News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

අද ඥාතීන් සමඟ ගැටුම් ඇතිවිය හැකි දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1797 Views


අද ඥාතීන් සමඟ ගැටුම් ඇතිවිය හැකි දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

 

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 17 අඟහරුවාදා

රාහු කාලය: ප.ව 02.55 සිට 04.25

සුභ දිශාව: නැගෙනහිර

මරු සිටින දිශාව: බස්නාහිර

මේෂ ලග්නය

තාක්ෂණික කටයුතු වල සන්නිවේදන කටයුතු වල නීතිමය කටයුතු වලත් පරිපාලනමය කටයුතු වලත් පැහැදිලි වෙනසක් අපේක්ෂා කරන්න පුළුවන්. සියුම් බාධාකාරී තත්ව තිබුණානම් ඒවා යටපත් වෙනවා. ආවේගශීලි ප්‍රතිපත්ති අනුගමනය කරනවා. මානසික කලකිරීම් කීපයක් දවස පුරාම ඇති වෙනවා. උදෑසන කාල පරිච්චේදයට සාපේක්ෂව සවස් කාල පරිච්චේදය වාසනාවන්ත වෙනවා. ජවසම්පන්න කටයුතු ක්‍රිඩාශීලි කටයුතු වලටත් ඉතාමත්ම යෝග්‍යයි. ආර්ථික කළමනාකාරිත්වය යහපත් මට්ටමක පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 04

වෘෂභ ලග්නය

අධ්‍යාපනික කටයුතු ආදී දේවල් වලට ඉතාමත්ම යහපත්. මානසික මට්ටම ඉතා උසස් මට්ටමක පවතිනවා. කලාකාමී කටයුතු දියුණු වෙනවා. සමාජ ආශ්‍රය වර්ධනය වෙනවා. අන් අයගේ ආකර්ෂණය දියුණු වෙනවා. විවාහ බාධා තිබුණානම් ඒවා දුරුකර ගත හැකි වෙනවා. සතුරු කරදර තිබුණානම් ඒවා යටපත් වෙනවා. සුරතල් සතුන් පිළිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් දක්වනවා. වික්‍රමාන්විත ලීලාවෙන් කටයුතු කිරීමේ හැකියාව වාසනාව පවතිනවා.

ජය වර්ණය: රන්වන් පැහැය                       ජය අංකය: 07

 

මිථුන ලග්නය

රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා වැනි කටයුතු වලට ඉතාමත්ම යහපත්. කලාකාමී කටයුතු දියුණු වෙනවා. සංචාරක කටයුතු මුල්‍ය පරිපාලන කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. සුළු මුදලක් ආයෝජනය කරලා වැඩි ලාභ ලබා ගන්න සිතන ආයෝජන වලටත් ඉතාමත්ම යහපත්. නිවාස අලංකරණ කටයුතු රුපලාවන්‍ය කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. කොන්ද තුනටිය ආශ්‍රිත සියුම් රෝග තත්ව ඇතිවීමේ අවධානමක් ඇති වෙනවා. ආමාශගත රෝග තත්ව ඇතිවිය හැකියි.

ජය වර්ණය: ලා දම් පැහැය                       ජය අංකය: 09

කටක ලග්නය

ගේදොර ඉදිකිරීම් සම්බන්ධව වෙනදට වඩා වැඩි උනන්දුවක් පවතිනවා. තමන්ගේ ආහාර ගැනීම පවා ගෘහාශ්‍රිතව සිදු කරන්න ඔබ කැමති වෙනවා. මව්දෙමව්පියන් සමග පවතින සම්බන්ධතාවය ඉතා උසස් මට්ටමක පවතිනවා. දූදරුවන්ගේ කටයුතු වලටත් යම් ආකාරයක කාලයක් මිඩංගු කරන්න සිදු වේවි. අධ්‍යාපනික කටයුතු වල පසුගාමී තත්වයක් ඇති වුනත් සමාජ සේවා කටයුතු වල තරගකාරි කටයුතු වල දියුණුවක් අපේක්ෂා කරන්න හැකි වෙනවා. කෙටි ගමන් බිමන් කීපයක් යෙදෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය කටයුතු කීපයක් මග හැරෙනවා.

