News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
20

එක දිගට පරාද වුණු වරදට, ශ්‍රී ලංකා පුහුණුකරු ප්‍රසිද්ධියේම ක්‍රීඩකයන්ගේ කනට ගහයි.

2177 Views


එක දිගට පරාද වුණු වරදට, ශ්‍රී ලංකා පුහුණුකරු ප්‍රසිද්ධියේම ක්‍රීඩකයන්ගේ කනට ගහයි.

එක දිගට 10 වෙනි පරාජයත් පෙරේදා ලංකාවට ලැබුණා. මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පරාජයන් ලබද්දී වැඩියෙන්ම බැනුම් අහන කෙනෙක් විදිහට කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් හඳුන්වන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ මෙතෙක් කලක් සද්ද නැතුව හිටපු පොතාස් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කනේ පහරක් ගැහුවා. ඒ වචන වලින්.

“ඇත්තටම මම ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ මේ කණ්ඩායම ගැන. අපි කණ්ඩායමේ හැමෝම එක්ක මේ පරදින රටාව වෙනස් කරගන්න එක ගැන කතා කරලා තියනවා. අපි දැක්කා ටෙස්ට් තරඟාවලියේ කණ්ඩායමක් විදියට හොඳ සටන්කාමී ක්‍රීඩා රටාවක්, හැබැයි අවාසනාවට මේ එක්දින තරඟාවලියේ අපිට ඒ විදියට කණ්ඩායමක් විදියට එකතු වෙලා සටනක් දෙන්න බැරි වුනා. ඒක තමයි පරදින්න හේතුව. අපි මොන වගේ සැලසුම් හැදුවත් මට නම් විශ්වාසයක් නෑ, මේ කණ්ඩායමේ කී දෙනෙක් ලෝක කුසලානය වෙනුවෙන් සුදානම් ද කියල.”

අන්තිම එක්දින තරඟ අටේ දීම ශ්‍රී ලංකා කණ්ඩායම අඩුම තරමේ ලකුණු 250 සීමාවටවත් ලගා වෙන්න බැරි වුනා.

“අපි පුහුණු කඳවුරු ගණනාවක් තියල තියනවා,ඒ වගේම සාකච්චා වට කීපයක්ම තියල තියනවා.අඩුම ගානේ මේ කඩයිම පහුකරන්න වත් බෑනේ මේ හාදයන්ට. මම දැන් කාලෙක ඉඳල එකම වරද දකින්නේ කවදද මේක හැදෙන්නේ. මොනවා හරි ලොකු වෙනසක් නැතුව මේක හරියන්නේ නෑ. අනික මේක අමාරු තණතිල්ලක් නෙවෙයි. ලකුණු 208 කට දැවී යනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. පාකිස්තානේ පන්දු යවන්නෝ දක්ෂයි කියන දේ ඇත්ත. එහෙම වුනා කියල සටනක් දෙන්නේ නැතුව මේ විදියට පසුබාන එකනම් අනුමත කරන්න බෑ. පහුගිය කාලේ අපි පුහුණු කරුවෝ විදියට හැමදාම බැනුම් ඇහුව. අපිට පුළුවන් හැම දේම අපි දීල තියෙන්නේ. මම හිතන්නේ සටනක් දීල ඒ සටන දිනලා අවසන් කරනවා කියන තැනට එනකම් මේක හරි යන්නේ නෑ. මමත් මේ හැමදාම වෙන එකම වැරදි එක්ක කලකිරිලා ඉන්නේ.”


News Articles
Latest Videos
Most Popular Post