ශලනි තාරකා ගේ නම දැන් සති කිහිපයක ඉඳලා සමාජ ජාල වල කතා කරන නමක්. ඒ වගේම ශලනි ගැන මේ විදිහට වැඩිපුර කතා කරන්න ගත්තේ දසුන් නිෂාන්ගේ නමත් එක්ක. ඒ කතා වලට උත්තර දෙන්න ශලනි එයාගේ Facebook එකත් පාවිච්චි කළා වගේම ලස්සන ගීතයකුත් රචනා කළා. එත් මේ කියන්න යන්නේ Facebook ඔස්සේම ශලනි කට්ටියකට ස්තුති කරපු කතාවක් ගැන. මේකට හේතුව වෙන්නේ පහුගිය දවසක තිබුන සිග්නීස් ටෙලි සිනමා උළෙලේදී ශලනී ගේ චරිත දෙකක් ඇගයීමට පාත්‍ර වුන එක. ඉතින් මේ තියෙන්නේ සම්මානයට තමන්ව නිර්දේශ වුන එක ගැන ශලනි තියපු Facebook සටහන.
“පියස” ටෙලි නාට්‍යයේ සමන්තිගේ චරිතය සහ “සික්කා ටීම්” ටෙලි නාට්‍යයේ ශානාගේ චරිතය ඊයේ දිනයේ පැවති සිග්නීස් ටෙලි සිනෙමා සම්මාන උළෙලේදි ඇගයීමට පාත්‍ර විය..එම ටෙලි නිර්මාණයන්හි අධ්‍යයක්ෂකවරැන් වන සුනිල් කොස්තා (පියස) ප්‍රදීප් ධර්මදාස (සික්කා ටීම්) ඇතුලු සියලුම සහෝදර කාර්යමණ්ඩයට මාගේ ස්තූතිය..
එමෙන්ම ගිය වසරේ මා රංගනයෙන දායක වූ තාරා, පියස, සික්කා ටීම් යන ටෙලි නාට්‍යය ත්‍රිත්වයම නිර්දේශ වීම සහ ඇගයීමට ලක්වීම මා ලැබු භාග්‍යයක් කොට සලකමි.. ධෛර්යමත් කල සැමට ස්තූතියි “
