News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

නිදාගෙන හිටිය රාවණා අැහැරිලා. ළඟට යන්නේ බලාගෙන. ලොකු විනාශයක් වෙන්න පුළුවන්.

6468 Views


නිදාගෙන හිටිය රාවණා අැහැරිලා. ළඟට යන්නේ බලාගෙන. ලොකු විනාශයක් වෙන්න පුළුවන්.

රාවණා කියන්නේ ලෝකයේම ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ පුරාවෘතයක්. හැබැයි රාවණා කියලා රජෙක් ලෝකයම පාලනය කරමින් ලංකාවේ හිටියා කියලා සාක්ෂි හමුවුන වෙලාවලුත් තියෙනවා. ඉතිහාසයේ සඳහන් වෙන විදියට රාම රාවණා යුද්ධයේදී සිහිමුර්ජා වුන රාවණා දීර්ඝ නින්දකට පස්සෙ අායෙත් නැගිටිනවා.

රාවණා අායෙත් අැහැරිලා කියලා අපිට අහන්න ලැබුණා. එ් නිසා අපි එ් ගැන හොයලා බැලුවා. කතාව අැත්ත. රාවණාට අායෙත් පණ ලැබිලා. හැබැයි මේ පණ ලැබිලා තියෙන්නෙ රාවණා රජතුමාට නම් නෙවෙයි. සුන්දර රාවණා දිය අැල්ලට. පහුගිය කාලයේ තිබ්බ පෑවිල්ල එක්ක රාවණා අැල්ල හිඳිලා තිබ්බෙ. එ්ත් මේ දවස්වල අැද හැලුන වැස්ස නිසා රාවණා අැල්ලට අායෙත් පණ ලැබිලා. අැල්ල වැල්ලවාය පාරේ තියෙන රාවණා අැල්ලේ ජල මට්ටම තවත් ඉහළ යන්න පුළුවන් කියලයි බදුල්ල දිස්ත්‍රික් අාපදා කළමණාකරන එ්කකය කියන්නෙ.

හතර වටේම පෙණ විසුරුවලා ඇද හැලෙන රාවණා බලන්න මේ දවස් වල ගොඩක් අය එනවා. එ් එන සමහරු ඡායාරූප ගන්නයි, නාන්නයි අැල්ල උඩට යනවා. එ් වගේ වෙලාවන එකපාරටම දිය අැල්ලේ වතුර මට්ටම වැඩි වුනොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන්. එ් නිසා දුරට වෙලා සුන්දරත්වය විදිනවා නම් ඔබට වගේම සුන්දර රාවණා අැල්ලටත් හොදයි.


News Articles
Latest Videos
Most Popular Post