News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

ශ්‍රී ලංකාවට එරෙහිව, මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවීම ගැන සැකයක්. – ICC පරීක්ෂණ ඇරඹේ. – Exclusive

2085 Views


ශ්‍රී ලංකාවට එරෙහිව, මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවීම ගැන සැකයක්. – ICC පරීක්ෂණ ඇරඹේ. – Exclusive

පකිස්තානයේ තුන් ඉරියවු ක්‍රීඩක මොහොමඩ් හෆීස් ගැන ICC ය විශේෂ පරීක්ෂණයක් පවත් වන්න තීරණය කරලා. ඒ මේ දිනවල අබුඩාබි දේශයේ පැවැත් වෙන ශ්‍රී ලංකා පාකිස්ථාන එක්දින තරගාවලිය අතරතුර මොහොමඩ් හෆිස්ගේ පන්දු යැවීමේ ඉරියවුව ගැන සැකයක් ඇති වුණු නිසා. ඉදිරි දවස් 14 ඇතුලත හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියවු පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා වාර්තාවක් ඉදිරිපත් කරන්නයි ICC එක අද තීරණය කරේ.

හැබැයි ඒ වාර්තාව එනකං හෆීස්ට පන්දු යවන්න පුලුවන් කියලයි සියත 24 වෙත ආරංචි වුනේ. මේ වෙද්දී එක්දින තරග 193 කදී දඟ පන්දු යවන්නෙක් ලෙස කඩුලු 136ක් බිඳ හෙලන්න හෆීස් සමත් වෙලා තියෙනවා. මිට පෙර 2014-2015 කාල වකවානුවේදීත් හෆීස්ගේ පන්දු යැවීම ගැන සැක මතුවෙලා ICC ය පරීක්ෂණ පැවැත්වුවත් එවර හෆීස් ඉන් සමත් වුනා.


News Articles
Latest Videos
Most Popular Post