News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

ක‍්‍රිකට් සෙල්ලම් කරන්නේ කොහොමද කියල පාකිස්තානය, ලංකාවට උගන්නපු හැටි…

2020 Views


ක‍්‍රිකට් සෙල්ලම් කරන්නේ කොහොමද කියල පාකිස්තානය, ලංකාවට උගන්නපු හැටි…

තුන්වන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තෙ තරංග. මුලින්ම පන්දුවට පහරදුන්න ලංකාව ලකුණු 208 ට සීමා වුනා. තරංග සහ දික්වැල්ල පළවෙනි කඩුල්ලට ලකුණු 59 ක සබඳතාවක් ගොඩනැගුවා. දික්වැල්ල ලකුණු 18 යි. චන්දිමාල් ලකුණු 19 යි. ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වුන නායක තරංග ලකුණු 61 යි. එ් හතරේ පහර 5 ක් එක්ක. තිරිමාන්න ලකුණු 28 යි. 9 වෙනි කඩුල්ලට තිසර සහ චමීර ලකුණු 42 ක් රැස් කරා. ලංකාවේ නම්බුව බේරා ගැනීමේ සටනක් දුන්න තිසර වේගවත් ලකුණු 38 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර 5 ක් අැතුලත්.

ලංකාවේ පිතිකරුවන් දණගස්සපු හසන් අලී කඩුලු 5 ක් දවා ගත්තා. ෂදාබ් ඛාන් කඩුලු 2 යි. පාකිස්තානයට ලකුණු 209 ක පහසු ඉලක්කයක් ලැබුණා.

ඉමාම් සහ ෆාකර් පළවෙනි කඩුල්ලට ලකුණු 78 ක සබඳතාවක් ගොඩනැගුවා. ෆාකර් ලකුණු 29 යි. බාබර් අසාම් ලකුණු 30 කට දැවී ගියා. සිය මංගල තරඟයට ක්‍රීඩා කල ඉමාම්-උල්-හක් පාකිස්තාන කණ්ඩායමේ නැංගුරම වුනා. ඔහු ලබා ගත්ත මංගල ශතකය වාර්තා අතරට ගියේ මංගල ඉනිමේදී පාකිස්තාන ක්‍රීඩකයෙක් රැස් කරපු දෙවෙනි වැඩිම ලකුණු සංඛ්‍යාව විදියට. ලංකාවේ පන්දු යවන්නන්ට එලව එලවා පහර දුන්න ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ 6 පහර 2 ක් අැතුලත් වුනා. හෆීස් නොදැවී ලකුණු 34 යි.

පාකිස්තානයේ බිදවැටුණු කඩුලු 3 ගමගේ, වැන්ඩර්සෙ සහ තිසර අතරේ බෙදී ගියා. කොහොම වුනත් පාකිස්තානය ඕවර් 42 යි පන්දු 3 කදී ඉලක්කය සපුරා ගන්න සමත්වුණා. එ් කඩුලු 7 ක ජයක් වාර්තා කරලා. එ්ත් එක්කම තරඟාවලියේ ජයග්‍රහණය කරන්නත් පාකිස්තානුවන් සමත් වුනා. තරඟයේ වීරයා වුනේ ඉමාම් උල් හක්.

තරඟ 5 කින් සමන්විත ශ්‍රී ලංකා, පාකිස්තාන එක්දින තරඟාවලියේ තවත් ඉතිරි වෙලා තියෙන්නෙ තරඟ 2 ක් විතරයි. ලංකාවට එ් තරඟ දෙකවත් දිනන්න පුළුවන් වුනොත් යන්තම් හරි අවනම්බුවෙන් ගැලවෙන්න පුළුවන් වේවි.


News Articles
Latest Videos
Most Popular Post