කාන්තාවන්ට වාසය කිරිමට ලොව අනතුරුදායකම නගරය විදියට ඊජිප්තුවේ කයිරෝ නගරය නම් කරලා තියෙනවා. ඒ තොරතුරු අනාවරණය වෙලා තියෙන්නෙ ලෝකය පුරා ප‍්‍රධාන නගර 19 ක කාන්තාවන් දස ලක්ෂයක් යොදාගෙන කරපු සමීක්ෂණයකට අනුවයි. නගරය තුළ සිදුවන හිරිහැර වද හිංසාවලින් බේරිලා ඉන්න තමන්ට කොච්චර ආරක්ෂාවක් හිමිවෙලා තියෙනවද කියලා එහිදී කාන්තාවන්ගෙන් අහලා තියෙනවා. ඊජිප්තුවේ කයිරෝ නගරයේ කාන්තාවන්ට ඇති ආරක්ෂාව ඉතා අවම බවයි සමීක්ෂකයෝ පෙන්වා දෙන්නෙ. අතීතයේ ඉදන්ම කයිරෝ නගරයේ කාන්තාවන් පහත් කරලා සැලකීම සම්ප‍්‍රදායක්. කයිරෝ නුවර කාන්තාවන්ට මහා මාර්ගයේදී පවා හිරිහැර සිදුවන බවත්, අධ්‍යාපනයේදී මෙන්ම මිල මුදල් භාවිතා කරද්දීත් ඔවුන්ට සීමා රැසක් පනවලා තියෙනවා.
පාකිස්ථානයේ කරච්චි, කොංගෝ රාජ්‍යයේ කින්ශාසා මෙන්ම ඉන්දියාවේ දිල්ලි නගරය ද කාන්තාවන්ට ජීවත්වෙන්න නුසුදුසු නගර විදියටයි නම් කරලා තියෙන්නෙ. ඒ සමීක්ෂණයට අනුව, ලෝකයේ කාන්තාවන්ට වාසය කරන්න සුදුසුම නගරය එංගලන්තයේ ලන්ඩන් නගරය. ජපානයේ ටෝකියෝ සහ ප‍්‍රංශයේ පැරිස් නගරය කාන්තාවන්ට වාසය කරන්න සුදුසුම නගර අතරින් පිළිවෙලින් දෙවෙනි සහ තුන්වන ස්ථාන හිමිකරගෙන තියෙනවා.
සටහන – සිතාරා