ජය වර්ණය: ලා රතු පැහැය                       ජය අංකය: 03

 

සිංහ ලග්නය

වික්‍රමාන්විත ලීලාවෙන් කටයුතු කිරීමේ හැකියාව ඉතාමත්ම යහපත්. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලටත් ඉතාමත්ම යහපත්. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු ලේකම්ධුර වැනි කටයුතු වල උසස්වීම් අපේක්ෂා කල හැකියි. නිතර අත්සන බාවිත කරන්න සිදු වෙනවා. ඉහල නිලධාරීන් සමග කරන ගණුදෙනු කිරීම් වලින් යම් දියුණුවක් අපේක්ෂා කල හැකියි. කලාකාමී කටයුතු වල නිරත වෙලා ඉන්න අයට නම් තරමක් කල්පනාකාරී විය යුතුයි. වියදම් පාර්ශවය ඉහල යනවා. ලැබීම යහපත් මට්ටමක පැවතුණත් ආදායම් සහ වියදම් පරිපාලනය කරන්න අපහසු වෙනවා. ආහාර මාර්ග ආශ්‍රිත හට ගන්නා රෝග හේතු කරගෙන උදරගත රෝග වගේම හිසේ බර ගතිය වැනි රෝග ඇතිවිය හැකියි. ස්නායු ගත රෝග තත්වයකින් පිඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 03

 

 

කන්‍යා ලග්නය

ගණිත මිණිත කටයුතු දියුණු වෙනවා. ආදායම වියදම පිළිබදව සැලකිල්ලක් සහිතව ඔබ වියදම් කරනවා. පියපස ඥාතීන් සමග ගනුදෙනු ඉහල යනවා. දුර බැහැර ඥාතීන් ඔබව සොයාගෙන එනවා. ඔබගේ අදහස් අන් අය පිළිගන්නවා. ඔබගේ වචන වලට අන් අය වසග වෙනවා. ප්‍රේමනීය සබදතා ශක්තිමත් වෙනවා. කලාකාමී කටයුතු දියුණු වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලින් ලාභ ලබන්න පුළුවන්.

ජය වර්ණය: විසිතුරු පැහැය                        ජය අංකය: 08

තුලා ලග්නය

රාජ්‍ය අර්ධ රාජ්‍ය කටයුතු වලට යෝග්‍යයි. පරිපාලන කටයුතු වර්ධනය කරනවා. ඉහල නිලධාරීන් සමග ගණුදෙනු යහපත් මට්ටමකට පවත්වා ගෙන යන්න පුළුවන්. උසස් නිලතල පවා ලැබිය හැකියි. දුරබැහැර ගමන් යන්න සිදු වෙනවා. ඒ නිසා තමන්ගේ අත්‍යවශ්‍ය කටයුතු කල් දැමීමට සිදු වෙනවා. කලාකාමී කටයුතු වල නිරත වෙලා ඉන්න අයට රෝග තත්ව වලින් පීඩා ඇති වීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව ගැටළු ඇති වෙනවා. යාන වාහන ආශ්‍රිත කටයුතු යම් ආකාරයක දෝෂ වලට ලක් වෙනවා. ගමන් බිමන් යාමේදී ඔබගේ ආරක්ෂාව වගේම අන් අයගේ ආරක්ෂාව පිළිබදවත් වැඩි වශයෙන් අවධානය යොමු කරන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                   ජය අංකය: 09

 

වෘශ්චික ලග්නය

 

අතගහන වැඩ කටයුතු වලට පුංචි පුංචි බාධාකාරී තත්ව පවතිනවා. නමුත් ඔබගේ පෞරුෂය සහ හැකියාව ඉහල මට්ටමක පවතිනවා. ජවසම්පන්නව කටයුතු ආරම්භ කරන්න. පියපස ඥාතීන් සමග විරෝධතා ඇති වෙනවා. වාසස්ථාන වෙනස්වීම් පිළිබදව ඉගි පළවෙනවා. වෘත්තිමය කටයුතු වලත් යම් ආකාරයක වෙනස් වීමක් ඇති වෙනවා. අධික කාර්යබහුලතාවක් ඇති වෙනවා. භාෂාව ආගම වෙනස් අයගෙන් උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. සෙම් සහිත රෝග වලින් ඇතිවන පීඩා පිලිබදව අවධානය යොමු කරන්න.

