අද 2017 ඔක්තෝම්බර් මාසයේ 16 සදුදා
රාහු කාලය: පෙ.ව 07.26 සිට 08.55
සුභ දිශාව: නැගෙනහිර
මරු සිටින දිශාව: වයඹ

කාලානුරුපිව ඔබේ අදහස් උදහස් වෙනස් වෙනවා. කලාකාමී කටයුතු වලට සන්නිවේදන කටයුතු වලට අලෙවිකරණ කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. හවුල් ව්‍යාපාර කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග වලින් පිඩා ඇති වෙනවා. වෘත්තිමය කටයුතු පිලිබදව තරමක මන්දගාමී ස්වභාවයක් ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. කල්පනාකාරීව කටයුතු කරන්න. ජිවිතයට අලුත් බලාපොරොත්තු ඉටු වෙනවා.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 06

කලාකාමී කටයුතු දියුණු වෙනවා. තරගකාරි කටයුතු වලින් ජයග්‍රහණ උරුම වෙනවා. තමන්ගේ දු දරුවන්ගේ කටයුතු දිහා බලලා සතුටු වෙනවා. යම් අසනීපයකින් ඔබ පිඩා වින්දානම් නිරෝගී සුවය අත් වෙනවා. කායික ශක්තිය දියුණු වෙනවා. පුණ්‍යකාමී කටයුතු වලට දායක වෙනවා.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 04

තරගකාරි කටයුතු දියුණු වෙනවා. අන් අය සමග සතුටෙන් කල්ගත කරන්න හැකියාව ලැබෙනවා. තරමක වියදම් පාර්ශවය ඉහල යනවා. මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව යටි බඩේ කැක්කුම් ආශ්‍රිත රෝග තත්ව ඉඩකඩ පවතිනවා. යාන වාහන මිලදී ගැනීම් වලටත් සුභදායකයි.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 05

වියදම් පාර්ශවය ඉහල ගියත් ඔබගේ පෞරුෂය ඉහල යනවා. ඒ නිසාම ඒ පිලිබදව විමසිලිමත් වෙන්න. අදහස් විවිධාකාරයෙන් ඉස්මතු වෙනවා. එක අදහසක් මත රදා පවතින්න බැරි වෙනවා. උගත් උසස් පුද්ගලයන්ව හැකිතාක් ආශ්‍රය කරන්න. එවැනි ආශ්‍රයන් තුලින් ඔබට ජයග්‍රහණ හිමි වෙනවා. අලුත් අලුත් ඉදිකිරීම් ආශ්‍රිත පොත්පත් ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලට යහපත්. අසල්වාසීන්ගේ උදව් උපකාර මුලික කරගෙන බොහෝ ජය ලැබෙනවා.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය: 07

කලාකාමී කටයුතු වල දියුණු වෙලා ඉන්න අයගේ එවැනි කටයුතු දියුණු වෙනවා. කාන්තාවන් කුඩා දරුවන් හා මිශ්‍රව කරන කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. පියපස ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. අත්සන් ලැබීම වැනි කටයුතු වලට ඔබට වැඩි වශයෙන් කැප වෙන්න සිදු වෙනවා. වෘත්තිමය කටයුතු වලට අලුත් වගකීම් පැවරෙනවා. වගකීම් ඉටු කරන්න කාලය හොයා ගන්න සිදු වේවි. නිවසින් පරිබාහිරව කාලය ගත කරනවා.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 07

හන්ධිගත වාත රෝග වලින් පිඩා ඇති වෙනවා. වාග් ශක්තිය ඉහල යනවා. ඇපවිම් ආදියට එතරම් යෝග්‍ය නෑ. මුල්‍ය ගනුදෙනුවක් සදහා ඔබට වැඩි කාලයක් මිඩංගු කරන්න සිදු වෙනවා. අධ්‍යාපනික කටයුතු වලටත් ඉතාමත්ම යෝග්‍යයි. ඔබට දු වරු සිටිනවානම් ඔවුන්ගේ කටයුතු වලට කාලය මිඩංගු කිරීමට සිදු වෙනවා.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 03

තරමක කලකිරුණු ස්වභාවයක් විටින් විට නිර්මාණය වෙනවා. ඒනිසා අන් අයට උදව් උපකාර කිරීමේදී තරමක් කල්පනාකාරී වන්න. ගණිත මිණිත කටයුතු වලිනුත් පුංචි පුංචි බාධා ඇති වෙනවා. වියදම් පාර්ශවය තරමක් ඉහල යනවා. ජවසම්පන්නව වෘත්තිමය කටයුතු වල ව්‍යාපාර කටයුතු වල නිරත විය හැකියි. තරමක් වියදම් පාර්ශවය ඉහල යාවි. චිත්ත පිඩා මානසික අසහනකාරී තත්ව ඇති වේවි. දවස සැලසුම් කරගන්න. ආමාශගත රෝග ඇතිවිය හැකියි.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 07

