පාකිස්තානය එක්ක තිබ්බ දෙවෙනි එක්දින තරඟයේදීත් අතට ගත්ත දේ කටට දාගන්න ලංකාවට බැරිවුනා. එ් ඉතා පහසු ඉලක්කයක් පෙනි පෙනී තරඟය පරාජය වෙන්න ලංකාවට සිද්ධ වුණා. ශේක් සයිඩ් පිටියේ පැවතුණ තරඟයේ කාසියේ වාසිය දිනා ගන්න සෆ්‍රාස් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා.
ලංකාවේ පන්දු යවන්නන් පාකිස්තානයේ මුල් පෙල සහ මැද පෙල ඉතා ඉක්මනට ක්‍රීඩාගාරයට යවන්න සමත්වුණා. ෆාකර් ලකුණු 11 යි. ෂෙසාඩ් සහ හෆීස් ලකුණු 8 බැගින් ලබා ගත්තා. ෂොයිබ් මලික් ලකුණු 11 යි. නායක සෆ්‍රාස් ලකුණු 5 කට දැවී ගියා. පාකිස්තානයේ මුල් කඩුලු 6 ම ලකුණු 101 වෙද්දි බිඳවැටුණා. එ්ත් ඊට පස්සේ පිටියේ එක්වුන බාබර් අසාම් සහ ෂාඩබ් ඛාන්ගේ ලකුණු 109 ක සබඳතාව පාකිස්තානය ජය මාවතට අරගෙන අාවා පළවෙනි තරඟයේ මෙන්ම දෙවෙනි තරඟයේදී පාකිස්තාන කණ්ඩායමේ නැංගුරම වෙන්න බාබර් අසාම් සමත්වුණා. ඔහුට අනඟි සහයක් දුන්න ෂාදාබ් මංගල එක්දින ශතකය ලබා ගත්තා. ඔහු ලකුණු 52 යි.
පාකිස්තානයේ කඩුලු දඩයමේ යෙදුන ලහිරු ගමගේ කඩුලු 4 ක් දවා ගත්තා. තිසර පෙරේරා කඩුලු 2 යි. ලක්මාල් සහ වැන්ඩර්සි එක කඩුල්ල බැගින් ලබා ගත්තා. පන්දු වාර 50 අවසන් වෙද්දි පාකිස්තානය කඩුලු 9 ක් දැවී ලකුණු 219 ක් ලබා ගෙන හිටියා. එ් නිසා ලංකාවට ලැබුණේ ඉතා පහසු ලකුණු 220 ක ඉලක්කයක්.
එ් වුනත් ලංකාවේ පළවෙනි කඩුලු 7 ලකුණු 93 ක් වෙද්දි බිඳවැටුණා. කුසල් මෙන්ඩිස් ලකුණු 10 යි. තිරිමාන්න ලකුණු 12 කට දැවී ගියා. 8 වෙනි කඩුල්ල සදහා තරංග සහ වැන්ඩර්සෙ ලකුණු 76 ක සබඳතාවක් ගොඩනැගුවා. වැන්ඩර්සෙ ලකුණු 22 යි. සියලුම ක්‍රීඩකයන් එකා පිට එකා දැවී යද්දි එක අන්තයක තනි වුන නායක තරංග නොදැවී ලකුණු 112ක් ලබා ගත්තා. එ් හතරේ පහර 14 ක් එක්ක. තරංගගේ ශතකය නොවෙන්න ලංකාවට තවත් නින්දා සහගත පරාජයක් අත්වෙනවා. ලංකාවේ කඩුලු 10 ම පන්දුවාර 48 ක් වෙද්දී බිද වැටුණා. එ් ලකුණු 187 කට.
ෂාඩබ් ඛාන් කඩුලු 3 ක් දවා ගත්තා. ජුනයිඩ් ඛාන්, රායීස්, හසන් අලී, හෆීස් සහ ෂොයිබ් මලික් එක කඩුල්ල බැගින් ලබා ගත්තා. තරඟයේ වීරයා වුනේ ෂදාබ් ඛාන්. කොහොම වුනත් පරාජයේ වලෙන් ගොඩඑන්න තිබ්බ පහසු අවස්ථාවක් නැති කර ගත්තා. හැබැයි තවත් තරඟ 3 ක් ඉතිරි වෙලා තියෙනවා ලංකාවට පරාජයේ අවනම්බුවෙන් ගැලවෙන්න.