ජය වර්ණය: ලා නිල් පැහැය                       ජය අංකය: 08

ධනු ලග්නය

අතගහන බොහෝ කටයුතු හොදින් හෝ නරකින් අවසන් කරන්න උනන්දුව දක්වනවා. ඔබට එරෙහි වන සතුරු බාධක කොහොම හෝ යටපත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමේ ඉඩකඩක් පවතිනවා. සියුම් කටයුතු රහසිගතව සැලසුම් කිරීමේ හැකියාවක් පවතින දවසක්. ඔබ තරමක දැඩි තීන්දු තීරණ ගන්නවා. සමාජයට යහපත් පෙනුමකින් පෙනී සිටින්න උත්සහ කරනවා. දෙබඩි චරිතයක් ඔබ තුලින් විද්‍යමාන වෙනවා. කල්පනාකාරී වන්න.

ජය වර්ණය: විසිතුරු පැහැය                       ජය අංකය: 02

 

මකර ලග්නය

ලිපිලේඛන ආශ්‍රිත ගනුදෙනු බහුල වෙනවා. මුද්‍රණය සන්නිවේදනය ආශ්‍රිත කටයුතු වලටත් අද දවස යහපත්. ගල් වැලි සිමෙන්ති වැනි දේවල් අලෙවි කිරීම් වලදී නම් තරමක් කල්පනාකාරී වෙන්න. ලේ ධාතුව වැනි රෝග වලින් යම් යම් බාධා ඇති වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලටත් සැකය මුල් වෙලා ගැටළු ඇති වෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 09

 

කුම්භ ලග්නය

පිය පස ඥාතීන්ගේ උදව් උපකාර වැඩි වීමක් පෙන්නුම් කරනවා. ගේදොර ඉඩකඩම් මිලදී ගැනීම් සම්බන්ධ කටයුතු වලට ඉතාමත්ම යහපත්. අන්‍ය ආදායම් මාර්ග පිලිබදව වෙනදට වඩා වැඩි අවධානයක් යොමු වෙනවා. කායික ශක්තිය ඉහල නංවා ගැනීමේ හැකියාව පවතිනවා. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. අලුත් අලුත් දේවල් මිලදී ගන්න ගෞරවය නම්බුව ඉහල යන දිනයක්. රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා කටයුතු ඉතාමත්ම යහපත්. රාජ්‍ය ගෞරවයන් පවා හිමි වෙන්න පුළුවන්. ඉහල නිලධාරීන් සමග කරන ගණුදෙනු කිරීම් වලදී යහපතක් උදා වෙනවා.

ජය වර්ණය: ලා දම් පැහැය                        ජය අංකය: 03

මීන ලග්නය

කරන කියන කටයුතු වලදී වතාවක් නොවේ දස වතාවක් කල්පනා කරන්න. අවධානම් සහිත ගමන් යන්න එපා. පියපස ඥාතීන් සමග ඉහල නිලධාරීන් සමග ගැටුම් ඇති වෙනවා. කායික ශක්තිය මානසික ශක්තිය වර්ධනය වෙනවා. දවස අවසානයේ චිත්ත පිඩා ඇතිවිය හැකියි. සොර සතුරන්ගෙන් පවා පිඩාවට පත් වෙනවා. දුර බැහැර ගමන් වලින් පිඩාවට පත් වෙන්න පුළුවන්.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 03

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353

 


News Articles
Latest Videos
Most Popular Post