ලෝකයේ සෑම බැංකුවක්ම වගේ අන්තරජාලයෙන් ගනුදෙනු කරන්න පහසුකම් දීලා තියෙනවා. මේ ක්‍රමය නිසා ලොකු පහසුවක් ලැබෙනවා වගේම දැන් දැන් ලොකු අවදානමකුත් අැති වෙන්න පටන් අරන්. එ් සයිබර් හැකර් ප්‍රහාර නිසා. මෑත කාලයේ ගොඩක්ම බැංකු වලට එල්ල කරපු හැකර් ප්‍රහාර ගැන වාර්තා වුනා. මේ දවස්වල ලෝකයම කතා කරන තායිවානයේ සයිබර් බැංකු මංකොල්ලයට ලංකාවේ නමත් ගෑවිලා තියෙනවා. එ් කොහොම වුනත් මේ මංකොල්ලය කරේ කොහොමද කියලා අපි හොයලා බැලුවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ අාචාර්ය කසුන්ද සොයිසා මහතා කියන විදියට තායිවානයේ ෆ(ර්) ඊස්ටන් බැංකුවෙන් සල්ලි හොරකම් කරලා තියෙන්නෙ වෛරස් එකක් යවලා. ජාත්‍යන්තර බැංකු අතර ගනුදෙනු කරන්න එක්තරා ක්‍රමවේදයක් තියෙනවා. එ් ක්‍රමය හදුන්වන්නෙ Swip කියලා. එ්කෙදි අදාල ගනුදෙනු සදහා කේතයක් (Swip Cord) ලබා දෙනවා. එ් සදහා මෘදුකාංගයකුත් බැංකුවට නිකුත් කරනවා. මෘදුකාංගය තියෙන පරිගණකය අදාල මුදල් ගනුදෙනු කරන්න විතරයි යොදා ගන්න ඕන. මොකද එ් පරිගණකයෙන් e-mail බලන්න එහෙම පාවිච්චි කරොත් අදාල මෘදුකාංගයට වෛරස් එන්න පුළුවන්.
තායිවානයේ බැංකුවට වෙලා තියෙන්නෙත් එ්ක. අදාල ගනුදෙනුව කරන පරිගණකය වෙනත් වැඩවලට පාවිච්චි කරලා. එ් නිසා පරිගණකයට “සොම්බි” (Zombie) කියන වෛරස් එක අැතුල් වෙලා. එතකොට එ් පරිගණකයේ පාලනය සොම්බි වෛරස් එක යවපු හැකර්ට ලැබෙනවා. ඊට පස්සේ එ් පුද්ගලයාට ඕන විදියට ගනුදෙනු කරලා තියෙනවා.