News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

අද ලග්න දෙකක් ලෙඩ රෝග වලින් පරිස්සම් වෙන්න. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

2378 Views


අද  ලග්න දෙකක් ලෙඩ රෝග වලින් පරිස්සම් වෙන්න. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

 

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 18 බදාදා

රාහු කාලය: පෙ.ව 11.55 සිට 01.25

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: නිරිත

මේෂ ලග්නය

තරමක විඩාබර ගති ලක්ෂණ ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. ශරීර සෞඛ්‍ය නිවැරදිව පවත්වා ගන්න ඔබේ වැඩි කැමැත්තක් දක්වනවා. බොහෝ සතුටුජනක ආරංචි ඔබට අහන්න දකින්න සිදු වෙනවා. කලාකාමී කටයුතු වලට සන්නිවේදන කටයුතු වලට තාක්ෂණය මිශ්‍ර වුණු කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. කෙටි ගමන් බිමන් යන්න ආරාධනා ලැබෙනවා. එවැනි ගමන් බිමන් සදහා යහපත් යාන වාහන පවා හිමිවන දවසක්. හවුලේ කරන සෑම කටයුත්තකින්ම බොහෝ වාසනාව උදා වෙනවා. යාලු හිතමිත්‍රාදීන්ගේ උදව් උපකාර නොඅඩුව ලැබෙනවා.

ජය වර්ණය: ලා දම් පැහැය              ජය අංකය: 08

වෘෂභ ලග්නය

කලාකාමී කටයුතු අධ්‍යාපනික කටයුතු ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගන්නාවූ කටයුතු වලට තරගකාරි කටයුතු වලට ක්‍රිඩා කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. ආගමනුකුල කටයුතු වලින් යම් දියුණුවක් අපේක්ෂා කිරීමේ හැකියාව පෙන්නුම් කරනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 06

 

මිථුන ලග්නය

ඔබගේ හැකියාවන් වඩාත් වර්ධනය වන දවසක්. තමන්ගේ ඥාතීන් තමන්ගේ හැකියාවන් දක්ෂතාවන් දැකලා ඒවා දියුණු කරගන්න මහන්සියෙන් වගකීමෙන් කටයුතු කරනවා. කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ව ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. කල්පනාවෙන් කටයුතු කල යුතුයි. ඔබ වාඩිවන විට පවා නිවැරදි ඉරියව් භාවිතා කිරීමට ප්‍රවේසම් වන්න. අධ්‍යාපනික කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. ඔබේ උගත් කමට සරිලන ආකාරයෙන් වැටුප් වර්ධක වුවත් වැඩි විය හැකියි.

ජය වර්ණය: විසිතුරු පැහැය                      ජය අංකය: 08

කටක ලග්නය

තද කැමැත්තකින් කරන සෑම කටයුත්තක්ම බොහොම පහසුවෙන් සාර්ථක වෙනවා. පියපස ඥාතීන්ගේ උදව් උපකාර තමන්ගේ ගෘහාශ්‍රිත පරිසරය ශක්තිමත් කර ගැනීමේ පෙරනිමිති පහල වෙලා පවතිනවා. අධ්‍යාපනික කටයුතු වලට පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති වුනත් තරගකාරි කටයුතු වලින් බොහොම පහසුවෙන් ජයග්‍රහණ ලැබිය හැකියි. අන් අය සමග මිත්‍ර ලීලාවෙන් කටයුතු කරන්න ඔබ වැඩි වශයෙන් උනන්දුවක් දක්වනවා. හවුල් ව්‍යාපාර කටයුතු පිලිබදව නම් මන්දගාමී පසුගාමී ස්වභාවයක් ඇති වෙනවා. විශාල ණය මුදලක් ඔබ ලබාගෙන තියෙනවානම් තරමක් කල්පනාකාරී වෙන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                   ජය අංකය: 03

 

සිංහ ලග්නය

තරමක් වියදම් පාර්ශවය ඉහල යාවි. දකින දකින දේ මිලදී ගන්න ඔබ ආස කරනවා. කලාකාමී කටයුතු වලට ඔබ මුදල් විය පැහැදම් කරනවා. අන් අයගේ සතුට උදෙසා ඔබ කාලය මිඩංගු කරනවා. යුග ජීවිතය ආශ්‍රිතව සියුම් සතුටක් නිර්මාණය වන දවසක්. ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු කිරීම් සුභ වෙනවා. අන් අය සමග මිශ්‍ර වෙලා කරන සෑම කටයුත්තකින්ම සහෝදර ඥාතීන්ගේ කටයුතු වලින් පවා ජයග්‍රහණයක් අත්කර ගත හැකියි. අලුත් අලුත් දේවල් මිලදී ගන්න ඉතාමත්ම යෝග්‍යයි. අතහැරලා දාල තිබුන කටයුතු යලි ආරම්භ කරන්න පුළුවන්. වගා ක්ෂේත්‍ර කටයුතු වලින් පවා දියුණුවක් උදා වෙනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 07

 

 

කන්‍යා ලග්නය

අන් අයගේ ආකර්ෂණය ඉතාමත්ම පහසුවෙන් දිනා ගත හැකියි. ප්‍රමාද වුණු කටයුතු බොහොමයක් අලුතෙන් ආරම්භ කරන්න ඒ කටයුතු සාර්ථක කරගන්න ඉඩකඩ පවතිනවා. කල්පනාකාරීව කටයුතු කලොත් අලුත් ආයෝජන වලට පවා සිත යොමු වෙනවා. අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් පවා ජය ලැබෙනවා. ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු කිරීම් බහුල වෙනවා. පොත්පත් ග්‍රන්ථකරණය මුද්‍රණය වැනි කටයුතු වලටත් ඉතාමත්ම යෝග්‍යයි.

ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය                        ජය අංකය: 06

තුලා ලග්නය

ඥාන ශක්තිය වර්ධනය වෙනවා. අලුත් ආයෝජන පිළිබදව සිත යොමු වෙනවා. පරිපාලන ගැටළුකාරී ස්වභාව අවම කරගත හැකි වෙනවා. අන් අයට උදව් උපකාර කරන්න නිතරම මහන්සි වෙලා කටයුතු කරනවා. ශල්‍යකර්ම වැනි තත්ව ඇති වීමේ ඉඩකඩක් පවතින නිසා කල්පනාකාරී වන්න. ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු කිරීම් බහුල වෙනවා. රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා කටයුතු වලින් පවා ජයග්‍රහණ හිමි වෙනවා. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව වගේම ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි.

ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය                       ජය අංකය: 06

 

වෘශ්චික ලග්නය

 

වියදමේ ප්‍රමාණයට ලැබීමක් හේතුකර ගෙන ආර්ථිකය යම් ප්‍රමාණයකට හිර වීමක් පෙන්නුම් කරනවා. ක්‍රමානුකුලව මේ තත්වය අවම කර ගැනීමේ හැකියාව පවතිනවා. කල්පනාකාරීව කටයුතු සම්පාදනය කරගන්න. මුල්‍ය පරිපාලන කටයුතු තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු විදේශගත සම්බන්ධතා මුලික කරගෙන කරන්නා වූ ව්‍යාපාරික කටයුතු වලින් පවා බොහෝ ජයග්‍රහණ හිමි වෙනවා. අලුත්වැඩියා කිරීම් වැනි වෘත්තීන් වල නිරත වෙලා ඉන්න අයගේ කටයුතුත් පහසුවෙන් සාර්ථකත්වයට පත්කර ගත හැකියි. පපුව කොන්ද ආශ්‍රිතව රෝග ඇතිවිය හැකියි.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 08

ධනු ලග්නය

කලාකාමී කටයුතු වගේම සමාජය තුල ඔබගේ ආකර්ෂණය ඉතා උසස් මට්ටමකට පත්කර ගත හැකියි. අන් අය ඔබට නිරන්තරයෙන්ම උදව් උපකාර කරනවා. අතගහලා තිබුන සෑම කටයුත්තක්ම සාර්ථක කරනවා. ආගමානුකූල සිතුවිලි පවා වර්ධනය වන දිනයක්.

ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය                        ජය අංකය: 06

 

මකර ලග්නය

විදේශගත වීමේ බලාපොරොත්තු තිබුණානම් ඒවා ඉටු කරගත හැකි වෙනවා. යාලු හිතමිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මුද්‍රණය පොත්පත් අලෙවි කිරීම උපකාරක පන්ති පැවැත්වීම ආදී කටයුතු වලින් බොහෝ ධන ශක්තිය වර්ධනය කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. සමාජය තුල ඔබ පිලිබදව කතිකාවක් ගොඩ නැගෙනවා. ඒ නිසා ඔබගේ ආකර්ෂණය වර්ධනය කරගත හැකි වෙනවා.

ජය වර්ණය: ලා රතු පැහැය                        ජය අංකය: 03

 

කුම්භ ලග්නය

රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා ආශ්‍රිතව කටයුතු කරන අයගේ එවැනි කටයුතු දියුණු කරගන්න පුළුවන්. භූගත සම්පත් වලින් යම් ආකාරයක ආදායම් මාර්ගයක් උත්පාදනය කරගෙන ඉන්න කෙනෙක් නම් එවැනි කටයුතු දියුණු කරගන්නවා. විශ්වය තුල යම් ආකාරයක ශක්තියක් නිර්මාණය කර ගත හැකි වෙනවා. චිත්ත පීඩා මානසික අසහනකාරී තත්ව ඇතිවිය හැකියි. ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු කිරීම් සන්නිවේදනය වැනි කටයුතු වලින් මුල්‍ය පරිපාලනය වැනි කටයුතු වලින් වාණිජ ගණුදෙනු වලින් යහපතක් උදා වෙනවා. අන් අයට උදව් උපකාර කිරීම් බේත්හේත් ආදී කටයුතු වලින් පවා ජයග්‍රහණ අත්කර ගන්න පුළුවන්.

ජය වර්ණය: ලා දළු පැහැය                        ජය අංකය: 07

මීන ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති වෙනවා. සමාජය තුල ඔබ පිලිබදව කතිකාවතක් ගොඩ නැගෙනවා. ඔබගේ උදව් උපකාර අපේක්ෂාවෙන් බොහෝ පීරිස් ඔබ සොයා ගෙන එනවා. විශාල ව්‍යාපෘති ආරම්භ කිරීමට යහපත්. කොන්ත්‍රාත් සේවා වැවිලි ආශ්‍රිත කටයුතු වලින් වගේම මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලටත් ඉතාමත්ම යෝග්‍යයි. තරඟකාරී කටයුතු වල පවා ජයග්‍රහණ හිමි වෙනවා.

ජය වර්ණය: රන්වන් පැහැය                      ජය අංකය: 03

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post