News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

තරංග ලාහෝර් යන්න බෑ කියයි. කුසල් ජනිත්ට නායකකම හිමිවෙයි?

5160 Views


තරංග ලාහෝර් යන්න බෑ කියයි. කුසල් ජනිත්ට නායකකම හිමිවෙයි?

පාකිස්තානය එක්ක තියෙන අවසන් T20 තරඟය ගැන ලොකු අර්බුදයක් ඇතිවෙලා තියෙන්නේ. ඒ ලංකාවේ සමහර ක්‍රීඩකයෝ පාකිස්ථානයට යන්න බෑ කියපු නිසා. මේ නිසා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ට කියලා තිබ්බේ ලාහෝර් යන්න කැමති ය විතරක් T 20 සංචිතයට ඇතුලත් කරනවා කියලයි. කොහොම වුනත් අපිට ආරංචි වුන විදියට නම් උපුල් තරංග ලාහෝර් යන්න කැමති වෙලා නෑ. ඒ නිසා ඔහුව T 20 සංචිතයට ඇතුලත් කරන එකක් නෑ කියලා තමයි විශ්වාසවන්ත ආරංචි මාර්ග කියන්නෙ.

හැබැයි කුසල් ජනිත්, තිසර පෙරේරා, ඉසුරු උදාන, අශාන් ප්‍රියන්ජන් සහ ඩිල්ශාන් මුණවීර ලාහෝර් යන්න කැමති වෙලා තියෙනවා කියලයි අපිට ආරංචි උනේ. ඒ නිසා ඔවුන්ව අනිවාර්යෙන්ම T 20 සංචිතයට ඇතුලත් කරාවි. ඒ වගේම කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට බාර ගන්න කියලත් ක්‍රිකට් බලධාරීන් ආරාධනාවක් කරා කියලා බොහෝම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපිට දැනගන්න ලැබුණා.


News Articles
Latest Videos
Most Popular Post