News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

හිටපු අගමැති උරපු සුරුට්ටුව රුපියල් එක්කෝටි අසූ ලක්ෂයකට වෙන්දේසි වෙයි…

1715 Views


හිටපු අගමැති උරපු සුරුට්ටුව රුපියල් එක්කෝටි අසූ ලක්ෂයකට වෙන්දේසි වෙයි…

එක එක අයගේ තියෙන්නේ එක එක විදිහේ විනෝදාංශ. ඒ අතරෙන් පරණ බඩු එකතු කරන එකත් සමහරුන්ගේ විනෝදාංශයක්. ඉතින් මේ පරණ බදු එකතු කරන අය තමන්ගේ විනෝදාංශය වෙනුවෙන් ඕනම ගානක් වියදම් කරලා, ඕනම පරණ බඩුවක් ගන්න ලෑස්තියි. මේ විදිහට ලොකු වටිනාකමක් තියෙන සුරුට්ටු කොටයක් සල්ලි වලට ගත්ත කෙනෙක්ගේ කතාවක් තමයි අපි ඔබට කියන්න යන්නේ.

එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හි පදිංචි, පෞරාණික වටිනාකම් ඇති භාණ්ඩ එකතු කරන කෙනෙක්, අඟල් හතරක් දිගැති මේ ‘සුරුට්ටු කොටය’ මිලදී ගෙන තියෙනවා. එත් මේක ගත්ත කෙනාගේ නම මෙතෙක් හෙළිකරලා නෑ. මේ විදිහට අරගෙන තියෙන්නේ දෙවන ලෝක යුද්ධය පවතින සමයේ බ්‍රිතාන්‍යයේ අගමැති වෙලා හිටපු වින්ස්ටන් චර්චිල් විසින් උරන ලද සුරුට්ටුවක ඉතිරි වූ කොටස කියල තමයි කියන්නේ. මේක වෙන්දේසියෙන් අරගෙන තියෙන්නේ ඩොලර් 12,000 ක මුදලකට.

වින්ස්ටන් චර්චිල්, ප්‍රංශයේ ලෙ බුවර්ශේ (Le Bourget) ගුවන්තොටුපොළේ දී මෙම සුරුට්ටුව උරමින් ඉඳලා තියෙන්නේ 1947 මැයි මස 11වැනිදා. වින්ස්ටන් චර්චිල් හිටපු අගමැතිවරයා විසින් උරන ලද මේ සුරුට්ටුවේ ඉතිරි වූ කොටස තිබිලා තියෙන්නේ විශ්‍රාමික බ්‍රිතාන්‍ය ගුවන් හමුදා නිලධාරියෙකු ලඟ. චර්චිල් අගමැතිවරයා ප්‍රංශයට ගොස් නැවත බ්‍රිතාන්‍යයට පැමිණෙද්දී මේ ගමනට, මෙම හිටපු ගුවන් හමුදා නිලධාරියාත් එක්වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ඉතුරු සුරුට්ටු කොටස එයා ළඟ තිබුනේ.

මෙය කියුබානු සුරුට්ටුවක් වන අතර එහි අග අලවා ඇති රතු සහ රන් පැහැති ලේබලයේ වින්ස්ටන් චර්චිල්ගේ නමත් සඳහන් වෙනවා. ලෝක ප්‍රකට චරිතයක් වූ වින්ස්ටන් චර්චිල් පාවිච්චි කරපු තවත් සුරුට්ටුවක ඉතිරි වූ අග කොටස 2015 අවුරුද්දේදී වෙන්දේසි වුණා. ඒක විකිණිලා තිබුනේ ඩොලර් 2000ක ලන්සුවකට.


News Articles
Latest Videos
Most Popular Post