News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

වයස 18 අයටත් ආදායම් බදු ගෙවන්න වෙන දිනය ළඟදීම…

2148 Views


වයස 18 අයටත් ආදායම් බදු ගෙවන්න වෙන දිනය ළඟදීම…

ලංකාවේ ප්‍රධාන අාදායම් මාර්ගයක් තමයි බදු මුදල් කියන්නෙ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන විදියට 2020 වෙද්දි ලංකාවේ බදු අාදායම දෙගුණයක් කරන්න සැලසුම් කරලා තියෙනවා. එ් වෙනුවෙන් මේ වෙද්දිත් සැලසුම් සකස් කරලා තියෙන්නෙ. එ් අතර තියෙන ප්‍රධාන සැලසුමක් විදියට අවුරුදු 18 ට වැඩි හැමෝගෙන්ම බදු අය කර ගන්නවා.

එ් අනුව 18 වැඩි හැමෝටම වෙනම ලිපිගොනු පවත්වාගෙන ඔවුන්ගේ බැංකු ගනුදෙනු, මිලදී ගැනීම් වගේම උපයෝගීතා බිල් ගෙවීම් පිළිබද සියලු වාර්තා සලකා බලනවා. එ් ගනුදෙනු වලින් කවුරු හරි බදු ගෙවන්න සුදුසුද නැද්ද කියලා දේශීය අාදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

වර්තමානයේ රජයේ බදු අාදායම රුපියල් බිලියන 625 ක්. එ් වුනත් බදු ගෙවන්න ඕන ගොඩක් අය බදු ගෙවන එක පැහැර හරිනවා කියලයි දේශිය අාදායම් දෙපාර්තමේන්තුව කියන්නෙ. එ් අතර ප්‍රධානම කොටසක් තමයි උපකාරක පන්ති ගුරුවරු. ඔවුන්ගෙනුත් බදු අය කර ගන්න මේ වෙද්දි සැලසුම් කරලා ඉවරයි කියලයි කියන්නෙ. එ් වගේම ලංකාවේ ලියාපදිංචි වෛද්‍යවරු 39 000 ක් හිටියට බදු ගෙවන්නෙ 6000 ක් විතරයිලු.

රටක් දියුණු වෙන්න නම් මහ ජනතාව බදු ගෙවන්න ඕන. එ්ක ජනතාවගේ වගකීමක්. මොකද එ් මුදල් වලින් තමයි නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වගේ සේවා සපයන්නෙ. එ්වගේ ජනතාව පීඩාවට පත් නොවන විදියට බදු මුදල් ලබා ගන්න එක රජයේ වගකීම. බුදු දහමේ නම් සඳහන් වෙන්නෙ බඹරෙක් මල නොතලා රොන් ගන්නවා වගේ මිනිස්සුන්ගෙන් බදු එකතු කරන්න ඕන කියලා.


News Articles
Latest Videos
Most Popular Post