ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්වරු දෙන්නෙක් විදියට තමයි සංගා මහේල හදුන්වන්නේ. ඒ ක්‍රීඩා පිටියේදීත් ඉන් එළියෙදීත් ඔවුන්ගේ මහත්මා ගතිගුණ නිසා. හැම වෙලේම ක්‍රිකට් ගැන ඔවුන් දෙන්නා කාන්තාව ගැන දක්වලා තිබ්බා. ඒ කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය අවසන් කිරීමේ අවශ්‍යතාව ගැන පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී. පාසල් ළමයින් 100 කට වැඩි පිරිසක් දැනුවත් කරන්න අධ්‍යාපන අමාත්‍යාංශය වැඩසටහන සංවිධානය කරලා තිබුණා.
පිරිමි අයට වගේම කාන්තාවන්ටත් තමන්ට කැමති විදියේ ඇඳුම් පැළඳුම් අඳින්න නිදහසක් තියෙන්න ඕන කියලයි කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන කියන්නෙ. කාන්තාවන්ගේ ඇඳුම පැළඳුම හා හැසිරීම ඔවුන් හිංසනයට ලක්වෙන්න හේතුවක් වන්නේ දැයි පාසල් සිසුවෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඒකට සංගා හොඳ උත්තරයක් දුන්නා. “පිරිමියෙක් වුනාම පුළුවන් වෙන්න ඕනේ, කාන්තාවක්ව නිරුවතින් පාරේ ගියත් අපේ මනස යහපත් ලෙස හදාගන්න, හැම වෙලාවෙම කියන්නේ මේක කාන්තාවගේ වරද කියලා. එයා ඇන්දේ මෙහෙමයි. එයා අපි දිහා බැලුවේ මෙහෙමයි. ඒක අපේ ඔක්කොම පිරිමින්ගේ තියෙන නිදහසට කාරණාවක්. ඒක අපි අයින් කර ගත යුතුයි.” කියලයි සංගා කිව්වේ.
ඒ ප්‍රශ්නයටම මහේල ජයවර්ධන කිව්වෙ කෙනෙකු අඳින ඇඳුමෙන් හරි බාහිර ස්වරූපයෙන් හරි ඔවුන් ගැන විනිශ්චය කරන එක හොඳ වැඩක් නෙවෙයි කියලයි. තව දුරටත් අදහස් දක්වපු මහේල කිව්වේ “ලසිත් මාලිංග, කොන්ඩේ පාට කරලා, කරාබුවක් දාලා හිටියා කියලා එයා ඇවිල්ල මැරයෙක්වත් චන්ඩියෙක් නෙවෙයි. හොඳ අධ්‍යාපනයක් තියෙන හොඳ දැනුමක් තියෙන කෙනෙක්.” කියලයි. ශ්‍රී ලංකා පාසල් සංයුතියේ මිශ්‍ර පාසල් අඩුයි කියලත්, සහෝදරියක් පවුලේ නැති වුනාම පිරිමි දරුවන්ට ගැහැණු ළමුන් ගැන වැඩි අවබෝධයක් නොලැබෙනවා කියලත් මහේල එහිදී කිව්වා.
කොහොම වුනත් මේ වැඩසටහනේදී සංගා සහ මහේල කතා කරපු දේවල් වලින් තේරුණේ ඔවුන් දෙන්නා ක්‍රිකට් වගේම සමාජය ගැනත් හොද දැනුමක් තියෙන පරිණත නායකයෝ දෙන්නෙක් කියලා.