වෙළදාම් කටයුතු වලට ඉතාමත්ම යෝග්‍ය දවසක්. ජලාශ්‍රිත පරිසර වලින් පවා ජයග්‍රහණ අත් වෙනවා. දියරමය දේවල් අලෙවි කිරීම් වලින් බොහෝ ලාභ ලැබෙනවා. කලාකාමී කටයුතු වලට අන් අය සමග මිශ්‍ර වෙලා ආයෝජනය කරන කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. උපදේශනාත්මක වෘත්තීන් වල කටයුතු කරනවානම් තරමක් කලපනකාරී වෙන්න. පාද ආශ්‍රිත රෝග තත්ව ඇස ආශ්‍රිත රෝග වලින් පිඩා ඇතිවිය හැකියි. පවුලේ සාමාජිකයන් අතර සතුට වර්ධනය වෙනවා.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 03

රැකිරක්ෂා වෙළදාම් කටයුතු වල ජවසම්පන්න බවක් ඇති වෙනවා. වෙනදට වඩා ඔබගේ බලාපොරොත්තු සහගත ස්වභාවය ඉහලයි. බොහොම පහසුවෙන් සාර්ථක විය හැකි වෙනවා. රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා වැනි කටයුතු මුල්‍ය පරිපාලන කටයුතු මුද්‍රණ ආශ්‍රිත කටයුතු වලින් වගේම පරිපාලන කටයුතු වලින් වාසනාව හිමි වෙනවා. සියුම් ආයෝජන කටයුතු වලට සුභයි. පාද ආශ්‍රිත රෝග පවතිනවා. රැකී රක්ෂා වෙළදාම් කටයුතු කිරීමේදී කල්පනාකාරී වෙන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 08

පෙරපින ඉස්මතු වෙනවා. අඩුවෙන් කතා කරලා වැඩියෙන් වැඩ කරන දවසක්. යාලු හිතමිත්‍රයන් පිරිසක් ඔබගෙන් උදව් බලාපොරොත්තු වෙනවා. තරමක කාර්යබහුල තාවයක් ඇති වෙනවා. හන්දිගත රෝග උත්සන්න වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත ගනුදෙනු කිරීම් බහුල වෙනවා. වැඩි වශයෙන් කය වෙහෙසා මහන්සි වීමට සිදු වෙනවා. නිවැරදි කළමනාකාරිත්වයක් පවත්වා ගන්න. ඇති විය හැකි බාධා නවතා ගත හැකි වේවි.
ජය වර්ණය: ලාකහ පැහැය ජය අංකය: 03

සියුම් කටයුතු වල නිරත වෙන්න අවස්ථාව උදා වෙනවා. ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු භුමිය හා සම්බන්ධවන කටයුතු වලින් වැඩි වාසි ලැබෙනවා.ඥාන ශක්තිය වර්ධනය කරගත හැකි වෙනවා. අතහැරලා තිබුණු කටයුතු වැඩිහිටියන්ගේ උපකාර මුල්කරගෙන නැවත පටන් ගන්නවා. ඇතැම් කටයුතු වලට වැඩිහිටියන්ගේ මැදිහත් වීම වගේම මුල්‍ය ආධාර අනුශාසනා ලැබෙනවා.
ජය වර්ණය: රෝස පැහැය ජය අංකය: 09

කායික මානසික ශක්තිය වර්ධනය වෙනවා. විවාහ බාධා වීම් පැවතුනානම් ඒවා දුරු කරගෙන විවාහ ඉක්මන් කර ගැනීම සදහා අවශ්‍ය ග්‍රහ සිත්තමක් පවතිනවා. කායික ශක්තිය උසස් මට්ටමක පවතිනවා. කෙටි ගමන් බිමන් කීපයක් යෙදෙනවා. සමාජීය කටයුතු පොදු කටයුතු වලටත් ඔබට මැදිහත් වීමට සිදු වේවි. මව්පස ඥාතීන්ගේ උදව් උපකාර හිමි වේවි. අලුත් අත්හදා බැලීම් සිදු කරන්න අද දවස එතරම් යහපත් නොවේ.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක
දුරකථන අංකය: 076 67 65 353