආකාරයක මානසික සුවතාවයක් අපේක්ෂා කරන්න පුළුවන්. වැඩිහිටියන්ගේ ආශිර්වාදය හිමි වෙනවා. ලේ ධාතුව සම්බන්ධ රෝගයකින් පිඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් සෞඛ්‍ය පිලිබදව අඩුවෙන් සලකන්න එපා.

ජය වර්ණය: කහ පැහැය                        ජය අංකය: 08

 

කුම්භ ලග්නය

කලාකාමී කටයුතු වලට පුංචි පුංචි බාධා ඇති වෙනවා. වෘත්තිමය කටයුතු වලටත් යම් ආකාරයක අශුභතා ඇති වෙනවා. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලින් ලාභ ලැබෙනවා. ඇගලුම් ක්ෂේත්‍ර වල දියුණුවක් පෙන්නුම් කරනවා. උගත් අය ඇසුරට යොමු වෙනවා. සතුරු කරදර අඩු වෙනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග ඇති වෙනවා.

ජය වර්ණය: ලා නිල් පැහැය                        ජය අංකය: 03

මීන ලග්නය

කෙටි ගමන් බිමන් කිහිපයක්ම යෙදෙනවා. තරඟකාරී කටයුතු වලින් ජයග්‍රහණයක් ලැබෙනවා. මානසික පීඩා ඇති වෙනවා. අධ්‍යාපනික ගමන් ආගමානුකුල ගමන් සදහා ආරාධනා ලැබෙනවා. එවැනි ගමන් බිමන් වලින් යම් ආකාරයක හිතවත් පිරිසක් ගොඩනැගෙනවා. ඉදිරි ආයෝජන සදහා යහපත්. දියරමය දේ අලෙවි කිරීම තුලින් යහපත් වෙනවා.

ජය වර්ණය: ලා කහපැහැය                        ජය අංකය: 03

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353

 

 


News Articles
Latest Videos
Most Popular Post