ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළවෙනි එක්දින තරඟය ඩුබායි ක්‍රීඩාංගනයේදී අාරම්භ වුනා. කාසියේ වාසිය දිනා ගත්ත තරංග මුලින්ම පන්දුවට පහර දෙන්න පාකිසතාන කණ්ඩායමට අාරම්භ කරා.
පාකිස්තානයේ පළවෙනි කඩුල්ල විදියට අහමඩ් ෂෙසාඩ් ලකුණු නොලබා දැවී ගියා. ඊට පස්සේ පිටියේ එක්වුන ෆාකර් සමාන් සහ බාබර් ලකුණු 64 සබදතාවක් ගොඩනැගුවා. ෆාකර් ලකුණු 43 යි. මොහොමඩ් හෆීස් ලකුණු 32 යි. එ් හතරේ පහර 5 ක් සමගින්. නැවත්ත පිටියේ එක්වුන බාබර් සහ මලික් පාකිස්තාන ඉනිම ඔසවා තබන්න සමත් වුනා. ඔවුන් දෙදෙනා ලකුණු 139 ක සබදතාවක් ගොඩනැගුවා. සොයිබ් මලික් ලකුණු 81 කට දවා ගන්න ලක්මාල් සමත්වුනා.වේගවත් ඉනිමක් ක්‍රීඩා කරපු මලික්ගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් අැතුලත් වුනා. නායක සර්ෆ්‍රාස් අහමඩ්ට ලබා ගන්න පුළුවන් වුනේ එක ලකුණක් විතරයි. පාකිස්තාන ඉනිමේ කොදුනාරටිය වුන බාබර් ලකුණු 103 යි. එ් හතරේ පහර 5 ක් සමගින්. වසීම් ලකුණු 10 යි. හසන් අලී ලකුණු 11 යි.
පාකිස්තාන ඉනිමේ වැදගත්ම කඩුලු 2 දවා ගන්න සුරංග ලක්මාල් සමත් වුනා. ගමගේ, ධනංජය, තිසර සහ වැන්ඩර්සෙ එක කඩුල්ල බැගින් දවා ගත්තා. ඕවර් 50 අවසන් වෙද්දි පාකිස්තානය කඩුලු 6 ක් දැවී ලකුණු 292 ක් ලබා ගත්තා. ලංකාවට ලකුණු 293 ක ඉලක්කයක් ලැබිලා තියෙනවා. එ් සදහා ලංකාවට 5.86 ක ලකුණු ලබා ගැනීමේ වේගයක් අවශ්‍ය වෙනවා. කොහොම වුනත් ලංකාවේ පිතිකරුවන්ට හොද තරගයක් ලබා දෙන්න වේවි මේ ඉලක්කය හඹා යන්න.