News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

පළවෙනි තරඟයේ වැඩි වාසි කාටද. සවිස්තරාත්මක විශ්ලේෂණය මෙන්න.

3648 Views


පළවෙනි තරඟයේ වැඩි වාසි කාටද. සවිස්තරාත්මක විශ්ලේෂණය මෙන්න.

පාකිස්තානය එක්ක තියෙන එක්දින තරඟාවලිය අද පටන් ගන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවෙලා තියෙන්නෙ උපුල් තරංගට. සර්ෆරාස් අහමඩ් පාකිස්තාන කණ්ඩායම මෙහෙය වනවා. පළවෙනි එක්දින තරඟය ලංකාවේ වේලාවෙන් අද හවස 4.30 ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අාරම්භ වෙනවා. එ් නිසා අද තරඟය මොනවගේ වෙයිද කියල හොයලා බලන්න අපි හිතුවා.

ශ්‍රී ලංකාව සහ පාකිසතානය අතර තරඟ 4 ක් මීට කලින් ඩුබායි පිටියේදී පවත්වලා තියෙනවා. ඒකෙන් තරඟ 2 ක් ලංකාවත්, තරඟ 2 ක් පාකිස්තානයත් දිනලා තියෙනවා. එ් නිසා අදත් කරට කර තරඟයක් බලා ගන්න පුළුවන් වේවි. ඩුබායි පිටියේ අවසන් වරට ලංකාව සහ පාකිස්තානය අතර තිබ්බ එක්දින තරඟයෙන් පාකිස්තානය කඩුලු 2 ක ජයක් ලබා ගෙන තියෙනවා. එ් වගේම ඩුබායි ක්‍රීඩාංගනයේ පාකිස්තානය තරඟ 15 කට සහභාගී වෙලා තියෙනවා. ඉන් තරඟ 6 ක් පාකිස්තානය දිනලා තියෙනවා.

ඩුබායි පිට්යේදී එකදින තරඟයකදී ලංකාව රැස් කරපු වැඩිම ලකුණු ගණන වෙන්නෙ 287. පාකිස්තාන කණ්ඩායම රැස් කරපු වැඩිම ලකුණු ගණන වෙන්නෙ 284. කොහොම වුනත් ඩුබායි ක්‍රීඩාංගනයේ දෙවෙනියට පන්දුවට පහර දෙන කණ්ඩායමට වැඩි වාසි තියෙනවා. එ් නිසා තරංග කාසියේ වාසිය දිනුවොත් මුලින්ම පන්දු යවන්න තෝරා ගන්න එක තමා වඩාත්ම සුදුසු. එ් වගේම පාකිස්තානය ලකුණු 250 ක් වෙද්දි දවා ගන්න පුළුවන් වුනොත් ලංකාවට ජයග්‍රහණය ගැන වැඩි බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. ලංකාවට මුලින්ම පන්දුවට පහර දෙන්න වුනොත් ලකුණු 270 කට වැඩි ඉලක්කයක් ලබා දෙන එක තමා වඩාත්ම හොද.

ඩුබායි පිටියේ ලංකාව වෙනුවෙන් පන්දුවෙන් වැඩියෙන්ම දස්කම් පෙන්නලා තියෙන්නෙ ලසිත් මාලිංග. හැබැයි මේ තරඟාවලියට මාලිංග නෑ. එ් නිසා එ් පාඩුව ලංකාවට දරා ගන්න වෙනවා. එ් වගේම අද ක්‍රීඩා කරන කණ්ඩායමෙන් ඩුබායි පිටියේ සැලකිය යුතු දස්කම් දක්වලා තියෙන්නෙ තරංග. එ් නිසා තරංගට අද වැඩි බරක් කරය ගන්න වෙනවා.

කොහොම වුනත් අද තරඟයත් කරට සටනක් වේවි. මොකද දෙපිළටම සම වාසි තියෙන නිසා. එ් නිසා නිවැරදි උපායන් යොදලා ක්‍රීඩා කරන කණ්ඩායමට ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post