අද උදේ වෙද්දී මුළු බුකියම ආයිත් කැළඹිලා. ඒ රහල් අල්විස් මහා දවාලේ, මහ පාර මැද සුරූපී තරුණියකට පහර දෙන CCTV දර්ශණ පෙළක් නිසා. ඊයේ මධ්‍යම රාත්‍රියේ siyatha24.info@gmail.com, සියත 24 අපගේ නිල විද්‍යුත් ලිපිනය වෙතත් එම දර්ශණ පෙළ ඇතුලත් ඡායාරුප පෙළ ලැබී තිබුණා.
පහල තියෙන්නේ ඒ ඡායාරුප. පේන විදිහට කතාව ඇත්ත. කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක මෝටර් රථයක් අසල ඉන්න සුරූපී තරුණියකටයි රහල් බෙල්ලෙන් අල්ලලා පහර දෙන්නේ. නිතරම කුකුල් කේන්ති කාරයෙක් විදිහටයි මුළු ලංකාවම රහල් අල්විස්ව හඳුන්වන්නේ. ඒ පහුගිය ගං වතුර සමයේදී සජීවී රූපවාහිනී වැඩසටහනක් අතර තුර තරුණියක් ඇසූ ප්‍රශ්නයකට කේන්ති ගිහින් ඇයට බැන වැදුණු නිසයි. ඉතින් ආයිත් රහල්ට කේන්ති ගිහින් මේ පහර දීම සිදු වෙන්න ඇති කියලයි සමාජ මාධ්‍ය කතා වෙන්නේ.
ඒ කොහොම වුනත් පහුගිය දවසක සියත FM හි විකාශය වන Talk of the town විශේෂාංගය එක්ක කතා බහකට එකතු වුනු වෙලාවේ රහල් කිවුවේ මේ ටිකේ ගමේ පන්සල හදන වැඩ වලට සහය දෙනවා කියලයි. ඉතින් හැමෝම කිවුවේ රහල්ගේ කේන්තියත් දැන් ටික ටික අඩුවෙයි කියලයි.
එහෙම වටපිටාවක එක පාරටම share වෙන මේ දර්ශණ ඇත්තම ඒවාද නැත්තනම් සංස්කරණය කරපු ඒවාද කියන සැකය සියත 24 අපිට තියෙනවා. ඒ නිසා අද අලුයම සිටම මේ පිළිබඳව රහල්ගේ පාර්ශවයෙන් කරුණු විමසන්න අපි ඔහුගේ 077XXXXXXX දුරකථන අංකයට ඇමතුවද ඒ උත්සාහය ව්‍යර්ථ වුනේ ඊට කිසිවෙකුත් ප්‍රතිචාර නොදැක්වූ නිසයි.
කොහොම වුනත් මේ ඡායාරුප පිලිබඳ සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමට සියත 24 කණ්ඩායම යුහුසුළුව කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ආරංචියක් ලැබුණු ගමන් ඒ ගැන ඔබට කියන්න අපි සුදානම්.