ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර 4 වන එක්දින තරඟය මීට සුළු මොහොතකට කලින් ආරම්භ වුනා.. කාසියේ වාසිය දිනා ගත්ත තරංග මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ලංකාව පළවෙනි තරඟ තුනම පැරදුණ නිසා ගොඩක් අය බැන්නෙ පිතිකරුවන්ට. ඒ වේගයෙන් ලකුණු රැස් කරන්නේ නෑ කියලා. ඒ නිසා අද තරඟයෙදී ලංකාව කැපී පෙනෙන වෙනස්කම් 2 ක් මේ තරඟයේදී කරලා තියෙනවා.
එ් තමයි ලංකාවේ සුපිරි ප්‍රහාරකයින් දෙන්නෙක් කණ්ඩායමට කැඳවලා තියෙනවා. එක්කෙනෙක් තමයි ලංකාවේ කෝඩුකාර ලකුණු මැෂිම සදීර සමරවික්‍රම අද ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලබා ගත්තා. එ් වගේ ලංකාවේ නොසිතන වෙලාවේදී තරඟ දිනවන්නා සීක්කුගේ ප්‍රසන්නත් අද තරඟයේ ක්‍රීඩා කරනවා. ක්‍රිකට් විචාරකයින් නම් කියන්නෙ අද ලංකාවෙන් ප්‍රවේගකාරී ඉනිමක් බලා ගන්න පුළුවන් කියලයි. කොහොම වුනත් අපි බලමු සදීරට සහ සික්කුගේට ලංකාව වැටිලා ඉන්න පරාජයෙන් ගොඩ ගන්න පුළුවන් වෙයිද කියලා.