News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

X-Files අලුත්ම කතා මාලාව එන දවස මෙන්න.

1821 Views


X-Files අලුත්ම කතා මාලාව එන දවස මෙන්න.

ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වුන X-Files කතා මාලාව විකාශය ආරම්භ වුනේ 1993 දී. රහස් පරීක්ෂක කතා වලට කැමැත්තක් දක්වන ගොඩ දෙනක්ගේ කැමතිම කතා මාලාවක් වුනේ මේ කතා මාලාව. ඉතින් X-Files කතා මාලාව මේ වෙද්දී අවුරුදු 13 ක් පුරාවට විකාශය වුනා. X-Files කතා මාලාවේ අලුත්ම තොරතුරක් අන්තර්ජාලයෙන් වාර්තා වෙනවා. ඒ තමයි මේ කතා මාලාවේ 11වෙනි කොටස 2018 අවුරුද්දේ එළිදැක්වීමට නියමිතයි කියලා එහි නිෂ්පාදකයින් වන FOX සමාගම පවසනවා. මේ අලුත්ම කතා මාලාව කොටස් 10 කින් සමන්විතයි කියලා තමයි ඔවුන් කියන්නේ.

2018 අවුරුද්දේදී විකාශය වීමට නියමිත X-Files 11 වන කතාමාලාවේ පූර්ව ප්‍රචාරණ වීඩියෝව මේ වෙනකොට අන්තර්ජාලයට එක්කර තිබෙනවා. මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ, මුල් කතාවේ ඉඳලම X-Files කතා මාලාවේ ප්‍රධාන චරිත කරපු Gillian Anderson හා David Duchovny. මේ වෙනකොට David Duchovny 57 වන වියේ පසුවන අතර Gillian Anderson වයස අවුරුදු 50 ක් වෙනවා.

X-Files 11 වන කතාමාලාවේ පූර්ව ප්‍රචාරණ වීඩියෝව පහතින්…

https://www.youtube.com/watch?v=IRdrt8nPyy8


News Articles
Latest Videos
Most Popular Post