News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

වැරදීමකින් බැංකු ගිණුමට වැටුන ලක්ෂ 24 ආපහු බැංකුවටම දුන්න බොරැල්ලේ කාන්තාව මෙන්න.

2886 Views


වැරදීමකින් බැංකු ගිණුමට වැටුන ලක්ෂ 24 ආපහු බැංකුවටම දුන්න බොරැල්ලේ කාන්තාව මෙන්න.

බැංකුවලින් මුදල් වංචා කරන එක දැන් අපේ රටේ සාමාන්‍ය සිදුවීමක් වෙලා. හැබැයි ඒ අතරේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක් අපිට අහන්න ලැබුණා. අද කාලයේ ලක්ෂ විස්සක් වැරදිලා හම්බුන කෙනෙක් ආයෙත් ඒක අයිතිකාරයට දේවිද ? ලක්ෂ විස්සක් නෙවෙයි රුපියල් 20 ක් වත් අද කාලේ නම් දෙන්නෙ නෑ. හැබැයි තමන්ගේ බැංකු පොතට වැරදිලා වැටුන ලක්ෂ 24 ක් මුදලක් ආපහු බැංකුවටම දීපු කාන්තාවක් ගැන අහන්න ලැබුණා.

එස්. ඒ. ප්‍රේමලතා මහත්මිය තමයි මේ විදියට තමන්ගේ බැංකු ගිණුමට වැරදිලා එකතුවෙලා තිබුණ ලක්ෂ 20 ක් මුදල බැංකුවටම දීලා තියෙන්නෙ. ඒ වගේම ඇය අවුරුදු 40 ක් විතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාන්තා නියාමකවරියක ලෙස කටයුතු කර තිබෙනවා.

තමන්ගේ බැංකු ගිණුමට නොසිතූ මොහොතක එකතු වුන මේ මුදල ගැන ඇය දැනගෙන තියෙන්නෙ දුරකතනයට ආපු කෙටි පණිවිඩයකින්.

මුලින්ම ලක්ෂ 12 ක මුදලක් තම බැංකු ගිණුමට එකතු වෙලා තියෙනවා. මේ ගැන අහන්න බැංකුවට යන්න සූදානම් වන වෙලාවේ ඇයගේ බැංකු ගිණුමට තවත් ලක්ෂ 12 ක් බැර වෙලා තියෙනවා. පස්සේ බැංකුවට ආපු ඇය එහි කළමණාකරු හමුවෙලා තමන්ගේ බැංකු ගිණුමේ ශේෂය ගැන අහලා තියෙනවා. ඒ වෙලාවේ තමයි බැංකුවත් දැනගෙන තියෙන්නේ වැරදිලා ලක්ෂ 24 ක් ඇයගේ ගිණුමට බැරවෙලා කියලා.

පස්සේ බැංකුවේ අයකැමි නිලධාරිනියක් කැදවා බැලුවම තමයි හොයාගෙන තියෙන්නෙ වෙන කෙනෙක්ගේ ගිණුමට බැර වෙන්න ඕන මුදල් වැරදීමකින් අයගේ ගිණුමට බැර වෙලා කියලා. කොහොම වුනත් එම කාන්තාව බැංකුවට ඇවිත් අහනකම්ම බැංකු නිළධාරීන් මේ ගැන දැනගෙන ඉදලත් නෑ.

මේ උතුම් ක්‍රියාවක් ගැන බොරැල්ල ලංකා බැංකු ශාඛාවේ කළමනාකරු ඇයට ඇගයීම් ලිපියක් දීලා තියෙනවා. හති වැටෙනකම් සල්ලි පස්සේ දුවන මිනිස්සු ඉන්න රටක මේ වගේ උතුම් මිනිස්සු ඉන්න එක ගැන අපිට රටක් විදියට සතුටු වෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post