News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

“ක්‍රීඩාංගණය ලෑස්ති කරන්න. ශ්‍රී ලංකාව ලාහෝර් එන එක ස්ථිරයි.” – පාකිස්තාන ක්‍රිකට් සභාපති කියයි.

2581 Views


“ක්‍රීඩාංගණය ලෑස්ති කරන්න. ශ්‍රී ලංකාව ලාහෝර් එන එක ස්ථිරයි.” – පාකිස්තාන ක්‍රිකට් සභාපති කියයි.

පාකිස්ථාන කණඩායම ලාහෝර් යනවද? නැද්ද? අද මැච් එක දිනනවට වඩා වැදගත් ප්‍රශ්නය ඒක. හැබැයි මැච් එක පටන් ගන්න කලින්ම ඒකට උත්තරයක් ලැබුණා. පාකිස්ථාන ක්‍රිකට් සභාපති එහේ මාධ්‍යට ප්‍රකාශයක් කරලා තිබ්බා. ඔහු කියලා තිබුනේ ඔක්තෝම්බර් 29 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනිවාර්යෙන්ම ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පන්දුවාර 20 තරඟයට සහභාගී වෙනවා කියලයි. පාකිස්තාන ක්‍රිකට් සභාපති ඒ ස්ථිර ප්‍රකාශය කරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට පොරොන්දුවක් දුන්න නිසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන විදියට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පාකිස්තානයට කියලා තියෙන්නෙ ඔක්තෝම්බර් 29 තරඟයට ගඩාෆි ක්‍රීඩාංගනය ලෑස්ති කරන්න ඉතුරු ටික අපි බලා ගන්නම් කියලා. දැන් ඉතිං ක්‍රීඩකයින්ට අකමැත්තෙන් වුනත් ලාහෝර් යන්න වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post