News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
20

අයවැයෙන් අඩු, වැඩි වෙන දේවල් ගැන අගමැතිගෙන් ඉඟියක්…

1582 Views


අයවැයෙන් අඩු, වැඩි වෙන දේවල් ගැන අගමැතිගෙන් ඉඟියක්…

2018 අවුරුද්දට රජය ඉදිරිපත් කරන අයවැය කවදද එන්නේ කියල තමයි අපේ රටේ ගොඩක් දෙනෙක් බලන් ඉන්නේ. මොකද පහුගිය දවසක ආරංචියක් ගියා මේ පාර අයවැයෙන් වාහන වල මිල වගේම තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල අඩු කරන්න යනවා කියලා. ඉතින් ඔන්න මේ පාර අයවැය ගැන පොඩි ඉඟියක් අගමැතිතුමා අද හෙළි කළා. එතුමා කියන විදිහට 2018 අයවැය ලේඛනය නිසා බස්නාහිරට සීමා වෙලා තිබුණු සංවර්ධනය රටේ වෙනත් ප්‍රදේශවලට බෙදීයෑමට කටයුතු කරනවා. අගමැතිතුමා මේ ගැන කිව්වේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරමින්.

“හැකියාවෙන්, දක්‍ෂතාවයෙන් හා ශක්තියෙන් ඉදිරියට යා හැකි අය, අයවැය මගින් දිරිමත් කරනවා. එසේ නොහැකි දුර්වල අයට අයවැය මගින් අතදෙනවා.”

මෙය මුළු මහත් සමාජයම ඉහළ තලයකට ඔසවා තබන අභියෝගාත්මක ගමනක්. 2025 වනවිට මුළු රටම පොහොසත් කරවන සැලැසුමක්. ශ්‍රී ලංකාව යළිත් ඉන්දීය සාගරයේ ආර්ථික හා වෙළෙඳ කේන්ද්‍රස්ථානය ලෙසට පත් කරවීමේ වෑයමක්.” කියල තමයි අගමැතිතුමා මෙහිදි කිව්වේ.

අගමැතිතුමා පැහැදිලි කරපු විදිහට පහත කරුණු ගැන වැඩි අවධානයක් මේ පාර අයවැය හදනකොට සලකා බලනවා.

1. තුන් අවුරුදු ආර්ථික ප්‍රතිලාභ වැඩසටහන යටතේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5,000 දක්වා වැඩි කිරීම.
2. රැකියා දස ලක්‍ෂයක් උත්පාදනය කිරීම.
3. වාර්ෂික ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම.
4. වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 20 දක්වා වැඩි කරගැනීම.


News Articles
Latest Videos
Most Popular Post