News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

අලුතෙන්ම එන ලෝක ක්‍රිකට් ශූරතා මෙන්න.

2261 Views


අලුතෙන්ම එන ලෝක ක්‍රිකට් ශූරතා මෙන්න.

කාලෙන් කාලෙට ICC ය විවිධ ලෝක ශුරතා ක්‍රිකට් වලට හඳුන්වා දෙනවා. T20 ලෝක ශූරතාව කියන්නේ මෑතකදී ක්‍රිකට් වලට හදුන්වා දුන්න ශුරතාවයක්. ඒ වගේම ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ කාලයක් තිස්සේ බලන් හිටිය ලෝක ශූරතා 2 කට ICC ය අද අනුමැතිය දුන්නා. ඒ ටෙස්ට් ලෝක ශූරතාවයට සහ ලෝක එක්දින ලීග් ශූරතාවයට.

ලෝක ටෙස්ට් ශුරතාවය සදහා සුදුසුකම් ලබන්නෙ ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම ඉන්න ටෙස්ට් කණ්ඩායම් 9 විතරයි. 2019 ලෝක කුසලානයෙන් පස්සෙ අවුරුදු 2 ක් පුරාවට කණ්ඩායම් 9 ක් තරඟ වැදීමෙන් අනතුරුව ටෙස්ට් ශූරතාවය පවත්වනවා. ඒ අවුරුදු 2 තුලදී සෑම කණ්ඩායමක්ම ටෙස්ට් තරඟාවලි 6 ක ක්‍රීඩා කරලා තියෙන්න ඕන. මව් රටේදී තරඟාවලි 3 ක් සහ ඉන් පිටතදී තරඟාවලි 3 ක් විදියට තමයි තරඟාවලි 6 ක්‍රීඩා කරන්න ඕන. ඒ වගේම එක තරඟාවලියකට තරඟ 2 – 5 ත් අතර තියෙන්න ඕන. අවුරුදු 2 අවසානයේ ඉහළින්ම ඉන්න කණ්ඩායම් 2 තමයි අවසන් තරගයට සුදුසුකම් ලබන්නෙ. 2021 අප්‍රේල් මාසයේදී අවසන් මහා තරඟය පවත්වන්න තමයි ICC ය අදහස් කරන ඉන්නෙ.

ICC එක්දින ක්‍රිකට් ලීග් තරඟාවලියටත් කණ්ඩායම් 13 ක් සෙල්ලම් කරනවා. වසර දෙකකට සැරයක් පවත්වන මේ තරඟාවලියෙත් එක කණ්ඩායමකට ඒ කාලය ඇතුලතදී තරඟාවලි 8 කට සෙල්ලම් කරන්න වෙනවා. ඒ මව් රටේදී 4 ක් සහ ඉන් පිටතදී 4 විදියට. ඒ එක තරඟාවලියකට තරග 3 ක් වත් අඩුම වශයෙන් තියෙන්න ඕන. කොහොම වුනත් මේ අලුත් තරඟ රටාව ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නම් හොද උද්යෝගයක් ඇති කරවී කියලයි ICC ය කියන්නෙ.


News Articles
Latest Videos
Most Popular Post