News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

ජයග්‍රහණය අද නොවේ හෙට. ලංකාවේ බාලගිරි දෝෂයට 4 වෙනි එක්දින තරඟයත් අහුවෙයි.

1868 Views


ජයග්‍රහණය අද නොවේ හෙට. ලංකාවේ බාලගිරි දෝෂයට 4 වෙනි එක්දින තරඟයත් අහුවෙයි.

ශ්‍රී ලංකාව පිට පිටම 11 වෙනි පරාජයේ අමිහිරියාවත් ඊයේ අත් වින්දා. එ් පාකිස්තානය එක්ක තිබුණ 4 වෙනි එක්දිත තරඟය කඩුලු 7 කින් පරාජය වෙලා. එත් එක්කම ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන ලොකු ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරා.

කාසියේ වාසිය දිනා ගත්ත තරංග මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. තරංග ලකුණු නොලබාම දැවී ගියා. වේගයෙන් ලකුණු රැස් කරන්න ගිය දික්වැල්ල ලකුණු 22 කට දැවී ගියා. ඔහුගේ ඉනිමට හතරේ පහර 3 ක් සහ එක් හයේ පහරක් අැතුලත් වුනා. චන්දිමාල් ලකුණු 16 යි. මංගල එක්දින තරඟයට සහභාගී වුන සදීර ලකුණු නොලබාම ක්‍රීඩාගාරය වෙත ගියා. මංගල එක්දින තරඟයේදී ලකුණු නොලබාම දැවී ගිය 21 වෙනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා විදියට ඔහු වාර්තා අතරට ගියා. එ් වගේම මංගල එක්දින තරඟයේදී දෙවෙනි පන්දුවේදීම දැවී ගිය 7 වෙනි ශ්‍රී ලාංකික පිතිකරුවාත් ඔහුයි. මිලින්ද ලකුණු 13 යි. ලංකාවේ වැඩිම ලකුණු ලාබියා වුන තිරිමාන්න ලකුණු 62 ක් රැස් කරා. එ් හතරේ පහර 4 ක්ද සමඟින්. සුරංග ලක්මාල් නොදැවී ලකුණු 23 යි. පිතිකරුවන්ගේ පාරාදීසයේදී ලංකාවේ පිතිකරුවන්ව ලකුණු 173 කට සීමා කරන්න පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුනා.

ලංකාවේ පිතිකරුවන් 3 දෙනෙක්ව දඩයම් කරන්න හසන් අලීට පුළුවන් වුනා. ඉමාඩ් වසීම් සහ ෂදාබ් ඛාන් කඩුලු 2 බැගින් ලබා ගත්තා. ජුනයිඩ් සහ උස්මාන් එක කඩුල්ලයි.

ලකුණු 177 ක ඉතාම පහසු ඉලක්කයක් හඹා යන්න පිටිය අාපු පාකිස්තානයේ පළවෙනි කඩුල්ල ලකුණු 12 කට බිඳ වැටුණා. එ් ඉමාම් උල් හක් ලකුණු 2 කට. ෆාාකර් සමාන් ලකුණු 17 යි. මොහොමඩ් හෆීස් ලකුණු 9 කට දැවී ගියා. ඊට පස්සේ පිටියේ එක්වුන බාබර් අසාම් සහ ෂොයිබ් මලික් පාකිස්තානය ජයග්‍රහණය වෙත කැදවාගෙන ගියා. පාකිස්තානයේ තරඟ දිනවන්නා වුන බාබර් නොදැවී ලකුණු 69 යි. එ් හතරේ පහර 5 ක් සමඟින්. ලංකාවේ පන්දු යවන්නන්ට එලවා එලවා පහර දුන්න ෂොයිබ් මලික් නොදැවී ලකුණු 69 යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් අැතුලත් වුනා. ඕවර් 39 ක් වෙද්දී පාකිස්තානය ජයග්‍රහණයේ ඉලක්කය සපුරා ගත්තා.

ලහිරු ගමගේ, අකිල ධනංජය සහ සීක්කුගේ ප්‍රසන්න එක කඩුල්ල බැගින් ලබා ගත්තා. සුපුරුදු පරිදි මේ තරඟයේත් වීරයා වුනේ බාබර් අසාම්. පිටි පිටම තරඟ 11 ක් පැරදුණ ලංකාවට දැන්නම් තමන්ගේ වැරැද්ද මෝකක්ද කියලා හිතලා බලන්න වෙනවා. මොකද මේ තරඟාවලිය පුරාම ඔවුන් ක්‍රීඩා කරේ හරියට පාසල් කණ්ඩායමක් වගේ. ලංකාවට තව එක අවස්ථාවක් මේ තරඟාවලියේ ඉතිරි වෙලා තියෙනවා. අපි බලමු අඩුම තරමේ එ් අවස්තාවෙන් වත් ඔවුන් ප්‍රයෝජනයක් ගනීවිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post