News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
20

ලංකාව දෙලොවක් අතර. පිතිකරුවන්ගේ පාරාදීසය පන්දු යවන්නන් ආක්‍රමණය කරයි.

1660 Views


ලංකාව දෙලොවක් අතර. පිතිකරුවන්ගේ පාරාදීසය පන්දු යවන්නන් ආක්‍රමණය කරයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර 4 වෙනි එක්දින තරඟය සාජා ක්‍රීඩාංගණයේදී අාරම්භ වුනා. පළවෙනි තරඟ 3 ම පරාජය වුන නිසා ලංකාව අද තරඟයට ප්‍රවේගකාරී පිතිකරුවන් දෙදෙනෙක් කැදවලා තිබ්බා. එ් සදීර සමරවික්‍රම සහ සීක්කුගේ ප්‍රසන්න. හැබැයි අදත් ලංකාව සැලසුම් කර විදියට සාර්ථක වෙන්න බැරි වුනා.

කාසියේ වාසියේ දිනා ගත්ත තරංග මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. පළමු තරඟ තුනේම ලංකාවේ වැඩිම ලකුණු ලාබියා වුන තරංග අද ලකුණු නොලබා දැවී ගියා. වේගවත් පිතිහරඹයක නිරත වුන දික්වැල්ල ලකුණු 22 යි. එ් හතරේ පහර 3 ක් සහ එක් හයේ පහරක්ද අැතුලත්ව. චන්දිමාල් ලකුණු 16 යි. මංගල එක්දින තරඟයට ක්‍රීඩා කරන සදීර පළවෙනි පන්දුවෙන් දැවී ගියා. මිලින්ද ලකුණු 13 යි. සීක්කුගේට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 5 ක් විතරයි. ලංකාවේ සාර්ථකම සබදතාවය වුනේ තිරිමාන්න සහ රැස් කරපු ලකුණු 43. අකිල ලකුණු 18 යි. ලංකාවේ වැඩිම ලකුණු ලාබියා වුන තිරිමාන්න ලකුණු 62 ක් ලබා ගත්තා. එ් හතරේ පහර 4 ක් සමගින්. සුරංග.ලක්මාල් හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 23 ක් රැස් කරා.

ලංකාවේ පිතිකරුවන් අසරණ කරපු පාකිස්තාන පන්දු යවන්නම් ලංකාවේ ඉනිම ලකුණු 173 කට සීමා කරා. හසන් අලී කඩුලු 3 යි. ඉමාඩ් වසීම් සහ ෂදාබ් ඛාන් කඩුලු 2 බැගින් ලබා ගත්තා. පන්දු ඕවර 43 යි පන්දු 4 ක් වෙද්දී ශ්‍රී ලංකා ඉනිම නිමා වුනා. පාකිස්තානයට ලැබිලා තියෙන්නෙ ලකුණු 174 ක ඉතා පහසුම ඉලක්කයක්. පාකිස්ථාන ඉනිම මේ වෙද්දී පටන් අරන් තියෙන්නෙ. ඒ කොහොම වුනත් ලංකාවට ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තියා ගන්න නම් විශාල වෙහෙසක් දරන්න වේවි.


News Articles
Latest Videos
Most Popular Post